saravita-anim2

2025 ජුලි මස 01 වන අඟහරුවාදා

2025 ජුලි මස 01 වන අඟහරුවාදා

Latest News - timelapse 2553 hours ago

LATEST

ඇමති රොෂාන්ගේ වාහන පසුපස පොලීසිය පන්නයි

calendar_today 2023 නොවැ 24 - 16:00 remove_red_eye - 5959  

ක්‍රිඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට අයත් දඹුල්ල යුරෝ නිපෝන් නැමැති පෞද්ගලික වාහන අංගනයේ තිබුණු රුපියල් කෝටි දෙකක් පමණ වටිනා කමකින් යුතු ලෑන්ඩ් කෘෂර් වර්ගයේ ජීප් රථයක් වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන 23 දින දඹුල්ල පොලිසියට භාරදී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාත සිවු වැනි වරටත් පහත හෙළිම මෙරට ධන ආර්ථිකයක් කරා යාමේ මග විවර කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Read More

අපනයන ආර්ථිකයක් කරා යන ගමනේදී නව අපනයන ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයා දීමට රජය සූදානම් – ජනපති අවධාරණය කරයි.

Read More

සෙවනගල ග්‍රාමීය රෝහලේ ස්ථානභාර ප්‍රධාන වෛද්‍යවරයා වන ගෝනපීනුවල විතානගේ චාමින්ද විතානගේ මහතාගේ නිල නිවසේ ජලටැංකියට වස මිශ්‍රකළ එම රෝහලේ සාත්තු සේවකයෙකුට මිනීමැරීමේ චෝදනාව යටතේ වසර 10 කින් ගෙවීයන පරිදි වසර 20 සිරදඬුවම් සහ අගතියට පත් නිල නිවසේ සිටි සිව්දෙනා වෙනුවෙන් එක් අයෙකුට රුපියල් පන්දහස බැගින් රුපියල් විසිදහසක දඩයක් ඉකුත් (21) වෙනිදා පැවති නඩු විභාගයේදී ඇඹිලිපිටිය පළාත් බද මහඅධිකරණ විනිසුරු බුද්ධික ශ්‍රී රාගල මහතා විසින් නියමකරනු ලැබුවේය.

Read More

ශ්‍රී ලංකාවේ මාසයක අදායම රුපියල් බිලියන 215ක් බවත් මාසික වියදම රුපියල් බිලියන 383ක් බවත් අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි. ඒ අනුව මාසයක රටට ඇති හිඟය රුපියල් බිලියන 168ක් බවද ඔහු පැවැසීය.

Read More

දිවයිනට බලපා තිබූ වැසි සහිත කාලගුණ තත්ත්වයේ අඩුවිමක් අද දිනයේද බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

2023 වසරේ ඔක්තෝබර් මාසයේ ජනපතිවරණයක් පැවැතියේ නම් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සියයට 51ක ප්‍රතිශතයක් ලබමින් එහි ඉදිරියෙන් පසුවන බව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය කියයි.

Read More

මාර්ග සංවර්ධන අධිකාරියේ මුදල් අයකැමිවරුන් ඇතුළු සියලුම සේවකයන් රාජකාරී කටයුතුවලින් ඉවත් වු පෙරේදා (22) අධිවේගී මාර්ගයෙන් රුපියල් මිලියන 21 ක ආදායමක් ලැබී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල් වි එස් වීරකෝන් මහතා පැවැසීය.

Read More

කාන්තාවන් සඳහා උපතේදී ආයු අපේක්ෂාව අවුරුදු 80ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් සාමාන්‍ය අවුරුදු 76/77ත් බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.

Read More

අතුරුගිරිය ස.තො.ස වෙළඳ සැලේ බඩු රාක්කයේ සිට මුදල් ගෙවීමේ කවුන්ටරය ලඟට එද්දී තත්පර කීපයක් තුල පැකට් කරන ලද දුඹුරු සීනි කිලෝවක මිල රුපියල් 35 කින් ඉහල යෑමේ සිද්ධියක් දකින්නට ලැබිණි .

Read More

තන්තිරිමලය කලුවිල ප්‍රදේශය පුද්ගලයකු තම බෝග වගා වටා ඇද තිබූ විදුලි වැටක වැදී, විදුලි සැර වැදී අද ( 23දා) දළ ඇතකු ජීවිතක්ෂයට පත්ව ඇති බව තන්තිරිමලය පොලිසිය පවසයි.

Read More

ජල මට්ටම ඉහළ යාම නිසා සමනලවැව ජලාශයේ කෘෂිකර්මික කටයුතු වලට ජලය සැපයෙන කෘෂිකාර්මික දොරටු පමණක් අද 23 දින පස්වරුවේ විවෘත කිරීමට පියවර ගත් බව ජලාශ ප්‍රධාන ඉංජිනේරු කාර්යාලය පැවසීය.

Read More

කොහුවල ප්‍රදේශයේ ඉන්ධන හලක් හදිසි පරීක්ෂාවට ලක් කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හදිසි වැටලීම් ඒකකයේ විමර්ශන නිලධාරීන් අද (23දා) දින කටයුතු කළේය.

Read More

උඩවලව ජලාශයේ වාන් දොරටු පහක් මේ වන විට විවෘත කර ඇති බව ජලාශය භාර නිලධාරීන් පවසයි. ඒ අනුව තුන්වන දොරටුව අඩි දෙකක්ද අනෙක් දොරටු දෙක අඩිය බැගින්ද විවෘත කර තිබේ. ඉන් තත්ත්පරයට ඝන අඩි 13650 බැගින් ජලය මුදා හරින බව උඩවලව ජලාශය භාර ඉංජිනේරුවන් පවසයි.

Read More

පසුගිය 21 වැනිදා පාර්ලිමේන්තුවේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ විමර්ශනයක් පවත්වා තමා වෙත පමණක් වරද පටවා දඩුවම් කිරිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් තමන්ගේ වරප්‍රසාද උල්ලංගනය වී ඇතැයි සති දෙකක කාලයක් පාර්ලිමේන්තුව තහනම් වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසයි.

Read More

අබුඩාබි ටී ටෙන් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශ්‍රි ලංකාවේ පන්දු යවන්නන් පස් දෙනෙකුට අහිමි වී තිබේ. ඒ අනුව මතීෂ පතිරණ, වනිඳු හසරංග හා ළහිරු කුමාරට ආබාධ හේතුවෙන් තරගාවලිය අහිමි වී තිබේ. එසේම ඩිල්ෂාන් මධුශංක හා දුෂ්මන්ත චමීරද එම තරගාවලියට එක්වීමට නියමිතව තිබුණත් ඔවුන් දෙදෙනාට තරගාවලියට එක්නොවන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උපදෙස් දී තිබේ.

Read More

මාසයයි සති තුනක් වයසැති බිළිදෙකු හදිසියේ ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන් ප්‍රතිකාර සදහා තලවතුගොඩ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමට යාමේදී මියගොස් ඇති බව මිරිහාන මූලස්ථාන පොලීසිය පවසයි.

Read More

අධිවේගී මාර්ග ජාලය පෞද්ගලිකකරණය කිරීමට පිඹුරුපත් සැකසීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඊයේ (22) පෙරවරු 7 සිට වෘත්තීය සමිති 26 ක් ඒකාබද්ධව ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය පැය දොළහකට පමණ පසු ඊයේ (22) රාත්‍රී 7 නිමා කෙරිණි

Read More

උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර අංක 24දරණ දුම්රිය බිංගෙය අසලදී විශාල ගල්පර්වත සහ හාලිඇල උඩුවර දුම්රිය ස්ථාන අතර සැතපුම් 176/78 කනුව අසලදී විශාල පස්කන්දක් සමඟ ගල්පර්වත කඩා වැටී බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා සිදුවීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (23) කොළඹ සිට නානුඔය දක්වා පමණක් ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .

Read More

කඳුකර ප්‍රදේශයට අදහන නම් ධාරානිපාත වර්ෂාවත් සමඟ මේ වනවිට සියලු ජලාශ වාන් දමමින් පවතී .

Read More

2022-2023 මහ කන්නයේ අස්වැන්න මත සහල් මෙට්‍රික් ටොන් ලක්‍ෂ 03ක පමණ අතිරික්තයක් රට තුළ පවතින බවත්, ඒ අනුව ඉදිරියේදී සහල් ආනයනය අවශ්‍ය නොවන බවත් කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22දා) පැවති සාකච්ඡාවකදී අනාවරණය වී තිබේ.

Read More

මෙවර උසස් පෙළ විභාගය, ලබන ජනවාරි මස 04වැනිදා සිට 31වැනිදා දක්වා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරන බව සඳහන් කරයි.

Read More

හාලිඇල, උඩුවර, 6 කනුව, කැන්දගොල්ල පතන ප්‍රදේශයේ නිවසක් මතට අද (22දා) පස්වරුවේ පස්කන්දක් කඩා වැටීමෙන් ඊට යටවූ තරුණියන් දෙදෙනකු බේරාගෙන බදුල්ල මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය බව හාලිඇල පොලීසිය පවසයි .

Read More

මෙම ධුරකාලයෙන් අනතුරුව තමන් යළි ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් නොවන බවට ඉඟියක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පැවැසීය.

Read More

දිවයින පුරා දිසා අධිකරණ සහ මහෙස්ත්‍රාත් අධිකරණ වල සේවය කළ දිසා විනිසුරුවරුන් හා මහෙස්ත්‍රාත්වරුන් පනස්හතර දෙනෙකුට 2024 වර්ෂය සඳහා සේවා ස්ථාන මාරූ වීම් ලබාදී ඇතැයි අධිකරණ සේවා කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

උඩරට දුම්රිය මාර්ගයේ හපුතලේ දියතලාව දුම්රිය ස්ථාන අතරදි සහ අබේවෙල පට්ටිපොළ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (22) පස්වරුවේ පස්කදු කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට යලිත් බාධා සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .

Read More

ශ්‍රී ලංකාවෙ ක්‍රිකට් ක්‍රීඩාවට දේශපාලන බලපෑම් ඇති බවට සඳහන් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට යොමුකළ බව කියන ලිපි තුන සලකා බලන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

ඌව පළාත තුළ පිහිටි රජයේ පාසල් වල 01 වසරේ සිට 05 වසර දක්වා ඉගෙනුම ලබන දරුවන්ට එම පන්තියේම ගුරුවරුන්ට පාසල් වේලාවෙන් පසු සති අන්තයේ හෝ නිවාඩු දින වලදී මුදල් අයකරමින් පවත්වන උපකාරක පන්ති නතරකිරීමට ඌව පළාත් අධ්‍යාපන අමත්‍යංශය පියවරගෙන ඇත.

Read More

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද (22) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

Read More

මෝදර ධීවර වරාය අඩු මුදලකට පුද්ගලික සමාගමකට බදු දීමෙන් රජයට පාඩු කළ බවට හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහි අල්ලස් නඩුව 24 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතාට ඊයේ (22) තීරණය කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.