saravita-anim2

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා

Latest News - timelapse 2453 hours ago

LATEST

ගංවතුරේ විනෝද වෙන්න ගිය සිසුවා ජිවිතක්ෂයට

calendar_today 2024 ජුනි 06 - 10:25 remove_red_eye - 333  

බද්දේගම ගනේගම බටහිර ප්‍රදේශයේ ගංවතුරේ ටියුබ් එකක නැගී විනෝදවූ තරුණ කණ්ඩායමක සිටි පාසැල් සිසුවෙක් ජලයේ ගසාගෙන ගොස් ඊයේ (‍05) ජීවිතක්ෂයට පත්වී ඇතැයි බද්දේගම පොලීසිය පවසයි.

ඉදිරි ජනාධිපතිවරණ දේශපාලන මෙහෙයුම් කටයුතු සිදුකිරීම් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය දේශපාලන

Read More

ඉදිරි මාසයක කාලය තුළදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ 12,800ක් පුනුරුත්ථාපනය කිරීමට සැලසුම් කර තිබෙන බවත් ලක්ෂ පහකට ආසන්න පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී තිබෙන බවත්පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන්කළේය.

Read More

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය මැයි මස 28වන දින නිකුත් කරන ලද අලුත්ම වාර්තාවලට අනුව ලෝක ආහාර මිල ගණන් සැලකිය යුතු ආකාරයකට පසුගිය කාලයේ සිට පහළ ගොස් ඇත.

Read More

අද (06දා) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනිමට නියමිත විදුලිබල පනත් කෙටුම්පත පරාජයට පත් කිරීම රටට ආදරය කරන මහජන නියෝජිතයන්ගේ වගකීමක් බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය සඳහන් කරයි.

Read More

යෝජිත නව විදුලිබල පනත සහ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිගමනය කරන ලද සංශෝධන, පාර්ලිමේන්තුවේ බලශක්ති ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් අනුමත කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

Read More

වර්ෂාව සම්බන්ධයෙන් නිවැරදිම පුරෝකතන ලබා දීමට ඉතා නවීන රේඩාර් පද්ධති තිබුණානම් පසුගිය දිනවලදි මිලි මීටර් 400 ක් තරම් වර්ෂාවක් ඇද වැටෙන බව ප්‍රකාශ කරන්නට ඉඩ තිබූනු බවත් තමන් දන්නා තරමින් නවීන රේඩාර් පද්ධති මෙරට නොමැති බවත් භූ ගර්භ විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි. අද මහනුවරදි පැවති මාධ්‍ය හමුවකදි ඔහු මේ බව පැවැසීය.

Read More

කටුනායක ගුවන් තොටුපොළ තුළ ඇති රථ ගාල් තුළ රැදී සිටිමින් , ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් මගීන් රැගෙන එන විදේශීය මත්පැන් බෝතල් අඩු මිළට ලබා ගනිමින් සිටි ජාවාරම්කරුවෙකු , ඔහු විසින් මිළට ගත් රුපියල් ලක්ෂ 15 ක් පමණ වටිනා , මත්පැන් බෝතල් 107 ක් ද සමග 05/05 දින උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

ආර්ථික ඉලක්ක සපුරා ගන්නා අතර තුර 2040 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය ද සපුරා ගැනීමට ශ්‍රී ලංකාව කැපවී සිටිනවා කාබන් විමෝචනය ශුන්‍ය කිරීමේ ගෝලීය ඉලක්කය ජාතික ප්‍රතිපත්තියට ඇතුළත් කළ ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාවයි. දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේදී අඩු ආදයම්ලාභී රටවලට සහන ලබා ගැනීම වෙනුවෙන් ලොව දියුණු රටවලට බල කළ යුතුයි. යුක්‍රේන යුද්ධයට ඇමෙරිකාව සහ යුරෝපය මේ වසරේ යොදවා තිබෙන මුදල් දේශගුණික විපර්යාසවලට මුහුණදීමේ කටයුතු සඳහා වසර දෙකකට ප්‍

Read More

කොත්මලේ ගැරඩි ඇල්ලෙන් පහලට පැන සිය දිවි හානි කර ගැනිමට තැත් කරන ලද තරුණ යුවලක් බේරා ගැනිමට එම ප්‍රදේශයේ පිරිසක් පියවර ගෙන ඇත.

Read More

වැලිඔය කල්‍යාණපුර ප්‍රදේශයේ පදිංචි කුඩා දැරියකට අමානුෂිකව පහරදුන් කුකුල් චමින්ද නැමති ප්‍රධාන සැකකරු ඇතුලු 05 දෙනෙකු ජුනි මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට පදවිය මහෙස්ත්‍රාත් කසුන් කාංචන දසනයක මහතා අද (05) දින නියෝග කරනු ලැබීය.

Read More

කැලණිය විශ්ව විද්‍යාලයේ පුස්තකාලයේ හා සරුංගල් ගොඩනැගිල්ලේ තිබී ලැප්ටොප් පරිගණක තුනක් , ටැබ් එකක් හා ජංගම දුරකතන තුනක් සොරකම් කිරීම සම්බන්ධව අත් අඩංගුවට ගත් සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුවෙකු මේ මස 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට මහර වැඩ බලන මහේස්ත්‍රාත් විරේන්දා කනංකෙගේ මහත්මිය ඊයේ ( 04 වැනිදා ) නියම කරනු ලැබුවාය.

Read More

මිනිස් භාවිතයට නුසුදුසු ‘හියුමන් ඉමියුනොග්ලොබින්’ නමැති ස්නායු රෝගීන් සඳහා ලබාදෙන ප්‍රතිදේහ එන්නත මෙරටට ආනයනය කර ඇත්තේ ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය යටත්ව යැයි අභියාචනාධිකරණයට දැනුම් දුන් බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයට පත් කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ නීතීඥවරයා නීතියානුකූලව සියළු කටයුතු සිදු කර ඇති තම සේවාදායකයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් භාරයට පත් කිරීම නීති විරෝධී යැයිද අද (05) පැවසීය.

Read More

අනෙක් නායකයන් ධාවන සපත්තු සොයන විට තමන් පාවහන් දමාගෙන ගොස් ආණ්ඩුව භාරගත් බවත් දේශපාලනය අනුව නොව හැකියාව සහ විශ්වාසය මත කටයුතු කිරීම නිසා පසුගිය දෙවසර තුළ මෙරට ආර්ථිකය ඉදිරියට ගෙන ඒමට හැකි වු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

ඩුබායි හි සැගව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සහ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ජෝති රූබන් සහ සේදවත්තේ කසුන් නමැත්තන්ගේ සමීපතමයන් දෙදෙනකු විදේශීය රටක නිශ්පාදිත පිස්තෝල ගිනි අවියක් උණ්ඩ 54 ක් සහ හොරොයින් සමග වැල්ලම්පිටිය කොටුවිල සහ අවිස්සාවේල්ල මීගහවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව

Read More

එළැඹෙන පොසොන් පොහොය නිමිත්තෙන් ජූනි මස 18 වනදා සිට 24 වනදා දක්වා කාලය තුළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක සුරාසැල් වසා තැබීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

මුදල් අමාත්‍යාංශය කාර්තුමය වශයෙන් නිකුත් කරන ශ්‍රී ලංකාවේ ණය සම්බන්ධයෙන් වූ වාර්තාවට අදාලව 2023 දෙසැම්බර් 31 සිට 2024 මාරතු 31 දක්වා වූ කාලය තුළ ශ්‍රී ලංකාවේ ණය බර ඩොලර් බිලියන 4කට ආසන්න ප්‍රමාණයකින් වර්ධනය වි .තිබේ.

Read More

පුලියන්කුලම් පොලිස් ස්ථානයට අයත් ජිප් රථය ඊයේ සවස නෙඩුන්කේනි ප්‍රදේශයේදී ඊයේ (04) සවස ධාවනය වෙමින් තිබියදී මාර්ගයෙන් ඉවතට පැන අසල නිවසකට කඩා වැදීම හේතුවෙන් ජිප් රථයේ ගමන්කල තිදෙනෙකුට තුවාල සිදුව ඇතැය නෙඩුන්කේනි පොලීසිය පැවසීය.

Read More

කොත්මලේ ගැරඩි ඇල්ලෙන් පහලට පැන සිය දිවි හානි කර ගැනිමට තැත් කරන ලද තරුණ යුවලක්

Read More

පල්ලෙ කැලේ දුම්බර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරව සිටි රැඳවියෙකුට ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලා ගොස් ඇති බවට බන්ධනාගාර නිලධාරීන් විසින් පල්ලෙකැලේ පොලිසියට පැමිණිල්ලක් සිදුකොට තිබේ

Read More

2024 ජනවාරි සිට මැයි දක්වා වූ මාස පහක කාලය තුළ ශ්‍රි ලංකාවට සංචාරකයන් 896779ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන වල දැක්වෙයි.

Read More

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පසුගිය මස 15 වනදා සිට මේ දක්වා පුද්ගල මරණ 30ක් වාර්තා වී ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවැසීය. ඔහු මේ බව සඳහන් කළේ අද (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමිනි.

Read More

අනුරාධපුර අටමස්ථානයට අයත් ඓතිහාසික ජේතවනාරාම දාගැබේ ආරක්ෂාවට ඇති අකුණු සන්නායකය, සොරකම් කර රැගෙන යාමට පැමිණි පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී මෙම අකුණු සන්නායකයේ ඇති යම් ආරෝපණයක්, යන්ත්‍රානුසාරයෙන් ලබා ගෙන එය රුපියල් කෝටි ගණනකට විකිණීමට සූදානම්ව සිටි එම ජාවාරමේ මහ මොළකරු වන දිවයිනේ ප්‍රසිද්ධ ගායකයෙකු ඇතුළු සැකකරුවන් 5ක් අකුණු සන්නායකයේ ආරෝපණය පරීක්ෂා කරන උපාංගයක්, නවීන මෝටර් රථයක් සහ ස්මාර්ට් ජංගම දුරකථන 5ක් සමග ඊයේ (04ද

Read More

දේශපාලන පක්ෂය කුමක් වුවත් සෑම දේශපාලන පක්‍ෂයකින්ම ඉදිරිපත් කරන පිරිසෙන් හොඳ පුද්ගලයන් පිරිසක් මහජන සේවය සඳහා පත්කර ගැනීමට ඉදිරියේදී මැතිවරණ හතරක් පැවැත්වීමට බොහෝ දුරට ඉඩකඩ පවතින බව පැෆරල් සංවිධානයේ ජාතික සංවිධායක සුජීව ගයනාත් මහතා සඳහන් කළේය.

Read More

මෙරට ආදීවාසී ජනතාවට පවතින ගැටළුවලට විසදුම් ලබාදීම සදහා නව පනතක් සකස් කිරීමට හා ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරිම සදහා රෙගුලාසි පද්ධතියක් සකස් කිරීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි කටයුතු කර ඇති අතර, එම රෙගුලාසි පද්ධතිය පිළිබදව අදාළ පාර්ශ්ව සමග විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ ( 04) පස්වරුවේ පැවැත්විණි.

Read More

එම එකඟතාවන් නීතිගත කරමින් ඉදිරිපත් කර ඇති ආර්ථික පරිවර්තන කෙටුම්පතට සහාය ලබාදීම සියලුදෙනාගේ වගකීමක්.නිකරුනේ ප්‍රකාශ සිදු නොකර, රටේ ආර්ථිකය පිළිබඳ අවබෝධයකින් කථා කිරීම විපක්ෂයේ වගකීමයි. විපක්ෂය, විපක්ෂයේ සිටින්නේ අභියෝග භාර නොගෙන සම්ප්‍රදායික දේශපාලනයේ නිරත වූ නිසයි. නොබියව, අභියෝග භාරගත් ආණ්ඩුව අද සාර්ථක ප්‍රතිඵල පෙන්වා තිබෙනවා.

Read More

කිරින්ද වෙරළ තීරයේ දියනාමින් සිටි විදේශීය ජාතික කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු 4දා දියේ ගිලී මියගොස් තිබේ.

Read More

සැකකරුවකු නිත්‍යානුකූල නොවන අයුරුන් අයුරින් අත්අඩංගුවට ගෙන අතුරුදන් කිරීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක දෙහිවල ගල්කිස්ස මහා නගර සභාවේ හිටපු ජ්‍යෙෂ්ඨ නාගරික මන්ත්‍රීවරයෙකු වූ සමන්ත පෙරේරා මහතා ඉකුත් හතරවන දින (04) සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ලබා ගත්තේය.

Read More

පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වූ පුද්ගලයෙකු විසින් කුඩා ළමයෙකුට පහරදෙන විඩියෝවේ ළමයාට පහර දෙන පුද්ගලයා සහ පහර කෑ ළමයාද එම සිද්ධියට අනුබල දුන් කාන්තාවන් දෙදෙනෙකුද අද (5)අලුයම සැකපිට අත් අඩංගුවට ගත් බව වැලිඔය පොලීසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.