රටේ ආරක්ෂාවට සන්නද්ධ හමුදා කැඳවමින් ජනපතිගෙන් අති විශේෂ ගැසට්ටුවක්
- 26 10 2024
- 08:45
- {{hitsCtrl.values.hits}} views
- ..
දිවයිනේ සියලු පරිපාලන දිස්ත්රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත් කර ඇත.
හෙට (27) සිට ක්රියාත්මක වන පරිදි ශ්රී ලංකා යුධ හමුදාව,ශ්රී ලංකා නාවික හමුදාව සහ ශ්රී ලංකා ගුවන් හමුදාවේ සියලු සාමාජිකයන් මෙලෙස කැඳවීමේ නියමය ඇතුළත් අති ව්ශේෂ ගැසට් නිවේදනය ඊයේ (25 ) දාතමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කෙරිණි.
මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්රකාරව දිවයිනේ සියලු පරිපාලන දිස්ත්රික්ක හා ඒ ආශ්රිත දේශීය ජල තීරයන්හි මහජන සාමය පවත්වාගෙන යාමට මෙලෙස සන්නද්ධ හමුදාවන් කැඳවා තිබේ.
ජේ. ඉඳුරුවගේ

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
