මම බහුතරයක් නැති හිටපු ජනාධිපති - එතුමා බහුතරයක් නැති ඉන්න ජනාධිපති
අනුර කුමාර දිසානායක මහතා බහුතරයක් නැති වර්තමාන ජනාධිපතිවරයා බවත්, තමා බහුතරයක් නැති හිටපු ජනාධිපතිවරයා බවත් හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය.
ජන රැළියක් අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
“පළපුරුදු අය ඉන්න ඕනී රට වෙනුවෙන්. අපි කියන්නේ අපේ අයට පාර්ලිමේන්තුවේ බහුතරයක් දෙන්න කියලා රට ගෙනියන්න. එතුමාට අවුරුදු 03ක් හරි යන්න පුළුවන් අපේ බහුතරයක් හිටියොත් විතරයි. මට කියනවා පැරදුනා නම් ගෙදරට වෙලා ඉන්න කියලා. ඒ කියන්නේ මම පැරදුනා. මම පිළිගන්නවා. මම ජනාධිපතිවරණයට ආවා, ඡන්දේ ඉල්ලුවා, බහුතරයක් මට ඡන්දේ දුන්නේ නෑ. ඉතින් මම පැරදිලා. ඒත් බහුතරයක් එතුමාටත් දුන්නේ නෑනේ. 51%න් ලැබුනේ නෑ. මොකක්ද එතුමාගෙයි මගෙයි වෙනස? මම බහුතරයක් නැති හිටපු ජනාධිපති. එතුමා බහුතරයක් නැති ඉන්න ජනාධිපති. එතුමාටත් නෑ මටත් නෑ. එච්චරයි තියෙන්නේ. මොකක්ද විශේෂත්වය? අපි දෙන්නම එකට ඉන්නේ. ”
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

