saravita-anim2

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා

Latest News - timelapse 2340 hours ago

LATEST

රජිව් ගාන්ධි ඝාතනයට සම්බන්ධ සැකකරුවන් කටුනායකින් ගෙදර යයි

calendar_today 2024 අප්‍රේ 03 - 19:30 remove_red_eye - 600  

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ ද්‍රවිඩ ජාතිකයන් තිදෙනා පැය 06 කට අධික කාලයක් කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු පස්වරු 05.15 ට පමණ නිදහස් කිරීමට පියවර ගෙන තිබ

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ වත්මන් පනත සංශෝධනය කර, නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ගෙන ඒම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.

Read More

මෑත කාලීන සමීක්ෂණයකට අනුව, Gen Z කාන්තාවන්ගෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් තනිවම සංචාරය වීමට සලකා බලන අතර ඒ අනුව ඔවුන්ට වඩාත් ආරක්ෂිතව තනිව සංචාරය කිරීමට සුදුසුම රට බවට ශ්‍රී ලංකාව නම්කර තිබේ.

Read More

ජනාධිපතිවරයා සහ පොහොට්ටුව යන දෙපාර්ශවයේම අවශ්‍යතාවය ඉටු වන පරිදි ජනපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය එකම දිනක පැවැත්වීමට ආණ්ඩුව තුල සාකච්ඡා සිදුවෙමින් පවතින බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

Read More

හිටපු ඉන්දීය අගමැති රජිව් ගාන්ධි ඝාතන නඩුවේ වරදකරුවන් වූ මුරුගන්, රොබට් පායාස් සහ ජයකුමාර් යන ශ්‍රී ලාංකිකයින් තිදෙනා රඳවා සිටි විශේෂ කඳවුරෙන්ද ඊයේ (02දා) රාත්‍රී නිදහස් කර තිබේ.

Read More

නොර්වුඩ් පොලිස් වසමට අයත් රොක්වුඩ් වතුයායේ තේ වත්තේ අටවා තිබු කම්බි මන්දකට කදුකර කොටියා හසු වි දින ගණනාවක් ගත විම නිසා කදුකර කොටියා ජිවිතක්ෂයට පත් වි සිරුර දැඩි ලෙන නරක් වි තිබු බවයි වනජිවි නිලධාරින් කියා සිටියේ.

Read More

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් කළ ප්‍රකාශයට අදාළව මේවනවිටත් තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ දීර්ඝ ප්‍රකාශයක් ලබාදී ඇති ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් නැවත හෙට (04) දිනයේ අධිකරණය හමුවේ ප්‍රකාශයක් ලබාදීමේ අවශ්‍යතාවයක් නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අධිකරණයට දැනුම්දී තිබේ.

Read More

සැකකරුවෙකු කිසියම් හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් අද දහවල් සිරමැදිරිය තුළ ඇද වැටී හිසට සිදුවූ තුවාල සහිතව අද 03දා රෝහල්ගත කර බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග පවසයි.

Read More

‍ත්‍රිවිධ හමුදාවේ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින හමුදා සාමාජිකයින්ට නිත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

Read More

කොටහේන මෝදර අලුත් මාවත පාලම අසල ප්‍රදේශයේ දි ඊයේ (03) අලුයම ලේලන්ඩ් පුද්ගලික බස් රථයක් හදිසියේ ගිනිගැනීමකට ලක්වී සම්පූර්ණයෙන් විනාශ ඇති බව කොටහේන පොලිසිය පවසයි.

Read More

රිමාන්ඩ් භාරයට පත්කර සිටින තමන්ට ඇප ලබා දෙන ඉල්ලමින් හිටපු සෞඛය අමත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ ඇප ඉල්ලීම කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදි.

Read More

ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2024 දී 2.2% ක මධ්‍යස්ථ වර්ධනයක් ලබා ගනු ඇති බවත් 2022 වසරේදී මුහුණ දුන් දැඩි ආර්ථික පසුබෑමෙන් පසු රට ස්ථාවර වීමේ ලකුණු පෙන්නුම් කරමින් පවතින බවත් ලෝක බැංකුව පවසයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ තවමත් පවතින ඉහළ දරිද්‍රතා මට්ටම්, ආදායම් අසමානතාවය සහ ශ්‍රම වෙළඳපොළ උච්ඡාවචනයන්ට මුහුණ දෙන බව ලෝක බැංකුව පවසයි.

Read More

තායිලන්තයේ පැවැත්වෙන ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියේදී කිලෝ ග්‍රෑම් 49 බර පංතියෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට හංසනී ගෝමස් සමත්වූවාය.

Read More

සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 192කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති ‌‌දෙවැනි ටෙස්ට් තරගයද ජයගත් ශ්‍රි ලංකා කණ්ඩායම තරග දෙකකින් සමන්විත වූ ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙසද ජය ග්‍රහණය කළේය.

Read More

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය හා කළුතර අපරාධ කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායම් විසින් පසුගිය 02 දා සිදුකරණලද වැටලීම් වලදී සංවිධානාත්මක අපරාධ කල්ලි කණ්ඩායමකට සම්බන්ධ පුද්ගයන් 7 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

තම පවුල දින කිහිපයක් වේලක් ඇර වේලක් මඤ්ඤොක්කා ආහාරයට ගත් බවත් දරුවන්ට කෑම බීම නොදී ඔහුට ජීවත් වී පලක් නැති බව කියමින් හඬ හඬා සිටි බවට තිස්සමහාරාම පොලීසියට තොරතුරු ලැබී ඇත.

Read More

ආයුර්වේද ඖෂධ සංස්ථාවට අයත් මොනරාගල ආයුර්වේද ඔසුසැලේ රුපියල් දහතුන්ලක්ෂ පනස්දෙදහස් හයසියහතළිස් නවයයි සත හැත්තෑපහක මුදල් වංචාවක් සිදුවී ඇති බවට මොනරාගල කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන අංශයට ඉකුත් (01) වෙනිදා පැමිණිල්ලක් ලැබී ඇත.

Read More

අනුරාධපුර ජේතවනාරාම ස්තූපයේ ඇති වී තිබෙන පිපිරුම් ප්‍රසාරණය වීම මැඩපැවැත්වීම සඳහා කෙටි හා දීර්ඝ කාලීන විසඳුම් මේ වන විට ගෙන ඇති බවත්, පිපිරුම් තවදුරටත් වර්ධනය නොවන ආකාරයට සිදු කළ හැකි තාක්ෂණික ක්‍රමවේදයන් ඉදිරියටත් අනුගමනය කර පිපිරුම් පාලනය කිරීමට කටයුතු සිදු කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.

Read More

කොළඹ කලාපයේ පිහිටි මුස්ලිම් පාසල්වල තිබෙන ගැටළු පිළිබඳ සොයා බලා ඒවාට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

Read More

ජාතික වෙසක් උත්සවයට සමගාමීව මැයි මස 22 දා සිට 24 යන තෙදින තුළ සියලුම සුරා සැල් වසා තැබීමට බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

දෙසැම්බර් මාසයේ සිට මේ වසරේ මාර්තු මාසය දක්වා ශ්‍රී ලංකාවට අඛණ්ඩවම විදෙස් සංචාරකයන් ලක්ෂ 2ක සීමාව ඉක්මවා පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත පෙන්වා දෙයි.

Read More

එකතු කළ අගය මත බද්ද (වැට්) සියයට 15 සිට 18 දක්වා වැඩි කිරීමට අදාල නියෝගය වැඩි ඡන්ද 36කින් පාර්ලිමේන්තුවේදී අද (2) සම්මතවිය. පනතට පක්ෂව ඡන්ද 55ක් ලැබුණු අතර විපක්ෂවය ඡන්ද 19ක් ලැබුණි.

Read More

තම පවුලේ හදිසි වෛද්‍ය අවස්ථාවක් හේතුවෙන් ශ්‍රී ලංකා පිතිකරු දිනේෂ් චන්දිමාල් බංග්ලාදේශය සමග පැවැත්වෙන ටෙස්ට් තරගය අත්හැර දමා වහාම ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

Read More

අද 02දා සිට ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 9 ක මිල අඩු කිරීමට පියවර ගත් බව ලංකා සතොස පැවසීය.

Read More

වෑන් රථ සහ කුඩා ප්‍රමාණයේ බස් රථ ආනයනය සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

Read More

දැනට නියම කර තිබෙන බරපතළ වැඩසහිත වසර හතරක සිරදඬුවම් නියම වී සිටින

Read More

එම ගීත සඳහා පදරචනය, තනු නිර්මාණය සහ සංගීත සංකල්පය කළ ජනත් කුලතිලක මහතා විසින් සිය නීතිඥයින් මාර්ගයෙන් ගොනුකර තිබූ පැමිණිල්ලක් සලකාබැලූ විනිසුරුවරයා

Read More

මරණකරුගේ පුතා සමඟ පෙර ප්‍රදේශයේ පැවැති සංගීත සංදර්ශනයකදී ඇති කර ගත් ආරවුලක් ඉකුත් 28 දා නාරම්මල යූ.බී. විජේකෝන් ක්‍රීඩාංගණයේ පැවැති රාත්‍රි සංගීත සංදර්ශනයකදී යළි හට ගෙන එම මිතුරන්ම ඔහු වට කර ගෙන පහර දීමට තැත් කිරීමෙිදී

Read More

අදාල පවුල් කලක සිට ඉඩම් ගැටලුවක් හේතුවෙන් ආරවුල් ඇතිකරගන්නා අතර ඊයේ දිනද ඒලෙසින් ආරවුලක් ඇති වූ අවස්ථාවේදී සිය මස්සිනාගේ අත වෙන්වන සේ කපා වෙන් වූ අතේ කොටසද රැගෙන අනෙක් මස්සිනා පලා ගොස් ඇත. පසුව අත කපාදැමීමෙන් බරපතල තත්වයේ සිටි පුද්ගලයා පේදුරුතුඩුව රෝහලට රැගෙන යාමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට මාරුකොට යැවීය.

Read More

මාලිගාවත්ත ඇපල් වත්ත මිලානියා නිවාස සංකීර්ණයට යාබද පාලමක් යට තිබී හිමිකරුවෙකු නොමැති විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ එයට යොදන ජිව උණ්ඩ තොගයක් සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.