saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 2009 hours ago

LATEST

කර්මාන්තකරුවන්ට මූල්‍ය සහාය ලබාදීම සඳහා නව සංවර්ධන බැංකුවක්

calendar_today 2024 ජුනි 19 - 19:09 remove_red_eye - 187  

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ශක්තිමත් කිරීමට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” නමින් නව ආයතනයක්. අධිකරණයට ගොස් රට සංවර්ධනය කළ නොහැකි අතර ජාතික ප්‍රතිපත්තියක් ඔස්සේ ඉදිරියට යා යුතුයි – ජනපති “ඉන්ටනැෂනල් ඉන්ඩස්ට්‍රි එක්ස්පෝ 2024” කර්මාන්ත ප්‍රදර්ශනය විවෘත කරමින් පවසයි.

නීති විරෝධී හා සැක කටයුතු අන්දමින් රුපියල් කෝටි ගණනක දේපළ උපයා ගත්තේ යැයි කියන නිරූපණ ශිල්පි පියුමි හංසමාලීගේ බැංකු ගිණුම් 19ක් පිළිබඳ තොරතුරු රහස් පොලිසියට දීමට වාර්තා කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා රාජ්‍ය බැංකු ඇතු`ථ බැංකු 08කට අද(19) නියම කළේය.

Read More

ධාතුසේන මහ රජතුමා විසින් ඉදි කරන බව කියන කලා වැවේ ප්‍රධාන වානේ ගලක තැන්පත් කොට තිබුණු නිදන් වස්තු කිසියම් පිරිසක් යන්ත්‍ර සුත්‍ර උපයෝගී කරගෙන ගල විද කඩා දමා රැගෙන ගොස් ඇතැයි මහවැලි අධිකාරිය 19 දින ඉපලෝගම පොලිසියට පැමිණිලි කොට තිබේ.

Read More

ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායම 06/19 දින උදෑසන 08.40 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

Read More

උතුම් පොසොන් පොහොයේ වැදගත්කම කෙලෙසන හොල්මන් මන්දිර ප්‍රදර්ශන වහා තහනම් කරන ලෙස බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස් ජෙනරාල් ආර්.ඇම්.පී.රත්නායක මහතාගෙන් ඉල්ලා අස්ගිරි පාර්ශවයේ පුත්තලම් මහා දිසාවේ ප්‍රධාන සංඝ නායක කල්පිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලය ප්‍රධාන ලේඛකාධිකාරී ශාස්ත්‍රපති මිගෙට්ටුවත්තේ සුමිත්ත නාහිමියන් 2024.06.17 දාතමින් ලිපියක් යොමුකොට තිබේ.

Read More

විදේශ රැකියා සදහා ශ්‍රි ලාංකිකයින් යොමුවීමේ වැඩි ප්‍රවණතාවයක් මේ දිනවල පවතින අතර, ඒ සමගම විදේශ රැකියා සම්බන්ධයෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට ලැබෙන පැමිණිලිවලද වර්ධනයක් පෙන්නුම් කරන බැවින්, කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය විසින් සිය විමර්ශන කටයුතු පුළුල් කිරීමට පියවර ගෙන තිබේ.

Read More

අස්වනු නෙලීමේ නව තාක්ෂණික ක්‍රම භාවිතය මෙන්ම ප්‍රවාහනයේ දී ප්ලාස්ටික් කූඩ යොදා ගැනීම හා ඇසුරුම් කිරීමේ දී හානි අවම වන අන්දමින් කටයුතු යෙදීම එළවළු හා පළතුරු පසු අස්වනු හානිය සියයට 25 දක්වා අඩුවී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

Read More

කණ්ඩායමේ ක්‍රීඩකයින් අතින් සිදු වූ වැරදි සහ ඔවුන් හරියට ක්‍රීඩා නොකළ නිසා විස්සයි විස්ස ලෝක කුසලාක ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ බවත් තමන් කණ්ඩායමේ නායකයා සහ ක්‍රීඩකයෙකු වශයෙන් ඒ පිළිබඳව කනගාටු වන බවත් වනිදු හසරංග අද (19දා) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී පැවසීය.

Read More

නව විදුලි වාහන නිපදවිමේ අපේක්සාවෙන් ජපානයේ ප්‍රධාන වාහන නිෂ්පාදන සමාගම් ද්විත්වයක් වන හොන්ඩා සමාගම හා මිට්සුබිෂි සමාගම් ද්විත්වය එක්ව නව සමාගමක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ. මේ වසරේ ජුලි මාසයේදි ස්ථාපිත කිරීමට නියමිත එම සමාගමේ නාමය වශයෙන් ALTNA යන නම යොදාගෙන තිබේ.

Read More

රටේ පැවති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ආයුර්වේද උපාධිධාරීන්ගේ ඇනහිට තිබූ සීමාවාසික පුහුණුවීම් යළි ආරම්භ කළ බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසීය.

Read More

රේගු බදු නොගෙවා මෙරටට ගෙන්වු ‘මීනී කූපර්” වර්ගයේ මෝටර් රථයක් ත්‍රීරෝද රථයක අංකයක් යොදා ලියාපදිංචි කර රජයට පාඩු කළැයි චෝදනා කරමින් ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු මෝටර් රථවාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් පිරිසකට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩුව සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග ලබන ජුලි 29 වැනිදා දැනුම් දෙන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අල්ලස් කොමිසමට ඊයේ (18) දැනුම් දුන්නේය.

Read More

වව්නියව , කැබිතිගොල්ලෑව , හොරොව්පතාන සහ මැදවච්චිය ප්‍රදේශයන් වෙතට ඊයේ (18) රාත්‍රියේ භූ කම්පනයක් සිදුව ඇතැයි භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යංශය පෙන්වා දෙයි.

Read More

නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හෙට (20) දිවයිනට පැමිණිමට නියමිතව ඇත.

Read More

කහතුඩුව පොලිසියේ තනිකඩ බට නිවාසය තුළදී පොලිස් කොස්තාපල්වරයකුට වෙඩි තැබීමට තැත් කළ තවත් පොලිස් කොස්තාපල්වරයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.සැකකරු සන්තකයේ තිබූ පිස්තෝල ගිනි අවියක් සහ ජීව උණ්ඩයක් ද පොලිස් භාරයට ගෙන ඇත

Read More

රටට අවශ්‍ය මීළඟ ජනාධිපතිවරයා නව සන්ධානය විසින් පත්කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.ඔහු සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වනවිට තම පාර්ශ්වයේ අත්ල මත පවතින බවයි.

Read More

ජාත්‍යන්තර සෞඛ්‍ය අංශ අනුමාන කරන පරිදි මිලියන දහඅටක් වන ලොව පිළිකා රෝගීන්ගේ ප්‍රමාණය වර්ෂ 2030 වන විට මිලියන විසි දෙකක් පමණ දක්වා ඉහළ යනු ඇති බව ශ්‍රී ලංකා පිළිකා සංගමයේ මහනුවර ශාඛාවේ මනෝ වෛද්‍ය යෝගා ඇන්තනී මහත්මිය සඳහන් කළාය.

Read More

ලංකා විදුලි බල මන්ඩලය මගින් 2024 වසරේ සිදු කිරීමට යෝජිත දෙවන විදුලි ගාස්තු සංශෝධනයට අදාල අවසන් තීරණය ඒ පිළිබඳව මහජන අදහස් විමසීමෙන් පසුව ජූලි 15 දා ලබාදෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

Read More

කාන්තාවන්ට පිරිමින්ට හා සමාන අයිතිවාසිකම් හිමි විය යුතු බව ජාත්‍යන්තර කාන්තා සංවිධානවල සියලු ගිවිසුම්වලද ඇතුළත් වන බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම කටයුතුවලට බාධා කිරීමට අධිකරණයට, විධායකයට, ව්‍යවස්ථාදායකයට හෝ කිසිඳු ආයතනයකට නොහැකි බව අවධාරණය කළේය.

Read More

චින ප්‍රඡාවට යාපනය දිස්ත්‍රික්කයේ මුහුදු කුඩැල්ලන් වගා කිරිමට අවසර ලබා දි නොමැති බවත් යහපාලන සමයේ එක් චින සමාගමකට මුහුදු කුඩැල්ලන් අභිජනනය කිරිම සදහා අවසර ලබා දි තිබුනද. වර්ථමානයේදි එම ආයතනයේද බලපත්‍ර අවලංගු කිරිමට තමා අවශ්‍ය කටයුතු සිදු කර ඇති බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා 2024/06/17 දින යාපනයේ දිස්ත්‍රිකයේ මුහුදු කුඩැල්ලන් වගා කරුවන් සමග පැවති සාකච්ඡාවකදි ප්‍රකාශ කර සිටියේය.

Read More

2015 වසරේ සිට 2020 වසර දක්වා කාලය තුළ පුද්ගලයින් 58,304 දෙනෙකුට ශ්‍රි ලංකාවේ ද්විත්ව පුරවැසි භාවය ලබාදි ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

Read More

චීන අධ්‍යාපන අමාත්‍යාංශය සහ යුනෙස්කෝ සංවිධානය සම අනුග්‍රාහකත්වයෙන් ක්‍රියාවට නංවන ‘මහා ප්‍රාකාරය’ ශිෂ්‍යත්ව වැඩසටහනේ මීළඟ අදියර සඳහා ගිවිසුම් අත්සන් තැබේ.

Read More

පේරාදෙණිය පොලිස් බල ප්‍රදේශයේ බෝවල ප්‍රදේශයේඝන කැලෑවක මවක සහ දියණියක විසින්මහා පරිමාණයෙන් පවත්වාගෙන ගියකසිප්පු පෙරීමේ ස්ථානයක් වැටලීමටමහනුවර කොට්ඨාශදූෂණ මර්දන අංශ නිලධාරීන්ට හැකිව තිබේ .

Read More

නොර්වුඩ් පොලිස් වසමට අයත් ඩන්කන් වතුයායේදි (17) දින රාත්‍රියේ අතුරුදහන් වි සිටි සිව් හැවිරිදි පිරිමි දරුවා එම වතුයායේම ළදු කැළැවක සිටියදි (18) දින සොයාගත් බව නොර්වුඩ් පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රියංකර කොහොල්දෙණිය මහතා පැවසිය.

Read More

2024 පොසොන් උත්සවය හේතුවෙන් මහව දුම්රිය ස්ථානය දක්වා විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. උතුරු දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් මේ වන විට එම මාර්ගයේ දුම්රිය ධාවනය මහව දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමා වී තිබේ.

Read More

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින්‍ය වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට (19) දින්‍ සිට ඉදිරි දින්‍ කිහිපයේදි බලාපොරොත්තු වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

Read More

දිසා රෝහලක් ලෙස මෙහි සේවා කටයුතු පවත්වාගෙන යෑම සඳහා හෙද හෙදියන් 100ක පමණ අවශ්‍යතාවක් වුවත් දැනට සේවයේ නිරතව ඇත්තේ හෙද හෙදියන් 49ක් පමණක් බවත් සමස්ථ ලංකා හෙද සංගමයේ මීරිගම රෝහල් ප්‍රධාන සංවිධායක රුවන් අබේසිංහ මහතා පවසා සිටියි.

Read More

කහතුඩුව පොලිස් ස්ථානයේ ඊයේ (17) දා රාත්‍රී රාජකාරි භාරව සිටි දුරකථන ක්‍රියාකරුට තනිකඩ භට නිවාසය තුළදී පිස්තෝල ගිනි අවියකින් වෙඩිතැබීමට උත්සාහ කළ එදින උප සේවා රාජකාරී භාරව සිටි කොස්තාපල්වරයා පිස්තෝල ගිනි අවියද සමග අද (18) දා අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසයි.

Read More

තලාතුඔය මාරස්සන විවිධ සේවා සමූපකාර සමිතිය සදහා නව අධ්‍යක්‍ෂ මණ්‌ඩලයක් තෝරා ගැනීම සදහා පසුගිය දාසයවන දින (16) පැවති වන ජන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් ඉදිරිපත් කළ කණ්ඩායම ජයග්‍රහණය කරන ලදි.

Read More

එක ම සටන් පාඨයක දිගින් දිගට එල්බගෙන ලෙඩ නිවාඩු දමමින් වෘත්තීය ක්‍රියාමාර්ගවල ගුරුවරුන් නිරත වී සිටියත් වත්මන් සිසු පරපුර ඒ මත රැඳී නොසිට අන්තර්ජාලය වැනි වෙනත් දැනුම් මූලාශ්‍ර වෙත අවතීර්ණ වෙමින් හා එමගින් සිය අධ්‍යාපන අවශ්‍යතා සපුරාගනිමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

Read More

නොර්වුඩ් පොලිස් වසමට අයත් ඩන්කන් වතුයායේදි ඊයේ (17) දින රාත්‍රියේ අතුරුදහන් වි සිටි සිව් හැවිරිදි පිරිමි දරුවා එම වතුයායේම ළදු කැළැවක සිටියදි අද (18) දින සොයාගත් බව නොර්වුඩ් පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රියංකර කොහොල්දෙණිය මහතා පැවසිය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.