saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 1849 hours ago

LATEST

ආණ්ඩුවේ මැති ඇමතිවරු 30 ක් රනිල්ට සහය දෙන බව මහින්දගේ මූණටම කියයි

calendar_today 2024 ජුලි 26 - 10:32 remove_red_eye - 1001  

ආණ්ඩුව නියෝජනය කරන කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් 30 දෙනෙකු පමණ අද (25) පාර්ලිමේන්තුවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ගෑන්ඩ්පාස් වදුල්ලවත්ත පුරදර සෙවණ මාල් නිවාස සංකීර්ණය ඉදිරිපිට තීරෝද රථයක් ඉලක්ක කර සිදුකල වෙඩි තැබීමකින් බරපතල තුවාල ලබා කොළඹ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවද ඊයේ රාත්‍රී මිය ගොස් ඇතැයි ගෑන්ඩ්පාස් පොලිසිය කියයි

Read More

වසරකට අධික කාලයක් තිරප්පනේ පොලිස් වසම තුළ සැරිසරමින් සිටින පිරිපුන් දළ යුගලකින් සමන්විත අග්බෝ ඇතා නොපමාව ආරක්ෂිතව සුදුසු වනාන්තරයකට මුදා හැර සංරක්ෂණය කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා වනජීවී දෙපාර්තමේන්තුවේ අනුරාධපුර සහකාර අධ්‍යක්ෂවරයාට නියෝග කළේය.

Read More

රැකියා විරහිත සියලුම උපාධිධාරීන්ට රැකියා ලබා දෙන ලෙස ඉල්ලා අද (26දා) කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කරන බවද රැකියා විරහිත උපාධිධාරී සංගමය සඳහන් කරයි.

Read More

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු හා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර යන මහත්වරුන්ට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපා බණ්ඩාර මහතා විසින් ඊයේ (25දා) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

Read More

සමරිසි අයිතිවාසිකම් පනත් කෙටුම්පත සහ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත වැරදි ක්‍රමවේද අනුගමනය කරමින් ඉදිරිපත් කර ඇති බවත්, ඒ අනුව මේ හරහා සමාජයේ පළමු අත්තිවාරම වන පවුල දෙදරයා යාමට ඉඩ හැරීම රට විනාශ වීමට හේතු විය හැකි බවත් කොළඹ අගරදගුරැ අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් පැවැසූහ.

Read More

වැඩි ප්‍රතිලාභයක් ලබා දෙන බවට පවසමින් මෙරට ප්‍රධාන පෙළේ බැංකු 09ක ගිණුම් 55 හරහා රුපියල් කෝටි 30කට අධික මුදල් වංචනිකව ලබාගත් බව කියමින් සැකපිටඅත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ‘ෆූගෝ ඔන්ලයින්’ පිරමීඩාකාර මූල්‍ය ආයතනයේ ලේකම්වරිය වශයෙන් කටයුතු කරන විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක ලබන 06 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (25) නියම කළේය.

Read More

නෑ අපි තරහා වෙන්නේ නෑනේ,එතුමගේ පුරුද්ද, එතුමා ගේනකොට අපි දන්නවා එතුමාගේ පුරුද්දක් විදියට එක්සත් ජාතික පක්ෂය කැඩුවා,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩුවා,යහපාලනය කැඩුවා,ජේවීපී එක කැඩුවා,එල් ටී ටී ඊ එක කැඩුවා ඉතින් පොහොට්ටුව නොකැඩුවොත්නේ ප්‍රශ්නේ.හැබැයි ඉතින් අපි අවශ්‍ය දේශපාලන තීණ්ඩුව අපි රට වෙනුවෙන් ගත්තා..

Read More

පිටිගල -නියාගම මාර්ගයේ මත්තක පදේශයේ අද (25) පස්වරුවේදී වැලි පැටවූ ලොරිරථයක් සහ මෝටර් රථයක් මුහුණය මුහුණ හැටී මෝටර් රථයේ ගමන්ගත් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙක් බරපතල තුවාල ලබා රෝහල්ගත කළ බව පිටිගල පොලීසිය කියයි.

Read More

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාරගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය හෙළි කරන ලෙස සිදුකළ ප්‍රකාශයට අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් පිළිතුරු ලබාදී තිබෙනවා.

Read More

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් දෙක ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව අද (25) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

Read More

1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීම පිළිබඳ පනතේ නෛතික විධි විධාන අනුව ජනාධිපතිවරයා තෝරාගැනීම සඳහා නියමය පලකරන දිනය,නාම යෝජනා භාර ගැනීමේ දිනය හා ස්ථානය සහ චන්ද විමසීමේ දිනය පිළිබඳව දැනුම්දීමේ අති විශේෂ ගැසට් නිවේදනය හෙට( 26) දින ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කරයි.

Read More

බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් මාස 08ක පමණ කාලයක් පුරා රිමාන්ඩ් බාරයේ රඳවා සිටි වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මියට අද (25) නියම කළාය.

Read More

“දූෂණ විරෝධය පිළිබඳ ජාතික න්‍යාය පත්‍රය” ක්‍රියාත්මක කිරීමට ජනපති ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය දූෂණ විරෝධි පනත පූර්ණ වශයෙන් බලාත්මක කෙරේ. 2025 – 2029 සඳහා ජාතික දූෂණ විරෝධි සැලැස්මක්. විගණකාධිපති බලතල තවත් ඉහළට. අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ බලතලත් වැඩි වෙයි. රාජ්‍ය ප්‍රසම්පාදනයේ විනිවිදභාවය සහතික කෙරේ

Read More

වැලිකන්ද කන්දකාඩු යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කල සාමාන්‍ය සෙබළෙකු 25 වෙනිදා පෙරවරුවේ එම කඳවුරේ ගොඩනැගිල්ලක් තුළ ගෙල වැළලාගෙන මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.

Read More

“නීතිඥයන්ට පාතාලයෙන් කෝටි ගණන් මුදල්.පාතාලය ජය ගනී,නීතිඥයින් පාතාලයේ කොන්ත්‍රාත්තුව ඉටු කරයි.අහිංසක අපට කාගේ පිහිටක්ද ? මාතර අපි ඔබ සමගයි” යන වැකි එම පෝස්ටර් වල සදහන් කර තිබුණි.

Read More

ආගමන හා විගමන දෙපාර්​තමේන්තු​වේ අංක: JC 23, පිටරවුම් පාර, වවුනියාව, යන ස්ථානයේ පිහිටි ප්‍රාදේශීය කාර්යාලය 2024 අගෝස්තු මස 16 වන සිකුරාදා දින ගාමිණි විදුහල ඉදිරිපිට, මන්නාරම පාර, වවුනියාව යන ස්ථානයේ පිහිටි ගොඩනැගිල්ලේ ස්ථාපනය කිරීමට නියමිතය.

Read More

ඉන්දියාව සමග පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියට නම් කළ සංචිතයේ සිටි නුවන් තුෂාර ආබාධයක් හේතුවෙන් එම තරගාවලියට ක්‍රීඩා නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

ආණ්ඩුව නියෝජනය කරන කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් පසුපෙළ මන්ත්‍රීවරුන් 48 දෙනෙකු කොළඹදී ස්ථාන දෙකකදී හමුවී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළකිරීම සම්බන්ධයෙන් ඊයේ (24) විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට (26දා) දින් සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

Read More

ලංකා සතොස හරහා අලෙවිකරණ භාණ්ඩ වර්ග 9ක මිල අඩු කිරිම කටයුතු කර තිබේ. මෙම අඩුකළ මිල ගණන් අද සිට ක්‍රියාත්මක වෙයි.

Read More

පොලිස්පතිවරයා ඉවත් කිරීමෙන් වැඩිපුරම සතුටු වුනේ පාතාලය... වතු කම්කරු පඩි වැඩිවීම සම්බන්ධයෙන් කතා නොකර පොලිස්පති ඉවත් කිරීමට පක්ෂව කතා කිරීමෙන් විපක්ෂයේ සැබෑ උවමනාව පැහැදිලියි..

Read More

ත්‍රිකුණාමලය,කෝණේස්වරන් මුහුදේ දී සැක කටයුතු ධීවර යාත්‍රාවක් පරීක්ෂා කිරීමට ගිය නාවික හමුදා මුර යාත්‍රාවක සිටි නාවික භටයකුට පහරදී තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නාවික හමුදාව ඊයේ (24) පැමිණිල්ලක් කළ බව ත්‍රිකුණාමල වරාය පොලීසිය කියයි.

Read More

කැනඩා කොන්කෝඩියා සරසවියෙ ගණීත අංශයේ දර්ශණපති පශ්චාත් උපාධිය හදාරමින් සිටි ශ්‍රී ලාංකික සිසුවිය දරුණු පිළිකාවකින් බැට කමින් සිටියදී මරණයට පත්ව ඇති බව පවුලේ ඥාතින් පවසයි.

Read More

රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක විශේෂ මාසික දීමනාවක් ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඊයේ (24දා) රැස්වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව මෙම විශේෂ මාසික දීමනාව 2024 සැප්තැම්බර් මස සිට වැටුප් විෂමතා නිවැරදි කරන තෙක් ගෙවීමට නියමිතය.

Read More

ශ්‍රී ලංකා මළළ ක්‍රීඩා කණ්ඩායම 33 වැනි ඔලිම්පික් ක්‍රීඩා තරගාවලිය සදහා 07/24 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියහ.

Read More

එළැඹෙන ජනපතිවරණය සඳහා තමන්ද අපේක්ෂකයෙක් ලෙස එක්වන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. සිය X ගිනුමෙන් නිල නිවේදනයක් කරමින් ඔහු මේ බව පවසයි.

Read More

2023 වර්ෂයේ අගෝස්තු මාසයේ පැවැත්වීමට තිබූ පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම හේතුවෙන් පළාත් පාලන මැතිවරණය සඳහා මැතිවරණ වියදම් ලෙස රු.655,096,226ක් මැතිවරණ කොමිසන් සභාව විසින් වැය කොට ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් ජූලි මස 22 වන දින නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

Read More

මේ වසරට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා වෙන්කර තිබෙන රුපියල් බිලියන විස්සක මුදලින් තවමත් වියදම් කර තිබෙන්නේ රුපියල් බිලියන හයක මුදලක් පමණක් බවත් මේ වන විට ඖෂධ තුන්සිය පනහකට ආසන්න ප්‍රමාණයක හිඟයක් නිර්මාණය වෙමින් තිබෙන බවත් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

Read More

ඉකුත් දා පැවති අ.පො.සසාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් මාසය වන නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.