saravita-anim2

2025 ජුනි මස 20 වන සිකුරාදා

2025 ජුනි මස 20 වන සිකුරාදා

Latest News - timelapse 1781 hours ago

LATEST

ඇමරිකාවේ යුද හමුදාවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක් ලංකාවේ පාරිම්පරික වෙදකම ගැන මවිත වෙයි

calendar_today 2024 මැයි 08 - 11:59 remove_red_eye - 1591  

වසර පහකට අධික කාලයක් ඇමෙරිකාවේ සහ විවිධ රටවල විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ගත්තද තම කොදු ඇට පෙළේ සහ කොන්දේ ආබාධය සුව නොවීම නිසාවෙන් ඇමරිකාවේ යුද හමුදාවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක් ශ්‍රී ලංකාවේ පාපාරම්පරිකයන් හොරිවිල වෙද මැදුරට පැමිණ ප්‍රතිකාර ලබා සුව වන අයුරු අත්විද පුදුමයට පත්ව සිටින බව පැ

බ්‍රිතාන්‍ය පාලකයින් විසින් මීට වසර එකසිය පණහකට පමණ ඉහතදී ඉඳිකරන ලද පෞරාණික වටිනාකමින් යුත් බිබිල නගර මධ්‍යයේ පිහිටි තානායම මේවන විට කැළෑවට යටවී විනාශවෙමින් පවතී.

Read More

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය රීට් ආඥාවක් අද (08) නිකුත් කළේය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා ඇතුළු විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශ කළේය.

Read More

රුසියාවේ සහ යුක්රේනයේ යුද කඳවුරු වල රැකියා දෙන බව පවසා එම රටවලට රැගෙන ගිය හිටපු හමුදා භටයන් හයසීයකට අධික පිරිසක් බලහත්කාරයෙන් යුද්ධයට යොමු කර ඇති බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඊයේ (07දා) දැනුම් දී තිබේ.

Read More

සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) රීට් ආඥාවක් නිකුත් කර තිබේ.

Read More

සොයා ගැනුනු මේ කානතා මළ සිරුරේ ඇති ලක්ෂණ අනුව මෙම කාන්තාව දැනට දින තුනකට පමණ ඉහතදී මියගොස් ඇති බවට නිරීක්ෂණය වන බවද පොලීසිය කියයි.

Read More

බංග්ලාදේශයේදි ලබන ඔක්තෝබර් මස ආරම්භවිමට නියමිත කාන්තා විස්සයි20 ලෝක කුසලානය වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනිමට අදාළව ඩුබායිහි පැවැති සුදුසුකම් ලැබිමේ තරගාවලියේ ශූරතාව හිමිකර ගැනිමට ශ්‍රි ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ සමත්වූහ.

Read More

සීමාසහිත ජාතික ලුණු සංස්ථාව විසින් චක්රාලේඛන විධි විධානවලට පටහැණිව එම සමාගමේ සේවය කරන නිලධාරීන් 111දෙනෙකු සඳහා 2023 ජනවාරි 01වන දින සිට එම වර්ෂයේ ජූලි මස 30දක්වා කාලසීමාව තුළදී දෛනිකව අර්බුද දීමනාව වශයෙන් රුපියල් එක්කෝටි තිස්දෙදහස් අනූඅටක මුදලක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් මැයි 04වන දින නිකුත් කරන ලද විගණන වාර්තාවක සඳහන් වේ.

Read More

2023 ජනවාරි 01වනදා සිට එම වර්ෂයේ දෙසැම්බර් 25වනදා දක්වා කාලසීමාව තුළදී ව්‍යාජ මුදල් නෝට්ටු 1,769ක් පිළිබඳව අනාවරණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය ප්‍රකාශ සහ මෙහෙයුම් මැයි මස 04වනදා නිකුත් කරන ලද වාර්තාවේ සඳහන් වේ.

Read More

2024 දෙසැම්බර් 15 දක්වා පරටේ නීතිය තාවකාලිකව අත්හිටුවීම සඳහා වූ බැංකු මගින් ප්‍රදානය කරන ලද ණය අය කර ගැනීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වූ බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා අද (07දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Read More

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික හා වන ආරක්ෂණ ව්‍යාපෘතියක් සඳහා එක්ව කටයුතු කිරීමට අවබෝධතා ගිවිසුමක් ජනාධිපති කාර්යාලයේදී අද (07) අත්සන් තැබිණි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම්කිරීමට තව කාලය තිබෙන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

හෙඳ සේවය සඳහා 3,000ක් බඳවා ගැනීට සූදානම් බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

Read More

වීසා බලපත්‍ර නිකුත් කිරීමේ නව ක්‍රමවේදය හරහා ආසන්න වශයෙන් වසරකට රැපියල් කෝටි 1800ක් විදේශිකයන්ගෙන් කොල්ලකන තත්ත්වයක් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

Read More

ඇමරිකාවේ හා බටහිර ඉන්දීය කෝදෙව් දූපත්හි පැවැත්වීමට නියමිත මෙවර 2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ දි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ඉන්දීය අමුල් සමාගම එක් වී ඇත.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එච්. ෆවුසි මහතාගේ පුත්‍රයාව අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.

Read More

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පළමු දින ප්‍රශ්න පත්‍රයට මුහුණ දුන් සිසුවෙකු ආපසු නිවසට විත් ගෙලවැලලාගෙන මියයාමේ සිද්ධියක් කටුගස්තොට පොලිස් වසමෙන් වාර්තාවේ .

Read More

මෙරට කාන්තාවන්ගෙන් 46 % ක් සහ පාසල් යන දරුවන්ගෙන් සියයට 10 % ක් බර වැඩි බවත්, කාන්තාවන්ගේ ආයු කාලය අවුරුදු 83 දක්වා වැඩි වී ඇති බවත් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

Read More

2024 මාර්තු මාසයේ ඩොලර් බිලියන 4.96ක් ව පැවති නිල සංචිත වත්කම්වල අගය 2024 අප්‍රේල් මාසයේදී ඩොලර් බිලියන 5.43ක් දක්වා වැඩිවී තිබේ.

Read More

දොළොස් හැවිරිදි බාල වයස්කාර පසල් සිසුවියක් අපයෝජනය කළේ යයි වැරදිකරුවකුවූ විසිපස් හැවිරිදි විවාහකයකුට වසර විස්සක බරපතල වැඩ සහිත සිර දඩුවමක් වින්දිත දැරියට රුපියල් ලක්ෂ දහයක වන්දි මුදලක් සහ රුපියල් විසිපන්දහසක දඩ මුදලක් ගෙවන ලෙස බලපිටිය මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා අද(07) නියෝග කළේය.

Read More

ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය මිස මේ වසරේ වෙනත් මැතිවරණයක් නොමැති බව ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

අද මෙරට මරණ වලින් සියයට 89 ක් පිළිකා, හෘද වස්තුවේ රෝග, පෙණහළු රෝග සහ දියවැඩියාව යන බෝ නොවන රෝග නිසා සිදුවන බවත්, එයිනුත් වැඩි මරණ ප්‍රමාණයක් සිදු වන්නේ හෘද වස්තුවේ රෝග සහ ආඝාතය නිසා බවත්, වසරකට 60,000 ක් පමණ ආඝාතයට ලක්ව 4000 ක් පමණ මියයන බව වෙද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

Read More

ඉකුත් අප්‍රේල් මස 22 වනදා අතුරුදන් වූ තරුණයා ඝාතනය කර මෘත ශරීරය පුළුස්සා මාදම්පේ ප්‍රදේශයේ කැලෑබද ස්ථානයක දමා තිබියදී අද 07දා පෙරවරුවේ සොයා ගැනීමට හැකි වී ඇති බව පොලීසිය පවසයි ‍

Read More

විවාහක සැමියාට නිඳි පෙති දී අනියම් සැමියා නිවසට ගෙන්වා ගත් කාන්තාවක් මස්කෙළිය පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයට හමුවට (06) දා පැමිණවීමෙන් අනතුරුව මෙම මස (15) වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස විනිසුරු එච්.එම්.ෆරීඩ්ඩීන් මහතා විසින් නියෝග කරන ලදී.

Read More

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන, දැනට බූස්ස බන්ධනාගාරයේ අධි ආරක්ෂිත කලාපයේ සිර කුටියක රදවා සිටින, ’’රැවුල් කුමාර’’ නැමැත්තාගේ මත් කුඩු අනුරාධපුර දිස්ත්‍රික්කය තුල තොග වශයෙන් බෙදා හරිමින් සිටි කාන්තාවක්, රුපියල් කෝටියකට ආසන්න හෙරොයින් මත්කුඩු තොගයක් සමග ඊයේ (7දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

Read More

දැනුම්දීමකින් තොරව විදුලිය විසන්ධි කිරීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය පරීක්ෂණයක් පවත්වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

Read More

නීති විරෝධී ජාවාරම්වලින් උපයා ගත්, මුදලින් ලබාගත් රුපියල් ලක්ෂ සීයක් වටිනා වාහන කීපයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයකු මුදල් විශුද්ධිකරණය පනත යටතේ හිඟුරක්ගොඩ උල්පත්ගම ප්‍රදේශයේදී 06 වෙනිදා අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.

Read More

කඩුවෙල බෝමිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 19 ක පමණ වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් රැදවුම් නියෝග මත සිටි සැකකරු ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී රුපියල් කෝටි දෙකක් පමණ වටිනා තවත් වාහන තුනක් සෙනසුරාදා (04)සොයා ගැනීමට බියගම පොලීසියට හැකිවී ඇත.

Read More

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන මියගිය මාකඳුරේ මධුෂ්ගේ මත්ද්‍රව්‍ය ජාලය මෙරට මෙහෙයවන බව පැවසෙන වතුපිටිය පතිරනගේ දමිත් ප්‍රභාෂිත අත්තනායක හෙවත් මාකොළ සුද්දා ඇතුළු දෙදෙනෙකු එක්කොටි හතලිස් ලක්ෂයක අයිස් මත් ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

Read More

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරිකවරයා වෙඩි තබා මරා දැමීම ඇතුළු තවත් මිනීමැරුම් ගනනාවක් සදහා පොලිස් විමර්ශන සදහා අවශ්‍යව සිටි ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වෙනත් නමකින් කූඨ ලෙස සකස් කර ගත් ව්‍යාජ ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ඩුබායි බලා පළා යාමට තැත්කිරීමේදී අත්අඩංගුවට ගෙන ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.