saravita-anim2

2026 මැයි මස 08 වන සිකුරාදා

2026 මැයි මස 08 වන සිකුරාදා

Latest News - timelapse 12001 hours ago

LATEST

නව කැබිනට් මණ්ඩලය හෙට?

calendar_today 2018 ඔක් 27 - 15:19 remove_red_eye - 1063  

නව කැබිනට් මණ්ඩලය අද හෝ හෙට පත්කරන බව මන්ත්‍රි විමල් වීරවංශ මහතා පැවැසීය.

එක්සත් ජාතික පක්ෂයේ 20කට අධික මන්ත්‍රීවරු පිරිසක් නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහාය දෙන බව එජාප මන්ත්‍රි ආනන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.

Read More

දෙමළ ජාතික සන්ධානය, දෙමළ ප්‍රගතිශීලි පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ජාතික හෙළ උරුමය, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය යන පක්ෂ සිය සහාය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට තීරණය කර තිබේ.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තු නැවත කැඳවීම නොවැම්බර් 16 දා තෙක් කල් දමා තිබේ.

Read More

නීත්‍යානුකූලවම රටේ අග්‍රාමාත්‍යවරයා කවුදැයි කතානායක කරු ජයසූරිය මහතා නීතිපතිවරයාගෙන් මතය විමසා තිබේ.

Read More

නැවත දැනුම් දෙන තුරු සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා උපදෙස් දී තිබේ.

Read More

මම හිතන්නේ නෑ එයාට ගෙදර තියෙන ඡන්ද තුනවත් ලැබෙයි කියලා. එක ඡන්දයකින් බෑ ජනපති වෙන්න. එහෙම හිතනවානම් පිස්සන් කොටුවේ තමයි දාන්න වෙන්නේ.

Read More

පාර්ලිමේන්තුව රැස්කරන පළමු අවස්ථාවේදීම ජාතික මැතිවරණයකට යෑම සඳහා යෝජනාවක් ගෙන ඒමට නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.

Read More

ශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන තත්ත්වය අධ්‍යනය කරමින් සිටින බව ඇමෙරිකාව පවසයි.

Read More

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත්කිරීමට අදාළවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කිරීමටත් අදාළව ගැසට් නිවේදන දෙකක් නිකුත් කර තිබේ.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධුරයට පත්කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නීතිමය තත්ත්වය පැහැදිලි කර තිබේ.

Read More

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇතුළු පොලීසියේ ඉහළ නිලධාරීන් නව අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට ගොස් තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය තුළ ඇතිවූ අනපේක්ෂිත තත්ත්වය පිළිබඳව තමන් නීතිමය උපදෙස් ලබාගනිමින් සිටින බව කතානායක කරු ජයසූරිය මහතා සඳහන් කරයි.

Read More

පාර්ලිමේන්තුවේ බහුතර තමන්ට ඇති බව රනිල් වික්‍රමසිංහ මහතා ජනපතිට දන්වයි.

Read More

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී, රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා සිය සහාය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට තීරණය කර තිබේ.

Read More

යමෙක් මෙය පාරට ගෙන යෑමට කටයුතු කරයි නම් ඒ උත්සාහ කරන්නේ ජනතාව අතර කළබලයක් අති කිරීමට බවත් එවැනි ප්‍රකාශයන් සඳහා නොරැවටෙන ලෙසද එම මන්ත්‍රීවරු වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටිති.

Read More

පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන තාක් කල් මම මේ රටේ අගමැති ලෙස ක්‍රියා කරනවා. වෙන කාටවත් මේ පාර්ලිමේන්තුවේ බහුතරයක් පෙන්වන්න බෑ.

Read More

ජාතික රූපවාහිනී සේවයේ විකාශන කටයුතු නවත්වා තිබේ.

Read More

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්මගේ මහතා සිය සහාය නව අගමැති වශයෙන් දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ මහතාට ලබාදෙන බව සඳහන් කරයි.

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත්කළ බවට සඳහන් ලිපිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අග්‍රාමාත්‍යවරයාට යොමුකර තිබේ.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත්කිරීම නීති විරෝධී බව නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි.

Read More

දමිල ප්‍රගතිශීලී සන්ධානයේ විශේෂ රැස්වීමක් මේ වන විට ආරම්භ කර තිබේ.

Read More

එක්සත් ජතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අරලිය ගහ මන්දිරයේදි පැවැත්වීමට නියමිතය.

Read More

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමත් සමගින් රජයේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡාවක් මේ වන විට ජනපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.

Read More

තමන් තාමත් අගමැති බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස දිවුරුම් දීම නීතිවිරෝධී බවත් රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස දිවුරුම් දීම ව්‍යවස්ථා විරෝධී බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි.

Read More

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස දිවුරුම් දීම නීතියට පටහැනි බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

Read More

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස දිවුරුම් දීම නීතියට පටහැනි බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

Read More

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මිට සුළු මොහොතකට පෙර අගමැති ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

Read More

(LIVE BLOG) හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අගමැති ලෙස දිවුරුම් දී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.