saravita-anim2

2026 ජුනි මස 11 වන බ්‍රහස්පතින්දා

2026 ජුනි මස 11 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 11845 hours ago

LATEST

නව ආණ්ඩුකාරවරු 5ක් පත්කරති

calendar_today 2019 ජන 04 - 15:24 remove_red_eye - 2065  

පළාත් 05 ක් සඳහා පත් කෙරුණු නව ආණ්ඩුකාරවරු අද (04දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

පෙබරවාරි මස 7 දා පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය තවදුරටත් කල් යන ලකුණු පහළ වී තිබේ.

Read More

නව වර්ෂය උදාවීමෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතා ප්‍රථම වරට නෙලූම් මාවතේ පිහිටි ඒ මහතාගේ පෞද්ගලික කාර්යාලයට අද පැමිණියේය.

Read More

ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ පවතින ගැටලූ නිරාකරණය කර ගනිමින් එහි නව ප‍්‍රතිසංවිධානයකට අවශ්‍ය යෝජනා සහ අදහස් ලබාගෙන නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා නව කමිටුවක් ලබන සඳුදා පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

2019 වසර සඳහා අයවැය කථාව මාර්තු මස 5 දා ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More

දොඩංගොඩ ගාල්ල මාර්ගයේ තෙලිකඩ ප්‍රදේශයේ ඊයේ (03) රාත්‍රී යතුරුපැදියක් හා මෝටර් රථයක් එකිනෙක ගැටි සිදුවූ අනතුරින් යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයා ජිවීතක්ෂයට පත්වී ඇතැයි තෙලිකඩ පොලීසිය පවසයි.

Read More

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ලෙස පිළිගන්නා ලෙස කථානායක කරු ජයසූරිය මහතා පක්ෂ නායකවරුන්ට දන්වා ඇතැයි වාර්තා වෙයි.

Read More

ප්‍රධාන පොලිස් පරීක්ෂක හා පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන් 72කට ස්ථාන මාරුවීම් ලබාදීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කටයුතු කර තිබේ.

Read More

සාගරයේ මත්ස්‍ය ගහනය විශාල ලෙස අඩුවීම දේශීය ධීවර කර්මාන්තයේ අනාගතයට බරපතල ගැටලු මතු කරන්නක් බැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි ලයිලා සහ සුරුක්කු දැල් භාවිත කරමින් ධීවර කර්මාන්තයේ නිරතවීම තහනම් කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා නියෝග කර ඇත .

Read More

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ව්‍යවසායයන් සඳහා සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත්කිරීමේ දී ජනාධිපති ලේකම්වරයා නිකුත් කර තිබෙන චක‍්‍රලේඛය අනුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දෙයි.

Read More

අතුරුදන්ව ඇත්තේ වයස 23ක් වන නෝර්වේ ජාතිකයෙකු වන අතර අතුරුදන්වූ අය සොයා මිරිස් නාවික හමුදා කඳවුර හා වෙරළ ආරක්ෂක කඳවුරේ නිළදාරීන් එක්ව සිදු කරනු ලබයි.

Read More

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .

Read More

නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස අසාත් සාලි මහතා පත්කිරීමට නියමිත බව වාර්තා වෙයි.

Read More

වවුනියාව යාපනය ඒ-9 පාරේ පිහිටුවා තිබූ පොලිස් ඩමියට අල්ලස් ලබා දෙන අන්දම නිරූපණය කරමින් අන්තර්ජාලයට වීඩියෝවක් නිකුත් කළ වවුනියාවේ පෞද්ගලික මුල්‍ය ආයතනයක සේවකයින් දෙදෙනෙකු ඊයේ (03) දින වවුනියාව පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

Read More

ළමා හිංසනයට එරෙහි ජාතික දිනය අදට යෙදී තිබේ.

Read More

වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීමේදී ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිත කළේ යැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන 11 වැනිදා යළි කැඳවීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය ඊයේ (03දා) නියම කළේය.

Read More

පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධුරය තවමත් හිමිව ඇත්තේ ආර්. සම්බන්ධන් මහතාටය යන ස්ථාවරය අනුව හිඳිමින් ද්‍රවිඩ ජාතික සන්ධානය මේ තීරණයට එළැඹ ඇති බව දේශපාලන ආරංචි මාර්ග %අද^ට සඳහන් කළේය.

Read More

මීට අමතරව ගම් මට්ටමින් පක්‍ෂය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළ කඩිනම් කර ජාති, ආගම් භේදයකින් තොරව සියලු දෙනාට එක හා සමානව සලකන පක්‍ෂය බවට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පත් කරන බවද ඔහු පවසා සිටියේය.

Read More

මේ වසරේදී ගම්පෙරළිය ව්‍යාපෘතිය ක්‍රීයාත්මක කිරිම සඳහා රුපියල් බිලියන 48ක් වෙන්කිරිමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

Read More

බෞද්ධයන්ගේ ප්‍රමුඛ ගෞරවාදරයට පත් උතුම්ත්‍රිපිටකය ආරක්ෂා කරගැනිම අරමුණින් ශ්‍රී ලංකාවේ ජාතික උරැමයක් බවට පත් කරන 2019.01.05 වන දින රාජ්‍ය ආයතන,විහාරස්ථානවල හා නිවෙස්වල බෞද්ධ කොඩිය ප්‍රදර්ශනය කරන ලෙස ජනාධිපති ලේකම්වරයා මහජනතාවගෙන් ඉල්ලා සිටි.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිද වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (03දා)පෙරවරුවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ නිරික්ෂණ චාරිකාවකට එක් විය.

Read More

පසුගිය දා ගංවතුර තත්වයන්ගෙන් ආපදාවට ලක්වූ කිළිනොච්චි හා මුලතිව් දිස්ත්‍රික්කවල පාසල් ළමුන් 2000 ක් වෙනුවෙන් පාසල් උපකරණ බෙදා දීම අද (03) කිළිනොච්චියේදී සහ මුලතිව් වලදී ඇමති චම්පික රණවකගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

Read More

නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (03) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

Read More

2018 රටට පැමිණි සමස්ත සංචාරකයන්ගේ සංඛ්‍යාව 2,333,796ක් ලෙස සටහන් වෙයි

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ බලය ඇල්ලීමට පිරිසක් සිටින බවට සඳහන් වුවත් එම ප්‍රකාශවල සත්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේය.

Read More

2021 වසරේදී ශ්‍රී ලංකාවේ සමස්ත නොපියවූ ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 70%ක ප්‍රතිශතයකට පත් කර ගැනිමට රජය අපේක්ෂා කර තිබේ.

Read More

දින 28 වයසැති තම සිගිතියව පන පිටින් ගෙවත්තේ වල දැමුවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිගිතියගේ මව සැකපිට හැටන් පොලිසිය මගින් අද (03) අත්අඩංගුවට ගත් බව හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක එ.එල්.එම් ජෙමිල් මහතා පැවසිය.

Read More

මීට පෙර අවස්ථාවලදී පෞද්ගලික අපේක්ෂකයන් දිවයිනේ මුල් ස්ථාවලට පැමිණි අවස්ථා ඇති බවද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

Read More

සිංහල හා හින්දු අළුත් අවුරුද්දට ප්‍රථම සුළු පන්න ධිවර ජනතාවට සහන මල්ලක් සමග සහන සැලසීමේ කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසිය .

Read More

වීරකැටිය මැදමුලන ඞී.ඒ. රාජපක්ෂම ස්මාරකය ඉදිකිරීමේදී ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිතා කළේයැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂර මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහව පවරා ඇති නඩුව ලබන 11 වැනිදා යළි කැදවීමට ත්‍රි පුද්ගල විශේෂ මහාධිකරණය අද (03) නියම කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.