ශ්‍රීලනිප මහලේකම් ධුරයට දයාසිරි ජයසේකර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ‘යේ මහලේකම්වරයා ලෙස දයාසිරි ජයසේකර මහතා පත් කිරීමට ඊයේ (03දා) රැස්වූ පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ. මේ අනුව මහලේකම් ධුරයෙන් තමන් ඉල්ලා අස්වූ බව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේය. මින් ඉදිරියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ‘යේ මහලේකම්වරයා ලෙස දයාසිරි ජයසේකර මහතා කටයුතු කරන බවද ඔහු පවසා සිටියේය. මීට අමතරව පක්ෂ ප්රතිසංවිධාන කටයුතු කඩිනම් කිරීමට තීරණයක් ගත් බවද හෙතෙම සඳහන් කළේය. විසිර සිටින පක්ෂ සාමාජිකයන් සියලුම දෙනා එකට එකතු කර පක්ෂය ශක්තිමත් කරන බව නව මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
මීට අමතරව ගම් මට්ටමින් පක්ෂය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළ කඩිනම් කර ජාති, ආගම් භේදයකින් තොරව සියලු දෙනාට එක හා සමානව සලකන පක්ෂය බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පත් කරන බවද ඔහු පවසා සිටියේය.
විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සමයේදී ක්‍රියාකාරී දේශපාලනයට පැමිණි දයාසිරි ජයසේකර මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ‘යේ තරුණ පෙරමුණ නියෝජනය කළ නියෝජිතයෙක්ද වේ.
1997 වසරේදී පඬුවස්නුවර ප්‍රා‘දේශීය සභාවට තරග කර වැඩිම මනාප ලබාගනිමින් ප්‍රාදේශීය සභාවට තේරී පත් වූ අතර, ඉන්පසුව පැවැති මහමැතිවරණය ජයගෙන පාර්ලිමේන්තුවට පිවිසෙන ජයසේකර මහතා, පසුකාලීනව වයඹ පළාත් සභාවට තරග කර එහි ප්‍රධාන අමාත්‍ය ධුරයද හොබවීය.
ඉන්පසු යළිත් වතාවක් පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළ ඔහු මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරයි.
popular news
-
Champa Friday, 04 January 2019 11:04 AM
ඔන්න ශ්‍රී ලංකා එක ගොඩ ගන්න එක යූඑන්පී කාරයෙකුට බාර දීල. ඕනේ ඔට්ටුවක් දානවා පරණ ශ්‍රී ලංකා කාරයෝ කවුරුවත් දයාසිරි මහ ලේකම් වුනාට කැමති නැහැ. දයාසිරිත් මෛත්රීටම හරි යන මිනිහ. එකම ගති. මහින්දගේ පිහිටෙන් 2015 පාර්ලිමේන්තු ඇවිල්ල අන්තිමට මෛත්‍රී එක්ක එකතු වුන. පින්තුරයක් තියෙනව කොන්ද දුන්නක් වගේ නවල. ඊට පස්සේ අනාථ පිල. මම ඒ දවස් වලම කිව්වා අනාථ පිල විශ්වාස කරන්න එපා කියලා. මෛත්‍රී හදන්නේ ඊළඟ පාර්ලිමේන්තුවත් යූඑන්පී එකටම අරන් දෙන්න රනිල් එක්ක නෙමෙයි සජිත් එක්ක. මහින්දට අගමැතිකම දුන්නේ බොරුවට කියලා හැමෝම දැන ගත්තේ සජිතුයි කරුයිගේ කතාවෙන්. මහින්දලා මෛත්‍රීගේ ලනුව කෑව. ඒකයි පොහොට්ටු වැඩෙයි හින්ද දැන් වහල්ලු වගේ ඉන්නවා. මෛත්‍රී කලේ තමන්ට විරුද්ධව හිටපු JO එක ඇමක් දීල දමනය කරගත්ත එක. තව ටික දවසකින්, නඩුවට පස්සේ ශ්‍රී ලංකා කාරයෝ ටික කිව්වා කියලා ආපහු ජාතික ආණ්ඩුවක් හැදුවොත් මහින්දට විපක්ෂනායක කමත් නැහැ. ඊළඟට පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා දයාසිරි කිව්වොත් කොහොමද? ඔහොම යන්න දෙන්න. මෛත්‍රීට ඕනේ දේවල් සිද්ධ වෙන්න නැහැ. ඒ මොකොද කිව්වා නම් මිනිස්සු කවදාවත් මෛත්‍රීට සමාව දෙන්නේ නැති නිසා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

