saravita-anim2

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

Latest News - timelapse 10512 hours ago

LATEST

මුලතිව් ගුරුකන්ද විහාරාධිපතිගේ ආදාහන පූජෝත්සවය නයාරු වෙරළේ

calendar_today 2019 සැප් 23 - 14:12 remove_red_eye - 1617  

මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ ආදාහන පූජෝත්සවය විහාරය අසළ පිහිටි නයාරු මුහුදු වෙරළේ සිදු කිරීමට මුලතිව් මහෙස්ත්‍රාත් එස්. ලෙනින් කුමාර් මහතා අද (23දා) දින නියෝග කළේය.

විධායක සේවා නිලධාරීන්ට ඇති වී තිබෙන ගැටලු විසඳීමට හෙට (24දා) දිනයේදී කැබිනට් මණ්ඩලය තීරණයක් ගැනීමට කටයුතු නොකළහොත් 25 වැනිදා සිට වෘත්තීමය ක්‍රියාමාර්ග ගන්නා බව රජයේ විධායක සේවා නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

ගාල්ල දිස්ත්‍රික්කයේ ඊයේ (22) දිනයේ ඇතිවූ අධික වර්ෂාපතන තත්ත්වය හේතුවෙන් මේ වනවිට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 07ක ග්‍රාම නිලධාරී වසම් 36ක සාමාජිකයින් 861 දෙනකු පීඩාවට පත්ව ඇති බව දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය සඳහන් කරයි.

Read More

ඉදිරි ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් තරග කිරිමට සුදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසිය .

Read More

කරුවලගස්වැව 10 කණුව ප්‍රදේශයේ අද ( 23 ) දින උදෑසන යුද හමුදා බස් රථයක් ඇගළුම් සේවිකාවන් ගමන් කරමින් තිබු වැන් රථයක ගැටිමෙන් සිදුවු අනතුරින් හත් දෙනෙකු තුවාල ලබා පුත්තලම මුලික රෝහලට ඇතුලත් කල බව කරුවලගස්වැව පොලීසිය පවසයි.

Read More

රජයේ ආයතනවල සිදුව ඇතැයි කියන වංචා හා දූෂණ ගැන සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටීමට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේදී පැමිණියේය.

Read More

අභියාචනාධිකරණයේ තීන්දුව අනුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 8 දෙනෙකු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (23දා) නිදොස් කොට නිදහස් කරන ලදී.

Read More

බැදුම්කර ගනුදෙනුවෙන් රටට සිදුවූ පාඩුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංම මහතාගෙන් අය කර ගන්නා බව ජාතික ජනබල වේගයේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

Read More

දිවයිනට බලපා ඇති වැසි සහිත තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කළුතර, නාගොඩ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන දැරියක් හා ඇයගේ මව පැහැරගෙන මුදල් ලබා ගැනීමට සැලසුම් කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

වතු කම්කරු ජනතාවට ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ලබා දීමේ අරමුණෙන් වතු රෝහල් අදියර කීපයක් යටතේ මධ්‍යම රජය යටතට ගැනීමට සෞඛ්‍ය සහ මානව සුබසාධනය, සමාජ සවිබල ගැන්වීම පිලිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමුව ඇත.

Read More

එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති ධුර අපේක්‍ෂකත්වය එම පක්‍ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට හිමිවීමේ වැඩි වාසිඇතැයි අද පුවත්පතට වාර්තා වේ.

Read More

තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ගත් තීරණය වෙනස් කළ බවට කථානායක කරු ජයසූරිය මහතා භික්ෂූන් වහන්සේලා පිරිසක් හමුවේ ඊයේ (23දා) පවසා ඇතැයි වාර්තා වේ.

Read More

ඡන්ද ව්‍යාපාරයේ නිරතවන සෑම අපේක්ෂකයෙකුගෙන්ම පරිසරය සුරක්ෂිත කරගනිමින් හා රාජ්‍ය දේපොළ අවභාවිතා නොකිරීම, වෛරී ප්‍රකාශ සිදුනොකරන බවට සහ ප්‍රචණ්ඩත්වය ඇතිනොකරන බවට පොරොන්දු ලබාගන්නා බව ‘මාර්තු 12’ ව්‍යාපාරය සඳහන් කරයි.

Read More

අපි හදිස්සි වෙන්න ඕන නෑ. කලබල වෙන්න ඕන නෑ. අපි කියන දර්ශනය, පක්ෂයේ අනන්‍යතාව, පක්ෂයේ දර්ශනය සියලු දෙනාගේම ගෞරවය ආරක්ෂාවන ප්‍රතිරූපය ආරක්ෂා වන වැඩපිළිවෙළකට අපි යන්නේ.

Read More

එක්සත් ජාතික පක්‍ෂයේ අර්බුදය විසඳා ගැනීමට නම්, ප්‍රථමයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලය ජනතා ඉල්ලීමට අනුව කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පැවසීය

Read More

මට රටේ ජනතාව වරම ලබා දුන් දිනක මා රටේ අන්තවාදයත්, ත්‍රාස්තවාදයත් විනාශ කරනවා. ජාති බේදයට, ආගම් බේදයට මා ළඟ ඉඩක් නැහැ. මගේ කාලවකවානුව තුළ බුදුපිළිම විනාශ කරන්නට බැහැ.

Read More

ඇල්පිටිය, ප්‍රාදේශීය සභාව වෙනුවෙන් තැපැල් ඡන්ද විමසීම් මේ මස 27 වැනිදා සිදුකෙරෙන බවත්, එදිනම සියලුම තැපැල් ඡන්දදායකයන් ඡන්දය භාවිත කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More

මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථාන‍යේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන් අපවත්වීමෙන් අනතුරුව උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කිරීමට මුලතිව් අධිකරණයෙන් සුදුසු නියෝගයක් ලබාදෙන තෙක් අවසන් කටයුතු සිදු නොකළ යුතු බවට මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද (22දා) නියෝගයක් ලැබී ඇති බව මුලතිව් ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ දායක සභාවේ ලේකම් මානිල් කරුණාරත්න පවසනවා.

Read More

ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද ඉල්ලුම්පත් භාර ගැනීමේ අවසන් දිනය සැප්තැම්බර් 30දා. තැපැල් ඡන්දයට ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලබන්නන් තමන් ලියාපදිංචි මැතිවරණ කොට්ඨාසයේ තේරිම් භාර නිලධාරී වෙත තමන්ගේ සහතික කිරීමේ නිලධාරියා මගින් එවන ලෙස දැනුම් දෙනවා.

Read More

ඇහැලියගොඩදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ බව කියන පුද්ගලයන් දෙදෙනෙකු අත්අංඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලයි.

Read More

19 වෙනිදා උදේ අටයි දාසයට ජනාධිපතිතුමා මට දුරකථන ඇමතුමක් දුන්නා. 20 වන සංශෝධනය පිළිබඳ සාකච්ඡා කිරීමට කැබිනට් රැස්වීමක් කැඳවන්නද කියා එතුමා මගෙන් විමසුවා.

Read More

නොවැම්බර් මස 16 වන දින පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා මේවනවිට අපේක්ෂකයින් හය දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබේ. ඉන් තිදෙනෙකු දේශපාලන පක්ෂ වශයෙන් ඇප මුදල් තැන්පත් කර තිබෙන අතර තිදෙනෙකු ස්වාධීන කණ්ඩායම් වශයෙන් ඇප මුදල් තැන්පත් කර ඇත.

Read More

සමාජ මාධ්‍ය ජාල වල සංසරණය වන නිශ්ශංක සේනාධිපති මහතා විසින් සමාජ මාධ්‍ය ජාලයට මුදා හළ දුරකතන සංවාදය ඔහු සමඟ තමා පැවැත්වු එකක් බව සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා හමුවේ පිළිගෙන ඇතැයි වාර්තා වේ.

Read More

දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සිදු කළ ප්‍රකාශය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරිය නීතිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය පවසයි.

Read More

ඉදිරි දින කිහිපයේදී විශේෂයෙන්ම සැප්තැම්බර් 22 දා සිට 24 දා දක්වා වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ගුරුකන්ද විහාරාධිපති හිමියන්ගේ දේහය ගුරුකන්ද විහාරයට රැගෙන ඒමෙන් වළකින ලෙසට ගුරුකන්ද විහාර භූමියේ පිහිටි නීරාවිපුල්ලයාර් කෝවිලේ භාරකාර පිරිසක් කළ ඉල්ලීම මුලතිව් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

Read More

විනය පරීක්‍ෂණයේදී මෙම දුරකථන සංවාදය සම්බන්ධයෙන් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය විසින් කළ පිළිගැනීම් හා එයට අනුශාංගික වු වෙනත් කරුණුද සැළකිල්ලට ගන්නා ලෙස නීතීපතිවරයා රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කිරීමට අදහස් කරන බවද නිශාරා ජයරත්න මෙනවිය වැඩිදුරටත් පැවසුවාය.

Read More

ගාල්ල දිස්ත්‍රික්කයේ ඉමදූව දෙල්ලව සහ හියාරේ ප්‍රදේශයන්ට අද (22දා) අළුයම් කාලයේ ඇදැහැලුණ අධික වර්ෂාවත් සමග මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම නිසා එම මාර්ගයන්හි ගමනාගමනය ඇණහිට තිබේ.

Read More

අධික වැසි තත්ත්වය ‌හේතුවෙන් නිල්වලා ගග පිටාර මට්ටමට ආසන්න බැවින් පහත් බිම්වල ජනතාව අවධානයෙන් පසුවන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.