saravita-anim2

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා

Latest News - timelapse 1511 hours ago

LATEST

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

calendar_today 2024 සැප් 03 - 18:57 remove_red_eye - 293  

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් දිවයිනේ විවිධ ප්‍ර දේශවල සැරිසරමින් බදු මුදල් එකතු කළ කණ්ඩායමේ කිහිප දෙනෙක් මේ වන විට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

ජනාධිපති අපේක්ෂකයකුට සහාය පළ කිරීම සඳහා පන්විල ප්‍රදේශයේ හෝටලයක පැවැත්වෙමින් තිබූ ජන හමුවකට පැමිණි පිරිසකට ලබාදීම සඳහා සූදානම් කොට තිබූ ආහාර මහනුවර මැතිවරණ කාර්යාලයේ නිරීක්ෂණ නිලධාරීන් කණ්ඩායමක්විසින් ඔවුන්ගේ භාරයට ගෙන පන්විල පොලිසියට භාරදී තිබේ .

Read More

2019 වර්ෂයේ දී රජයේ පාසල්වලට පුහුණුවීම සඳහා අනුයුක්ත කළ උපාධිධාරි සංවර්ධන නිලධාරීන් 23,000ක පිරිසකගෙන් 7,000ක් පමණ දැනටමත් පළාත් මට්ටමින් ගුරු සේවයට බඳවා ගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඉතිරි 16,000ක් පමණ වන සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින නඩු නිසා ප්‍රමාද වී ඇති බවද එම නිවේදනයේ දැක්වෙයි.

Read More

ගොවී ජනතාවට සහනයක් ලබාදීම ඔවුන්ට සහායක් ලබාදීම වෙනුවෙන් සියලු ගොවින් ලබාගෙන ඇති සියලු වගා ණය කපා හැරීමට රජය තීරණය කර තිබේ. මෙම තීරණය වහාම ක්‍රියාත්මක වන පරිදි ගෙන ඇති බව රජය ප්‍රකාශ කරයි.

Read More

මෙගාවොට් 1 සිට 5 දක්වා වන ධාරිතාවන්ගෙන් යුත් මෙගාවොට් 165 ක මුළු ධාරිතාවකින් සමන්විත භූමිය මත ඉදිකෙරෙන සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා විදුලි බලාගාර ස්ථාපනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇතිබව වාර්තා වෙයි.

Read More

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලය මගින් ඉදිකල මහරගම අපේක්ෂා රෝහලේ නව ළමා වට්ටු සංකීර්ණය අද ( 03) වැනි දින පෙරවරු විවෘත කරන ලදිි .

Read More

භූමදානය කිරීම සහ ආදාහනය කිරීම පිළිබඳ අයිතිවාසිකම් පනත ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇත.

Read More

ජාතිය, ආගම, කුලය වැනි කාරණා වෙනුවට රටේ ආර්ථිකය මෙවර ජනාධිපතිවරණයේ මාතෘකාව වීම සතුටට කරුණක් කඩිනමින් අපනයන ආර්ථිකයක් වෙත පරිවර්තනය නොවුනහොත්, 2035 - 2040 කාලය තුළ යළිත් අර්බුදයක් ඇතිවිය හැකියි තරුණ ප්‍රජාවට වඩා දීප්තිමත් හා ස්ථාවර අනාගතයක් නිර්මාණය කර දීමට නම් දේශපාලන හා සමාජ පද්ධති ද පරිවර්තනයකට ලක් කළ යුතුයි විදේශ ගමන් බලපත්‍ර තදබදය කඩිනම්න් විසඳනවා: ඩිජිටල්කරණ වැඩපිළිවෙළ ආපස්සට හරවන්නේ නැහැ සුළු ජාතික දේශපාලන පක්ෂ නායකයන් වෙනත් අපේ

Read More

හෙට (04) අනිද්දා (05දා) හා 06දා යන තෙදින තුළ තැපැල් ඡන්දය භාවිත කිරිමට අවස්ථාවක් නොමැති රාජ්‍ය සේවකයන් වෙත මේ මස 11දා හා 12 දා යන දිනවලදීද සිය ඡන්දය භාවිත කිරිමට අවස්ථාව ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

Read More

අඩි 15 ක පමණ දිගැති කිලෝ දෙදහසක් පමණ බරැති තල්මසෙකු අද (03) උදැසන පානදුර වෙරළට ගොඩගසා සිටී බව පානදුර පොලිස් ජීවිත ආරක්ෂක ඒකකය පවසයි .

Read More

එහීදි තමා ගත් තීරණය ගැන ප්‍රකාශය මගින් සඳහන් කළ මන්ත්‍රීවරයා පසුව සභාගර්භය මධ්‍යයෙන් විපක්ෂයට පැමිණීමටද කටයුතු කළේය.

Read More

කරුණාරත්න පරණවිතානගේ මහතා නවවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (03දා) දිවුරුම් දුන්නේය.

Read More

’’මම දේවාලයක් පවත්වාගෙන යමින් දේව ගැතිවරියක් ලෙස කටයුතු කරන නිසා සැමියාට මගෙන් ඉටුවිය යුතු යුතුකම් පැහැර හැරුණා. ඒ නිසා අපි දෙදෙනා අතර නිතර නිතර ආරවුල් පවා ඇති උනා. මම හිතන්නේ ඒ පිළිබඳව ඇති වූ සිත් තැවුලක් හේතුවෙන් සැමියා මෙසේ දිවි නසා ගන්නට ඇති බව ’’

Read More

2024 ජනාධිපතිවරණයට අදාල නිල ජන්ද පත්‍රිකා තැපැල් කාර්යාල වෙත (03) දින ලැබි තිබු අයුරු දක්නට ලැබුණි. තැපැල් කාර්යාල වෙත ලද සියළුම නිල ජන්ද පත්‍රිකා මුද්‍රා තබා වතු ආශ්‍රිතව, ග්‍රාමිය සහ නගර වශයෙන් වෙන් කරගනිමින් එම ප්‍රදේශය භාර ලිපිකරුවන් හරහා (03) දින සිට බෙදා හැරිම සිදු කරන බවයි තැපැල් ස්ථානාධිපතිවරුන් කියා සිටියේ.

Read More

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකොරල මහත්මිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයට ඔහු මෙලෙස දිවුරුම් දුන්නේය.

Read More

කටුනායක ගුවන් තොටුපොළ ඉතිහාසයේ පළමු වරට , ගුවන් තොටුපොළ ව්‍යාපාරික පංතියේ පහසුකම් භාවිතා කර ප්‍රංශය වෙත පළා යාමට තැත් කළ ද්‍රවිඩ ජාතික තරුණයෙකු 09/02 දින රාත්‍රී ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

සැමියා විසින් බිරිඳට අත් පොරවකින් පහරදී ඝාතනය කර ඇතැයි අවිස්සාවේල්ල පොලිසිය කියයි. ඝාතනය සිදු කළ සැකකාර සැමියා පොලිසියට පැමිණ භාර වී ඇත.

Read More

රුපියල් මිලියන එක්ලක්ෂ පනස් දෙදහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා (4) දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

Read More

සමිත දුලාන් එහිදී මීටර් 67.03ක දුරක් වාර්තා කරමින් රිදී පදක්කම හිමිකර ගත් අතර එය F 44 කාණ්ඩයේ ඔහු විසින් තබා තිබූ ලෝක වාර්තාව යළි අලුත් කිරීමක් වේ.

Read More

පාර්ලිමේන්තුව සැප්තැම්බර් 03වැනි අඟහරුවාදා, සහ 04 වැනි බදාදා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. ඊයේ (02) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ‍මෙම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී ඇත.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා ඇමතිවරුන්ට හිමි සියලු වරප්‍රසාද අහිමි කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනතා සේවකයෙක් බවට පත් කරන බවත් ජාතික ජනබලවේගයේ නායක, ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දෙන බදු රහිතව වාහන ලබා ගැනීමේ බලපත්‍රය, නිල නිවාස ලබා නොදෙන බවද දිසානායක මහතා ප්‍රකාශ කළේය.

Read More

නකල්ස් සංරක්ෂිත වනාන්තරය, සිංහරාජ ලෝක උරුම වනාන්තරය සහ හෝර්ටන් තැන්න ජාතික උද්‍යානයට ඇතුල් වි මෙරටට ආවේනික ජෛව සම්පත් කොල්ලකෑමට උත්සහ කල රුසියානු ජාතිකයන් දෙදෙනෙකු වනජිවි නිලධාරින් විසින් ඉකුත් (28) දින අත්අඩංගුවට ගෙන ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු සැකකාර විදේශිකයන් දෙදෙනා (02) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහෙස්ත්‍රාත්වරයා නියෝ කර තිබිණ.

Read More

රට යළි ගොඩනඟන විට ගත් අසීරු තීරණ ජනතාව ඉවසා නොගත්තා නම් අද මේ රටත් බංග්ලාදේශයක්. අඩු ආදායම් ලාභීන්ට සහන පොලියට නිවාස ණයක්. කඳුකර ජනතාවට වතු ගම්මාන සමඟ ඉඩම් අයිතිය – සණස ව්‍යාපාරයේ වැඩිහිටි විශ්‍රාම රක්ෂණ ක්‍රමය හඳුන්වා දීමේ අවස්ථාවට එක්වෙමින් ජනපති පවසයි.

Read More

කාර්යාල සහායක තනතුරේ විවිධ ශ්‍රේණි සඳහා රු. 5450 සිට රු.13, 980 දක්වා. රියදුරන් සඳහා රු.6960 සිට රු.16,340 දක්වා. සමෘද්ධි සංවර්ධන නිලධාරීන්/ කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාර නිලධාරීන් සඳහා රු.8,340 සිට රු.15,685 දක්වා. කළමණාකාර සහකාර තනතුර සඳහා රු.10,140 සිට රු.17,550 දක්වා. සංවර්ධන නිලධාරී තනතුර සඳහා රු.12,710 සිට රු.25,150 දක්වා. මහජන සෞඛ්‍ය පරීක්ෂක/පවුල් සෞඛ්‍ය සේවිකා තනතුරු සඳහා රු.12,885 සිට රු.25,275 දක්වා.

Read More

එදා රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ අග්‍රාමාත්‍යධූරයට සහ ජනාධිපතිධූරයට පත් කළේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් බවත් එදා බාරදුන් වගකීම රනිල් වික්‍රමසිංහ මැතිතුමා නිවැරදිව ඉටු කළ නිසා මෙවර ජනාධිපතිවරණයේදීත් පොහොට්ටුවේ අති බහුතරයක් සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතා සමඟ බවත් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

Read More

අධිවේගී මාර්ගයේ පුතුට වාහනේ පැදවීමට ඉඩ ලබා දුන් නීතිඥවරයාට සහ වාහනය පැද වූ 15 හැවිරිදි පුතාටත් දඩ මහේස්ත්‍රාත්වරයාගේ දැඩි අවවාද

Read More

පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් ඇතුළු පක්ෂ කණ්ඩායම් මෙන්ම දේශපාලන ධාරාවේ ක්‍රියාකාරීන් එක්වමෙරට දැවැන්තතමදේශපාලන සන්ධානයලබන 05 දින බිහිවීමට නියමිත බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යදිලුම් අමුණුගම මහතා මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන් හමුවෙහි පැවසීය .

Read More

ඉන්ධන මිල පහළ දැමුවද බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව දන්වා සිටියි.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාද සිල්වා පාර්ශවය විසින් මෙම උත්සවය සංවිධානය කර ඇත.

Read More

1994-2000 කාලයේ සහ 2010-2015 කාලයේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරයකු ලෙස කටයුතු කර ඇති ඔහු අඛණ්ඩව වසර 10ක් පාර්ලිමේන්තු නියෝජ්‍ය කාරක සභා සභාපති ලෙස ද කටයුතු කළ අත්දැකීම් බහුල දේශපාලනඥයෙකි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.