saravita-anim2

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා

Latest News - timelapse 9711 hours ago

LATEST

එජාපෙ පක්ෂ නායක අවසන් තීන්දුව හෙට?

calendar_today 2019 නොවැ 19 - 09:13 remove_red_eye - 1864  

සහරාන් ඇතුළු කණ්ඩායමක් සිදුකළ පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් සිංහල බෞද්ධ ඡන්ද පදනම එක්සත් ජාතික පක්‍ෂයෙන් ඈත් වීම ජනාධිපතිවරණයේ පරාජයට මූලික ලෙස බලපා ඇතැයි මෙහිදී සාකච්ඡා වී තිබේ.

නව ජනාධිපති ලේකම්වරවයා ලෙස ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාද, නව ආරක්‍ෂක ලේකම් ධුරය සඳහා මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ද මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා ලෙස ආචාර්ය එස්.ආර්. ආටිගල මහතාද පත් කිරීම සඳහා යෝජනා වී ඇති බව සඳහන් වේ.

Read More

ශ්‍රී ලංකාවේ නව ජනපති ලෙස පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත චීන ජනපති ෂී ජින්පිං මහතා සිය සුබ පැතුම් එක්කර තිබේ.

Read More

වවුනියාව එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක පී.ඒ. කරුණාදාස මහතාට අද (18) සවස කිසියම් දේශපාලන ආධාරකරුවන් පිරිසක් විසින් සිදුකල පහරදීමක් හේතුවෙන් රෝහල්ගත කොට ඇති බව වවුනියාව පොලීසිය පවසයි.

Read More

නාමයෝජනා භාර දුන් දිනයේ සිට ඡන්ද විමසීම පැවැති දිනය දක්වාත්, ඉන්පසුව ගෙවී ගිය කාලයත් ඉතාමත් සාමකාමී බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Read More

රුවන්වැලි මහා සෑ රදුන්ගේ කොත් වහන්සේ සහ නව චූඩා මාණික්‍ය පැලඳවීම නොවැම්බර් 25 වැනිදා සවස සිදුකිරීමට නියමිතය.

Read More

ඇසුරු නොකළ තිරිගු පිටි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 87ක් බවත්, ඇසුරුම් කළ තිරිඟු පිටි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් අනූ දෙකක් (92) බවත් පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.

Read More

වැලිකන්ද, මහින්දාගම ප්‍රදේශයේ පිහිටි රජයේ රක්ෂිත ඉඩමක තිබි විදේශීය රටක නිෂ්පාදනය කරන ලද ජීව අත්බෝම්බ 3ක් අද (18) දින හමු වූ බව වැලිකන්ද පොලීසිය පවසයි.

Read More

එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් වන රවී කරුණානායක, දයා ගමගේ, ජෝන් අමරතුංග, වජිර අබේගුණවර්ධන, අර්ජුන රණතුංග යන අමාත්‍යවරුන් අද (18දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දීමේ උත්සවය සඳහා රුවන්වැලිසෑ පුදබිමට පැමිණෙන මාර්ගයේ රැඳී සිටි ජනතාව ඔවුන් හට දැඩි විරෝධයක් දැක්වූහ.

Read More

ලබන වසරේ මාර්තු මාසය එළඹෙන තුරු බලා නොසිට මහ මැතිවරණයක් පවත්වන ලෙස නව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ.

Read More

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ නව විධායක ජනපති ලෙස තෝරා ගැනීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

Read More

එළවලු මිල ඉහළ යෑම නිසා හා එළවලු හිඟයක් ඇතිවීම නිසා පාරිභෝගික ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව තිබෙන බව වාර්තා වේ.

Read More

හැකි ඉක්මනින් මහ මැතිවරණයක් කරා පිවිසීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ පාර්ශ්වයන්ගේ අවධානය යොමුව තිබේ.

Read More

ඔහු සඳහන් කරන්නේ නිදහස් පක්ෂ සභාපති තනතුර භාර ගැනීමේදී මහින්ද රාජපක්ෂ මහතා හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර රාජපක්ෂ පවුලේ සාමජිකයන් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් එකඟතාවක් ඇතිකර ගත් බවයි.

Read More

ඉමදුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මල්ලිකා පද්මිණි මහත්මියගේ නිවසට පැමිණි පිරිසක් මන්ත්‍රීවරියට පහරදුන් බව කියන සිද්ධියක් හේතුවෙන් එම මන්ත්‍රීවරිය අහංගම ගොන්නගහහේන රෝහලට ඇතුලත්ව තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ හත්වැනි ජනාධිපතිවරයා තෝරාගැනීම වෙනුවෙන් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට සමස්ත ශ්‍රී ලාංකීය ජනතාව රජයට ලබාදුන් සහයෝගය වෙනුවෙන් කෘතවේදීත්වය පළ කරන බව නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

Read More

මෙම මැතිවරණයේදී පවතින සමාජ ආර්ථික ක්‍රමය වෙනුවට විකල්ප සමාජ ආර්ථික ක්‍රමයක්, එනම් සමාජවාදය පිළිබඳ සංවාදය සමාජය හමුවට ගෙන ඒමට කටයුතු කළ බවත් එමෙන්ම සමාජයක් ලෙස මුහුණ දෙන ගැටලු, අනතුර පිළිබඳ සාකච්ඡා කළ බවත් එම වැඩපිළිවෙළ දේශපාලන වශයෙන් ජයග්‍රහණය කරවීමට ඉදිරියේදී කටයුතු කරන බවත් දුමින්ද නාගමුව මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනපති ලෙස පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා සුබ පැතුම් එක් කර තිබේ.

Read More

යුද සමයේදී අතුරුදහන් වූව‍න් වෙනුවෙන් විසඳුම් ඉල්ලා උතුරේ ආරම්භ කරන සත්‍යග්‍රහයන්ගෙන් වවුනියාවේ සත්‍යග්‍රහයට දින දහසක් ගෙවිම පසුගියදා සිදුවුණද එතෙක් තමන්ට විසඳුමක් නොලැබිමෙන් විසඳුමක් ලැබෙන දිනය කවදාද යන්න පිළිබඳව එම වැසියන් දැඩි අසරණතාවයකට පත්ව සිටිති.

Read More

ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනපති ලෙස බහුතර ජනමතයෙන් තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් මහතා සුබ පැතුම් එක්කර තිබේ.

Read More

මෙවර අවසන් වූ ජනාධිපතිවරණ වෙනුවෙන් උතුරේ ඡන්දය ප්‍රකාශ කිරිම ඉතා සාමකාමීව පැවතුන බවටත් එය සිංහල , දෙමළ හා මුස්ලිම් වැසියන් බහුලව සිටින පළාතක් වශයෙන් වැදගත් සිදුවීමක් බවට යුරෝපීය සංගමයේ මැතිවරණ නිරීක්ෂණ දූත කණ්ඩායම් විසින් පෙන්වා දෙයි.

Read More

හත්වැනි විධායක ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ධජය ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

“අපි යම් ප්‍රතිඵලයක් අපේක්ෂා කළා. නමුත් අපි අපේක්ෂා කළ ප්‍රතිඵලය මේ මැතිවරණ ප්‍රතිඵලයේ නෑ.”

Read More

ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපති වශයෙන් පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරි අනාගතය වෙනුවෙන් සුභපතන බවට උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වි. විග්නේශ්වරන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.

Read More

තමා විසින් නිර්මාණය කළ පුතාණෝ වීඩියෝ අද දිනයේදී මකා දමන බව කළාකරු ඉරාජ් වීරරත්න සිය ෆේස්බුක් ගිණුමෙන් නිවේදනය කරයි.

Read More

රටේ යහපත වෙනුවෙන් විධායක බලතල ක්‍රියාත්මක කිරීමට පසු භට වෙන්නේ නෑ. මගේ ප්‍රතිපත්ති අනුව කටයුතු කළ හැකි නව රජයක් මම පිහිටුවනවා.

Read More

හිඟුරක්ගොඩ පිංපාර ප්‍රදේශයේදි ඊයේ (17) දින පස්වරු 7.00ට පමණ දේශපාලන පක්ෂ දෙකක දෙපිරිසක් අතර ඇති වු ගැටුමකදි පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා හිඟුරක්ගොඩ රෝහලට ඇතුලත් කල බව හිඟුරක්ගොඩ පොලීසිය පවසයි.

Read More

නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් ගත් තිරණයන්ට අනුව සියලුම රාජ්‍ය ආයතන වල ප්‍රදර්ශනය කර තිබෙන ජනපති පින්තුර හා අගමැති පින්තුරූ ඉවත් කර ඒ වෙනුවට රාජ්‍ය ලංජනය පමණක් ප්‍රදර්ශනය කර තැබිය යුතු බවට නිවේදනය කර ඇති බව සඳහන් වේ.

Read More

’’ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කර කටයුතු කරනවා. ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටතදී වෙනත් රාජ්‍යයක් බිහිකිරීමට ආධාර අනුබල නොදෙන බවට ගෞරව බහුමානයෙන් ප්‍රකාශ කරමි’’

Read More

සිංහල ජනතාවගේ සහායෙන් පමණක් ජනපති ලෙස පත්විය හැකි බවට දැනගෙන සිටියත් දමිල හා මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලා සිටියා මට සහාය දක්වන ලෙස. නමුත් එයට ප්‍රතාචාර යහපත් මට්ටමක තිබුණේ නෑ. මා ඔබෙන් ඉල්ලා සිටින්නේ මා සමග එක්වන ලෙසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.