saravita-anim2

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා

Latest News - timelapse 9445 hours ago

LATEST

මැණික් කර්මාන්තයේ නියලෙන්නන් ආරක්ෂා කිරිමට පියවර ගන්නවා - වාසුදේව

calendar_today 2020 ජන 16 - 17:35 remove_red_eye - 222  

මැණික් කර්මාන්තය ජීවනෝපාය කරගත් ජනතාව ආරක්ෂා කිරිමට පියවර ගන්නා බව වාසුදේව නානායක්කාර මහතා පවසයි.

කාසල්රි ජලාශ රක්ෂිතයේ අද (16) දින පස්වරුවේ හටගත් ගින්නකින් රක්ෂිතයේ අක්කර 5 ක් පමණ කොටසක් ගිනිගෙන විනාශ වි තිබුණි.

Read More

රගර් ක‍්‍රීඩක වසීම් තාජුඩින් ඝාතනය කීරීමේ සිද්ධියේ තොරතුරු වසන් කළ බවට චෝදනා ලැබ සිටින කොළඹ පළාත බාරව සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා නෙමැතිව ඔහුට එරෙහි නඩුව විමසීමට ලබන මාර්තු මස 02 වැනිදා කරුණු ඉදිරිපත් කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (16) නියම කළේය.

Read More

අසර්බයිජාන්හිදී හදිසි අනතුරකින් මියගිය ශ්‍රී ලාංකික ශිෂ්‍යාවන් තිදෙනොගේ දේහ, ඊයේ දිවයිනට රැගෙන එනු ලැබීය.

Read More

පසුගිය රජය සමයේ සිදුවූ දූෂිත ටැබ් පරිගණක ගනුදෙනුව පිළිබඳ ගොනුකළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් වැඩිදුර කරුණු දැක්වීම සඳහා අද (16) අල්ලස් කොමිසමට නීතිඥ උදය ගම්මන්පිල මහතා පැමිණියේය.

Read More

රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව ඉකුත් රජය සමයේ ගොනු කරන ලද සාවද්‍ය මුදල් පරිහරණය කිරිමට අදාළ නඩුවේ සාක්ෂි විභාගය පිළිබඳව යළි සලකා බලන ලෙස කොළඹ මහාධිකරණයට ඉල්ලීමක් ඉදිරිපත් වි තිබේ.

Read More

නව රජයේ උත්සාහයෙන් ජනාධිපතිතුමාගේ මාර්ගෝපදේශකත්වයෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ කර්මාන්ත හා සම්පත් කළමනාකරණය කර්මාන්ත 05ක් ඉදිකිරිමට නියමිතය.

Read More

ආණ්ඩුව කරන්නාවූ සෑම දේටම විරුද්ධ නොවි යහපත් දේට සහාය දි අයහපත් දේට විරුද්ධ විම නියම විපක්ෂයක කාර්යභාරය බවත් සජිත් ප්‍රේමදාස මහතාට ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගීමේ හැකියාව පවතින බව මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියෝ පවසති.

Read More

මේ වසරේ පළමුවන ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරිම සිදුවූ අද (16) ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලය ඉදිරිපිටට රැස්වු මවුපියන් පිරිසක් දරුවන් ද ඇතුළත් කර ගන්නා ලෙස ඉල්ලමින් විරෝධතාවක් පැවැත්වීය.

Read More

තංගල්ල මුලික රෝහල ශ්‍රි ලංකාවේ ඉහළම පහසුකම් ඇති සුවිශේෂී වූ මුලික රෝහලක් වශයෙන් වැඩිදියුණු කරන බව කාන්තා හා ළමා කටයුතු සමාජ ආරක්ෂණ සෞඛ්‍ය හා පෝෂණ දේශීය වෛද්‍ය කටයුතු ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසීය .

Read More

යාපනය කොට්ටඩි ප්‍රදේශයේදි දෙපිරිසක් අතර තියුණු ආයුධ වලින් පහරදි ගැනීම හේතුවෙන් 7 දෙනෙකු තුවාල ලබා ඊයේ (15) රාත්‍රියේ රෝහල්ගත කොට ඇති බවට යාපනය පොලීසිය පවසයි.

Read More

දෙමළ සංස්කෘතිය අරමුණු කොට යාපනය අහස්තලය වර්ණවත් කරමින් ඉතා අලංකාර වූ 2020 නව වසරේ සරුංගල් සැණකෙළිය මෙවරද යාපනය වැල්වැටිතුරෙයි මුහුදු තීරයේදී පැවැත්වුණි.

Read More

සංචාරක බස්රථ හිමියන්ට කල්බදු වාරික ගෙවීම සදහා සහන කාලයක් ලබා දීමට රජය තීරණය කර තිබේ.

Read More

රත්මලාන ප්‍ර දේශයේ රන් භාණ්ඩ වෙළඳසැලකට ඇතුළු වී අවි ආයුධ පෙන්වා සේවකයන් බිය ගන්වා එහි තිබූ රුපියල් 2171255ක් වටිනා රන් භාණ්ඩ කොල්ලකෑමට අදාළව සැකකරුවන් 6ක් හා සැකකාරියන් 2ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

එක්සත් ජාතික පක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීම සම්බන්ධයෙන් අද (16දා) දිනයේ පැවැත්වෙන රැස්වීමේදී අවසන් තීරණයක් නොගන්නේ නම් විකල්ප ක්‍රියාමාර්ග ඔස්සේ කටයුතු සිදුකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය.

Read More

ඉදිරි මහ මැතිවරණය මෙහෙයවීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ නායකත්වයක් එක්සත් ජාතික පෙරමුණේ බහුතර කැමැත්ත මත අද (16දා) තෝරාගැනීමට නියමිතය.

Read More

ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු සන්ධානයෙන් භික්‍ෂූන් වහන්සේලාට අපේක්‍ෂකත්වය ලබා නොදීමට තීරණය කර ඇති බව ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් මහනාහිමිවරුන්ට දැනුම්දී ඇති බව වාර්තාවේ.

Read More

මහනුවර හිඳගල සීවලි මහා විද්‍යාලයට ළමයෙකු ඇතුලත් කර ගැනිම සදහා රුපියල් 25,000ක අල්ලසක් ලබාගත් බව සඳහන් කරමින් අල්ලස් හා දුෂණ විමර්ශන නිලධාරින් විසින් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර විදුහල්පතිවරිය ලබන 27 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අද (15) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය මගින් නියෝග කළේය.

Read More

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් බහුකාර්ය සංවර්ධන කාර්යසාධන බලකාය සඳහා අඩුආදායම්ලාභී සහ නිපුණතාවයක් රහිත අය වෙනුවෙන් රැකියා ලක්ෂයක් ලබාදිමේ වැඩසටහනේ සැලසුම් මේ වනවිට අවසන් අදියරේ පවති.

Read More

දිළිඳුකම පිටු දැකීම සඳහා කාර්ය සාධක බළකායක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය දෙවැනි නිල සංචාරය ලෙස ලබන මාසයේදී චීනයේ නිල සංචාරයකට එක්වීමට නියමිතය.

Read More

රටට අවශ්‍ය ආරක්ෂිත ඉන්ධන තොග මට්ටම ප්‍රශස්ත ලෙස පවතින බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Read More

මෙම ව්‍යාපෘතියේ සම්පූර්ණ ඇස්තමේන්තු ගත පිරිවැය ඇමෙරිකානු ඩොලර් මිලියන 252.30ක් වන අතර එයින් ඇමෙරිකානු ඩොලර් මිලියන 199.27ක මූල්‍ය පහසුකම් කොරියාවේ ආර්ථික සංවර්ධන අරමුදල මගින් ලබාදීමට එකඟ වී තිබේ.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තෛයිපොංගල් උත්සවය වෙනුවෙන් ආගමික වතාවත් වල නිරත වීම මෝදර ශ්‍රී විශ්නු කෝවිලේදී සිදු කෙරිණි. එම අවස්ථාවට ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස්දේ වානන්ද, තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල යන මහත්වරු ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී වූහ.

Read More

අඩු ආදායම්ලාභී ජනතාවට අඩු මිලට අත්‍යාවශ්‍ය ආහාර සැපයීමේ ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ. ‍

Read More

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව යොදා ගනිමින් පසුගිය ආණ්ඩුව සිදුකළ දේශපාලන පළිගැනීම් විමර්ශනය කිරිම සඳහා ජනපති කොමිෂසමක් පත්කිරිමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

පොළොන්නරුව, මනම්පිටිය, මහවැව ප්‍රදේශයේ ඉකුත් (12) දින නිවසේදි පැවැත්වු සාදයක් අතරතුරදි හදිසියේ රෝගාතුරව රෝහල් ගත කළ අවස්ථාවේදි මියගොස් සිටි බව කියන ගුවන් සෙබළාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට ගුවන් සෙබලුන් තිදෙනෙක් අද (15) දින අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලීසිය පවසයි.

Read More

වතු කම්කරු වැටුප මාර්තු 01 දින සිට ඉහළ දමන්නේ රජය මගින් වතු සමාගම්වලට ලබාදෙන මුදල් නිසා බව රජයේ සම මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.

Read More

තමන්ගේ නොහැකියාව තනතුරුවලින් ආවරණය කර ගැනිමට නොහැකි බව හිටපු අමාත්‍ය වජිර අබේගුණවර්ධන මහතා පැවැසීය.

Read More

ශ්‍රිපාද වන්දනාවේ පැමිණි වන්දනා නඩයකට පණුවන් සහිත ආහාර ලබා දුන් ආපන ශාලාවක් අද (15) දින මුද්‍රා තැබු බව නල්ලතන්නිය මහජන සෞඛ්‍යය පරික්ෂක කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසුහ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.