saravita-anim2

2025 ඔක්තෝබර් මස 11 වන සෙනසුරාදා

2025 ඔක්තෝබර් මස 11 වන සෙනසුරාදා

Latest News - timelapse 9261 hours ago

LATEST

ඩෙංගු ව්‍යාප්තියේ අඩුවිමක්

calendar_today 2019 දෙසැ 19 - 22:00 remove_red_eye - 442  

මේ වසරේ ජනවාරි මස සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 90,000 ක් පමණ වර්තා වි ඇති නමුත් පසුගිය නොවැම්බර් මසට සාපේක්ෂව දෙසැම්බර් මස පසුගිය සති තුන තුළ ‌ඩෙංගු රෝගය වැළදීමේ ප්‍රවණතාවය අඩුවී ඇති බව ඩෙංගු මර්දන ඒකකය අවධාරණය කරයි.

ජාතික පාසල් 278ක විදුහල්පති පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවා කොමිසමේ අධ්‍යාපන සේවා කමිටුවේ නියමය පරිදි ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ සුදුසුකම් ලත් නිලධාරීන්ගෙන් පසුගිය අගෝස්තු මාසයේ දී අයදුම්පත් කැඳවා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන ඉන්දියානු නාවික හමුදාධිපති, අද්මිරාල් කරම්බීර් සිං අද (19) ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමු විය.

Read More

2020 පෙබරවාරි 4 වන දින යෙදෙන 72 වන ජාතික නිදහස් දින සැමරුම් මෙවර කොළඹ නිදහස් චතුරශ්‍රයේ පැවැත්විමට වන එකතාවට අද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

Read More

වර්තමාන ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමට හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ හිතවාදීන් දෙදෙනෙක් සෞඛ්‍ය සේවාව කඩාකප්පල් කිරීමේ වැඩපිළිවෙළක් සිදුකරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

ඊයේ (18) දින රාත්‍රියේදී, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීමේදී සිදුව ඇති ක්‍රියාවලිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීම පිළිබඳව මෙතෙක් පැවති සම්ප්‍රදාය උල්ලංඝනය කිරිමක් බව කථානායක කාර්යාලය විසින් නිවේදනය කෙරේ.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගමන් කළ හෙලිකොප්ටර් යානයක් බණ්ඩාරවෙල දක්වා එම යානය නොගොස් අද (19) පැවති මීදුම් සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් බලන්ගොඩ නගර සභා ක්‍රීඩාංගණයට ගොඩබැස්සවිය.

Read More

නූතන ඩි‍ජිටල් සංග්‍රාමයට හසුව අසන්නට සහ දකින්නට පමණක් හුරුව සිටින වත්මන් පරපුරට කියවිම යළි හුරුකළ යුතුව පවතින බවත්, ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මගහැරුණු වගකීම ඉටුකරන්න‍ට අවැසි නායකත්වය නොඅඩුව ලබාදෙන්නට තමා සූදානම් බවත් අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

Read More

වැරදුන ආර්ථික උපායමාර්ග නිවැරදි කරගෙන ඉදිරියට යාමට ඉතිහාසය බලකර කියා සිටින බවත් කර්මාන්ත හා ව්‍යවසායකයින් ආරක්ෂා කිරිමට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ බැදි සිටින බව කුඩා හා මධ්‍යපරිමාණ ව්‍යාපාර , ව්‍යවසාය සංවර්ධන , කර්මාන්ත හා සැලසුම් කළමනාකරණ අමාත්‍ය විමල් විරවංශ මහතා පැවසිය .

Read More

අද සවස දුම්රිය පිළි පැනිමක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ සහ පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය බාධා එල්ල වී තිබේ.

Read More

රත්තොට කන්දේනුවර ප්‍රදේශයේ දි පුද්ගලයකුට පහර දි ඝාතනය කිරිමේ චෝදනාව ඇතුලු චෝදනා තුනකට වරදකරුවන් වු එම ප්‍රදේශයේම පදිංචි එකම පවුලේ දෙදෙනෙකුට සහ තවත් පුද්ගලයින් තිදෙනෙකු ඇතුලු පුද්ගලයින් පස්දෙනෙකුට මාතලේ මධ්‍යම පළාත් බද මහාධිකරණ විනිසුරු එස්.යු .බි කරල්ලියද්ද මහතා විසින් (18) දා මරණිය දඬුවම් නියම කළේය.

Read More

බදුල්ල දිස්ත්‍රික්කයට නොකඩවා ඇඳහැලෙන වැසි සමග මාර්ග වලට පස් ,ගල් හා ගස් කඩාවැටිමේ අවදානම වර්ධනය වි ඇතැයි ආපදා කළමණාකරන ඒකකය පවසයි.

Read More

කිලිනොච්චිය දිස්ත්‍රික්කයට නැවතත් වර්ෂාව ඇඳහැලීම හේතුවෙන් ඉරණමඩු ජලාශයේ වාන්දොරටු දෙකක් විවෘත කිරීමට සිදුවූ බවට වාරිමාර්ග නිලධාරීහු පැවසූහ.

Read More

මාධ්‍යවේදියෙකුට පහරදීමේ චෝදනාවට කැලණිය එක්සත් ජාතික පක්ෂ හිටපු ආසන සංවිධායක බෙවන් පෙරේරාගේ පුත් මංජුල පෙරේරා යන අය අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු ජාතික තවුහිද් ජමාත් සංවිධානය සමඟ සම්බන්ධතාවයක් ඇති බවට සැකපිට අත්අඩංගුවට ගත් 64 දෙනා රක්ෂිත බන්ධනාගාරගත කිරිම මේ මස 31 වන දින දක්වා දීර්ඝ කර ඇත.

Read More

රුපියල් මිලියන 20 ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවට වරදකරු කළ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අවි.එච්. කුසුමදාස මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන මහත්වරුන්ට කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය විසින් වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.

Read More

බොරැල්ල බස් රථගාලක අනාරක්ෂිත ලෙස වාහන තුනක ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ පහකට ආසන්න වටිනා ඩීසල් තොගයක් සිය භාරයට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

Read More

මිලේනියම් චැලෙන්ජ් කොපරේෂන් ගිවිසුම ක්‍රියාත්මක කිරිම අත්හිටුවිමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

Read More

පස්සර සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ලෙස ගබඩා කරතිබූ රුපියල් 9870ක් ඇතුලත් මුද්‍රාතැබූ ලියුම් කවර 16ක් සොරකම් කළැයි සැකපිට අධිකරණයේ කාර්යාල කාර්ය සහායකයෙකු අද (19) බදුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

Read More

මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පාලනය වන මස්කෙළිය ප්‍රාදේශිය රෝහලට වෛද්‍යවරුන් සහ හෙදියන් ලබාදෙන ලෙස බල කරමින් මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් 5 දෙනෙකු අද (19) දින උදැසන රෝහල ඉදිරිපිට සත්‍යයග්‍රහයක නියැලි සිටියහ.

Read More

තරුණයෙකු අනතුරකට ලක් කළ පළා යාම සම්බන්ධයෙන් ඊයේ ( 18) දින අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා මේ සම 24 දක්වා රිමාන්ඩ් ගත කිරිමට අධිකරණය අද නියෝග කෙරිණි.

Read More

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයින්ට පසුගිය මාසයේ අතිකාල දීමනා වශයෙන් කෝටී 15කට වැඩියෙන් ගෙවා ඇතැයි වාර්තා වන බැවින් ඒ සම්බන්ධව වහාම තමන්ට සවිස්තරාත්මක වාර්තාවක් ලබාදෙන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම සංස්ථාවේ සාමාන්‍යාධිකාරීවරයාට දැනුම් දුන්නේ ය.

Read More

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අධිකරණය වෙත රැගෙන ඒමට කටයුතු කර තිබෙනවා.

Read More

කසුන් රාජිත වෙනුවට ළසිත් ඇඹුල්දෙණිය කණ්ඩායමට කැඳවා ඇත. පාකිස්ථානු කණ්ඩායමට උස්මාන් ෂින්වාරි වෙනුවට යසීර් ෂා කණ්ඩායමට කැඳවා ඇත

Read More

දිවයින පුරා ඩෙංගු රෝගීන් වාර්තා වී තිබෙන හෙයින් ඩෙංගු රෝගයෙන් පාසල් දරුවන් ආරක්ෂා කර ගැනීමට නව පාසල් වාරයට පෙර ඩෙංගු මර්දන වැඩසටහන් පාසල් මට්ටමින් ක්‍රියාත්මක කරන ලෙස අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. පාසල් ආශ්‍රිතව ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට විදුහල්පතිවරුන්ගෙන්, දෙමාපියන්ගෙන් හා ආදිශිෂ්‍ය සංගම්වලින් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා පවසා සිටියේය.

Read More

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ භික්‍ෂු සංසදය විසින් එක්සත් ජාතික පක්‍ෂයේ නායක ධුරයට කථානායක කරු ජයසූරිය මහතා පත් කරන ලෙස පක්‍ෂයේ වර්තමාන නායකත්වයෙන් හා එ.ජා.ප.යේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ලිඛිතව ඉල්ලා ඇතත් මේ දක්වා ඊට ප්‍රතිචාරයක් ලැබී නැතැයි වාර්තා වේ.

Read More

අනතුරක් සිදු කර පළායාම සම්බන්ධයෙන් අද (18) දින අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා ‌හෙට (19) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කේරුණා.

Read More

ප්‍රකාශිත උපරිම සිල්ලර මිල බලාත්මක කිරිමට සහ වෙළෙඳපොළ මගඩිවලට පාරිභෝගිකයන් ගොදුරුවන උත්සව සමයේ දී අත්‍යාවශ්‍ය භාණ්ඩ නොකඩවා වෙළෙඳ පොළට සැපයීම සහතික කිරිමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාරිභෝගික කටයුතු අධිකාරියට දැනුම් දෙයි.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) ප.ව 7.30ට පමණ නාරාහේන්පිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

Read More

කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගෙන් පොලීසිය ප්‍රශ්න කිරීම් ආරම්භ කර ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.