saravita-anim2

2026 අප්‍රේල් මස 29 වන බදාදා

2026 අප්‍රේල් මස 29 වන බදාදා

Latest News - timelapse 9632 hours ago

LATEST

කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 210 දක්වා ඉහළට

calendar_today 2020 අප්‍රේ 12 - 23:09 remove_red_eye - 1990  

අද සවස කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වු රෝගීන් හත් දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන අතර ඒ අනුව අද දිනයට පමණක් රෝගීන් 11 දෙනෙක් වාර්තා වී තිබේ.

කොරෝනා වසංගතය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට යාමට නොහැකිව මෙවනවිට තායිලන්තයේ බැංකොක් නුවර රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට නොමිළේ අවශ්‍ය ආහාරපාන ලබා දීමට බැංකොක් නගරයේ පවත්වාගෙන යන ශ්‍රී ලාංකීය ආපනශාලාවක් වන මානෙල් ලංකා ආපන ශාලාව ඉදිරිපත්ව සිටියි.

Read More

එජාපය හා ජවිපෙ අසත්‍ය ප්‍රකාශ කරන බවත් මැතිවරණ පවත්වන්න විසුරුවා හැරිය පාර්ලිමේන්තුව යළි කැඳවන්න ජනපතිට බලයක් නොමැති බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

Read More

මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද චාම් හා සරලව උපේක්ෂා සහගතව තම පවුලේ සාමජිකයන් සමග පමණක් සමරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉල්ලා සිටියි.

Read More

සිංගප්පූරුවේ සහ දෝහා කටාර් ගුවන් තොටුපළවල සිරවී සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් 14 දෙනකු නිරෝධායන ක්‍රියාවලිය සඳහා අද 12 දියතලාව වැඩ සේවා නිවාඩු නිකේතන නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත් කළ බව දියතලාව යුද හමුදාව පවසයි.

Read More

ඒ අනුව යම් විභ්‍යව ජෛව විද්‍යාත්මක උවදුරක් වැළැක්වීම් කාර්යය සඳහා සෙල්සියස් අංශක 800 සිට 1200 දක්වා වූ උෂ්ණත්වයක් සහිතව විනාඩි 45ක කාලයක් සිට පැයක කාලයක් සඳහා සම්පූර්ණයෙන් දැවී යන තෙක් හා නිසි බලධාරියා විසින් අනුමත කරන ලද සුසාන භූමියක හෝ ස්ථානයක ඒ බලධාරියාගේ අධීක්ෂණය යටතේ ආදාහනය කරනු ලැබිය යුතුය.

Read More

විදෙස් රටවල සිටි මුහුදු මාර්ගයෙන් මෙරටට කොවිඩ් ආසාදිතයින් ඒම වැළැක්වීම සඳහා ආරක්ෂක අංශ මුහුදු සීමාවල ආරක්ෂාව තර කර ඇත.

Read More

අම්පාර අක්කරපත්තුව ප්‍රදේශයෙන් හමුවු කොරෝනා රෝගියාගේ බිරිඳට කොරෝනා ආසාදිත වි ඇති බව අක්කරපත්තුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ගුණසිංහම් සුගුනන් මහතා පැවසිය.

Read More

කොරෝනා වෛරසය පැතිර යෑමත් සමග රට පුරා උග්‍ර බීජ හිඟයක් පවතින බවත් ගොවීන් වහාම දේශීය බීජ යළි භාවිතයට හුරු කිරීම රජයේ වගකීමක් බවත් ඒ සඳහා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ උපරිම සහයෝගය රජයට ලබා දෙන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැවසීය.

Read More

වෛද්‍යවරයෙකු විසින් නර්දේශිත ඖෂධ වට්ටෝරුවක් සහිතව පමණඛ් ලබදිය යුතු ඖෂධ කිසිඳු ඖෂධ වට්ටෝරුවක් රහිතව ජනතාවට ලබදීමට කිසිවිටකත් නොකළ යුතු බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ ආහාර ගබඩාවකට ඉතා අපිරිසිදු තත්ත්වයේ සහ කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය ගබඩා කර තැබීම පරිප්පු තොග සඟවා තැබීම සහ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කිරීම යන චෝදනා යටතේ නඩු පැවරීමට නගර සභා සෞඛ්‍ය අංශ අද ( 12) දින නගරාධිපති ජාලිය ඕපාත මහතා නියෝග කළේය .

Read More

ඉන්දියාවේ අගනුවර වන දිල්ලියේ රිච්ටර් මාපක ඒකක 3.5ක ප්‍රබල භූ කම්පනයක් සිදුවී ඇත.

Read More

ශ්‍රී ලංකා නවික හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද තවත් මෙඩි මේට් (Medi mate) ස්වයංක්‍රීය උපකරණයක් කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහල වෙත ලබා දීමට අද (12) කටයුතු කරන ලදි.

Read More

රට තුළ මේ දිනවල පවතින තත්ත්වය හමුවේ ගම්බිම් බලා පිටත්විමට නොහැකිව බස්නාහිර පළාත තුළ විවිධ දුෂ්කරතාවයන්ට මුහුණපා සිටින සෙසු පළාත්වල ජනතාවට සහන සැලසිම සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමා විසින් සහන සේවාවන් ආරම්භ කර ඇත.

Read More

ජා-ඇල ප්‍රදේශයෙන් පුද්ගලයින් 43 ක් සහ මාකේවිට ප්‍රදේශයෙන් පුද්ගලයින් 09 දෙනෙකු වශයෙන් පුද්ගලයින් 52 ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

Read More

කළුතර දිස්ත්‍රික්කයේ කොරෝනා වෙරසය ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 32ක් දක්වා ඉහල ගොස් ඇති අතර ඉන් ආසාදිතයින් 20 දෙනෙකුම හඳුනාගෙන ඇත්තේ බේරුවල සෞඛ්‍ය නිලධාරි කොට්ඨාසයෙන් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Read More

ජා ඇල සුදුවැල්ල ග්‍රාමයෙන් සොයා ගන්නා ලද කෙරෝනා වෛරසය ආසාදිතයෙකු ඇසුරු කළ රාගම උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලෙහි රෝහල් සෞඛය සේවක කාර්ය මණ්ඩලයේ පුද්ගලයෙකු හට වෛරසය ආසාධනය විම හේතුවෙන් එම රෝහලෙහි සෞඛ්‍ය සේවක කාර්ය මණ්ඩලයේ 22ක් සහ වැලිසර ළය රෝහලෙහි සෞඛ්‍ය සේවක කාර්ය මණ්ඩලයේ 05ක් අද (2020 අප්‍රේල් 12) මන්නාරම, මුලන්කාවිල් ප්‍රදේශයේ පිහිටි නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට කටයුතු කරන ලදි.

Read More

මෙ‍‍තෙක් කලක් ජනතාව, සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ කළ කැපකිරීම් එක් කණ්ඩායමක බල වුවමනාව වෙනුවෙන් අපතේ යැවිය යුතු නැති බවත්, ඇතිවිය හැකි ව්‍යවස්ථා අර්බුදය වැළැක්වීමට පාර්ලිමේන්තුව කැඳවීමේ බලය ජනාධිපතිවරයා විසින් පාවිච්චි කළ යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

Read More

එළඹෙන මැයි මස 18 වන දින සියලුම විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යාපන කටයුතු ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පවසයි.

Read More

මිළ දී ගන්නා වට්ටක්කා තොග අනුරාධපුර දිසාපතිවරයාගේ ද සහාය ඇතිව කොළඹට ගෙන්වා දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වලට බෙදා දෙන්නැයි කොළඹ දිසාපතිවරයාට දැනුම් දී ඇත.

Read More

ග්‍රාමීය මට්ටමින් අලුත් අවුරුදු සැමරුම් උත්සව පැවැත්වීමේ සූදානමක් ඇති නිසා එම උත්සව නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථානවලට නියෝග කර තිබෙනවා.

Read More

උද්ගතව ඇති ව්‍යසනකාරී තත්ත්වය හමුවේ රජය ගෙනයන වැඩපිළිවෙලට සහය වීම සඳහා රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ යාන්ත්‍රික හා නිෂ්පාදන අධ්‍යයන අංශය මඟින් උසස් තත්ත්වයෙන් යුතු Ventilation යන්ත්‍රයක් නිෂ්පාදනය කර, එම යන්ත්‍රය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදෙනු ලැබීය

Read More

තවත් කොවිඩ් - 19 ආසාදිතයින් සිව්දෙනෙකු හඳුනාගෙන ඇති අතර මෙරටින් වාර්තාවන සමස්ත කො‍රෝනා ආසාදිතයින් ගණන 203 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රබල දේශපාලඥයෙකුද මෙම ඖෂධය සම්බන්ධයෙන් ට්‍රම්ප්ට පසුව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේය.

Read More

බීජිං (ෂින්හුවා) - චීනය තුළ නව කොවිඩ් රෝගින් 99ක් වාර්තා වී ඇති අතර එයින් 96ක්ම විදේශයන්හි සිට චීනයට පැමිණි පුද්ගලයන් බව චීන සෞඛ්‍ය කොමිසම පවසයි.

Read More

අභියෝග කළමනාකරණයට ක්‍රියාත්මක ජාතික ප්‍රයත්නයට මේ හරහා සහාය වන්නැයි ඔබට මහ බැංකුවෙන් ආරාධනා.

Read More

ඉන්දීය මුහුදු සීමාවේ පිහිටි Amstedam දුපත් ආසන්නයේ රිච්ටර් මාපක ඒකත 6.1ක ප්‍රභලත්වයෙන් යුතු භූමිකම්පාවක් සිදුවී ඇත.

Read More

‍කොවිඩ් 19 වසංගතයෙන් අඩපණ වු ඉතාලි ආර්ථිකය ශක්තිමත් කරමින්ජ න ජිවිතය යථා තත්ත්වයට පත් කිරිමට යුරෝ බිලියන 400 ක මුදලක් ලබාදිමට යුරොපා කොමිසම එකඟ වු බව ඉතාලි අගමැති ජුසෙප්පෙ කොන්තේ මහතා ජාතිය අමතමින් ප්‍රකාශ කළේය.

Read More

ඉන්දියාව තුළ කොරෝනා වෛරසය පැතිර යෑම පාලනය කිරීම සඳහා එරට වසා දැමීම තවදුරටත් දීර්ඝ කිරීමට ඉන්දියාව කටයුතු කර තිබේ.

Read More

ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කළ පසුගිය මාර්තු 20 වනදා සිට අද දක්වා කාලසීමාව තුළ එය කඩ කළ පුද්ගලයින් 23,519 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, වාහන 6,072ක් පොලිස් භාරයට ගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.