saravita-anim2

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 8442 hours ago

LATEST

මෙරට සමස්ත කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 1901 ක් දක්වා ඉහළට

calendar_today 2020 ජුනි 15 - 17:40 remove_red_eye - 361  

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 05 දෙනෙකු හඳුනාගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1901 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

වාරියපොළ බන්ධනාගාරයේ අපජලය පිට කරන මාර්ගය උපයෝගී කරගෙන එම බන්ධනාගාරය තුළට ඉතා සූක්ෂ්ම ආකාරයට හෙරොයින් මත් ද්‍රව්‍ය ඇතුළු නීති විරෝධි භාණ්ඩ තොගයක් යැවීමට උත්සාහ කළ තරුණයෙකු වැල්ලව පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (15දා) සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

Read More

විදෙස් සංචාරකයන්ට මෙන්ම අපේ රටේ සාමාන්‍ය ජනතාවටද නෙළුම් කුලුණ දැකගනිමින් එහි ආස්වාදය විඳ ගැනීමට අවස්ථාව සැලසිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

Read More

බිඳ වැටී ඇති ආර්ථිකය ගොඩගැනීමට රාජ්‍ය බැංකු සෘජුවම දායකවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

Read More

තවත් ආසාධිතයෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1896 දක්වා ඉහල ගොස් ඇත.

Read More

කොළඹ තුන්මුල්ල ප්‍රදේශයේදී පසුගිය 11 වැනිදා රාත්‍රී සිදුවු රිය අනතුරෙන් මියගිය පොලිස් කොස්තාපල් සිතුම් යොමාල්, පොලිස් සැරයන් ධුරය දක්වා උසස් කර තිබේ.

Read More

අපිට මෙවර මැතිවරණයේදි තරගයක් තියෙන්නේ පොහොට්ටුව සමඟ විතරක් බවත් එජාපය සමග කිසිම තරගයක් නොමැති බවත් ඒ පක්ෂයට අතේ ඇගිලි ගාණටවත් ආසන ගන්න බැරි බව සමඟි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බංඩාර මහතා පැවසීය.

Read More

කටුනායක ගුවන් තොටුපොළේ පිටවීමේ පර්යන්තය මහ ජනතාවට විවෘත කර තිබේ.

Read More

අපේ රජය සැහැල්ලු දුම්රිය පද්ධති ව්‍යාපෘතියක් ඇති කළා. ඩොලර් බිලියන 2.2 ක දැවැන්ත මුදලක් ආයෝජනය කරල. ඒ මුදලෙන් ඩොලර් බිලියන 1.8 ක් ම ලැබුණෙ ජපානයෙන්. 0.1% පොලියට. JICA ඉතිහාසයේ කිසියම් ව්‍යාපෘතියක සංකල්ප පත්‍රිකාවක් ඇවිල්ල, ඒ ව්‍යාපෘතියට අදාළ ශක්‍යතා අධ්‍යයනයක් කරල, ඒ ව්‍යාපෘතියට අදාල පරිසර අධ්‍යයනයක් කරල, ඒ ව්‍යාපෘතියෙන් බලපාන සමාජ කණ්ඩායම් පිළිබඳ අධ්‍යයනයක් කරල, උපදේශන මණ්ඩල පත්කරල, ණය ගණුදෙනු අත්සන් කරල, ව්‍යාපෘතිය ඉදිකිරීම් තත්ත්වයට අවුරුදු 03

Read More

තවත් ආසාධිතයන් හය දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1895 දක්වා ඉහළ ගොස් ඇත.

Read More

රට තුළ නව ආයෝජන අවස්ථා පුළුල් කර ඒ සදහා දැනටමත් අවශ්‍ය සැලසුම් සකස් කර ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප‍්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

Read More

අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව අනුව ද්විත්ව පුරවැසියෙකුට මැතිවරණයට තරග කරන්න බෑ. හැබැයි පුදුම සහගත තත්ත්වය තමයි ද්විත්ව පුරවැසියෙකුට මැතිවරණ කොමිෂන් සභාවේ සාමජිකයෙකු ලෙස කටයුතු කරන්න පුළුවන්.

Read More

මොරටුව - සෙයිසාපුර ආපනශාලාවකට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් මොටර් රථයේ රියදුරා මෙම මස 24තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවට එළඹෙන ඉරිදා (21දා) අර්ධ සූර්යග්‍රහණයක් නිරීක්‍ෂණය වන බව නවීන තාක්‍ෂණ පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනයේ තාරකා විද්‍යා අංශය සඳහන් කරයි.

Read More

ඉතාලියේ කෝවිඩ් වසංගතය පැතිරීමත් සමග මාස තුනට අධික කාලයක් වසා දමා තිබූ සිනමා ශාලා, රංග ශාලා, සමාජ ශාලා හා ළමා ක්‍රීඩාංගණ අද (15දා) සිට විවෘත කෙරෙන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

වැල්ලවත්ත ඊශ්වරී මාර්ගයේ ගමන් ගත් මෝටර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරින් ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රරත්න මාපිටිගම මහතාගේ දියණිය ජීවිතක්ෂයට පත්ව ඇතැයි වැල්ලවත්ත පොලීසිය පවසයි .

Read More

කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 55ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

එක්සත් ජාතික පක්ෂයේ ඇති එක්සත් බවකුත් නැතැයිද සජිත් ප්‍රේමදාස මහතාගේ සමඟි ජන බලවේගයේ ඇති සමඟියකුත් නැති බව දැන් රටට හෙළි වි ඇති බව පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පවසයි.

Read More

ඉරිදා වන විට, ප්‍රධාන භූමියේ තහවුරු වූ රෝගීන් 83,181 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, තවමත් ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් 177 ක් වන අතර ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල වෙයි.

Read More

භාණ්ඩ පටවා ගමන් ගත් ලොරි රථයක් මහනුවර පොලිස් ගොඩනැගිල්ලට කඩාවැටිම නිසා එම ලොරි රථයේ රියදුරු එම ස්ථානයේදිම මියගොස් ඇති අතර එහි ගමන්ගත් අනික් පුද්ගලයා බරපතළ තුවාල සහිතව මහනුවර රෝහලට ඇතුලත් කර ඇත.

Read More

ශ්‍රී ලංකාවේ නව වතිකාන අපොස්තලික තානාපති හිමියන් ලෙස බ්‍රයන් උඩේග්වේ හිමිපාණනව පත්කිරිමට අති උතුම් ෆැන්සිස් පාප්වහන්සේ කටයුතු කර තිබේ.

Read More

කාලාන්තරයක් තිස්සේ පදිංචිව සිටියත් ඇඹිලිපිටිය වලව බලප‍්‍රදේශයේ මහවැලි කලාපවල පදිංචිකරුවන්ට සිය ඉඩම්වලට ඔප්පු හෝ බලපත්‍ර නැති නිසා ඒ ඉඩම් සඳහා හිමිකම්පත‍්‍ර මාස හයක් ඇතුළත ඒවා ලබාදෙන ලෙස නියෝග කර ඇති බව කෘෂිකර්ම හා මහවැලි සංවර්ධන අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා පැවසීය.

Read More

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ලක්දරු දිරිය පදනම විසින් සංවිධානය කරනු ලැබූ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් වාර්ෂිකව විශ්ව විද්‍යාල තේරී පත්වන දරුවන් ඇගයීම හා තිළිණ පිරිණැමීමේ උළෙලක් පොළොන්නරුව දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ නිලධාරින් විසින් අද (15) අත්හිටවනු ලැබීය.

Read More

දකුණු පළාතේ රෝහල් කිහිපයක හෙද නිලධාරීන් අද පෙරවරු 7 සිට රාජකාරියෙන් ඉවත්ව ඇත. රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම රෝහල්වල සහ මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය රෝහලේ හෙද නිලධාරීන් අද පෙරවරු 7 සිට දහවල් 12 දක්වා එලෙස රාජකාරිවලින් ඉවත්ව ඇති බවයි.

Read More

දරුවන්ගේ ඉල්ලිමක් අනුව උසස් පෙළ විභාගය පවත්වන දිනය කල් දමනවාද නැද්ද යන්න තිරණය ඉදිරි දින කිපයේදි ගන්නා බව අධ්‍යාපන , කි‍්‍රඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසිය .

Read More

විවිධ අඩුපාඩු මධ්‍යයේ පවත්වාගෙන යනු ලබන ගම්පහ දිස්ත්‍රික් මහරෝහල , මධ්‍යම රජයට පවරා ගන්නා ලෙසට රජයෙන් ඉල්ලීමක් කිරීමට ප්‍රදේශයේ නාහිමිවරුන් ඇතුළු ජනතා සංවිධාන සැලසුම් කොට ඇත.

Read More

රාජ්‍ය බුද්ධි සේවයට අනියුක්තව රාජකාරි සිදුකළ පොලිස් නිලධාරියා ජිවිතක්ෂයට පත් කරමින් පසුගිය 11 වෙනිදා බම්බලපිටිය, හැව්ලොක් ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුර සිදුකළ රියදුරා මෙම මස 19 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට අධිකරණය නියෝග කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ සංචාරය සදහා පැමිණ ,කොරෝනා වසංගත රෝග තත්ත්වය නිසා , යළි ආපසු ඉන්දියාවට යෑමට නොහැකිව ශ්‍රී ලංකාවේ රැදී සිටි ඉන්දීය සංචාරකයන් 153 දෙනෙකු අද (15) දින උදෑසන ඉන්දීය ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයක් මගින් කටුනායක ගුවන් තොටුපළේ සිට ඉන්දියාවට රැගෙන යෑම සිදු කෙරුණි .

Read More

මෙරට ජනතාව සංවර්ධනයෙන් ප්‍රජාත්‍රාන්ත්‍රවාදයෙන් දිනවිමේ වැඩපිළිවෙල සමගි ජන බලවේගය තුළින් ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසීය .

Read More

අද උදෑසන විට නිරෝධායනය අවසන් කළ පුද්ගලයන් 13875ක් පිටව ගොස් ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.