Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජුලි මස 14 වන සඳුදා
2025 ජුලි මස 14 වන සඳුදා
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන්ගේ උප ජනාධිපති අපේක්ෂිකාව ලෙස පසුගියදා නම් කෙරුණු ඩිමොක්රටික් සෙනෙට් සභික කමලා හැරිස්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා සහ ජ්‍යේෂ්ඨ උපදේශකවරිය ශ්‍රී ලංකා-ඇමරිකානු සම්භවයක් ඇති රෝහිණී කොසොග්ලු ය.
පසුගිය 11දා බයිඩන්ගේ ජනාධිපති තරගයේ සහකාරිය ලෙස තෝරාගත් කමලා හැරිස් ඉන්දියානු සම්භවයක් ඇති තැනැත්තියක වන අතර, ඇය එක්සත් ජනපදයේ උප ජනාධිපති ධුරයක් සඳහා යෝජනා වන පළමු කළු ජාතික කාන්තාවද වෙයි. එසේම ඇගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස රෝහිණීගේ පත්වීම 2018 වසරේදී සිදුවන අතර, එවකට එක්සත් ජනපද සෙනෙට් සභිකයෙකුගේ කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරක් දරණ එකම ඇමෙරිකානු-ආසියානු කාන්තාව බවටද රෝහිණී පත්ව සිටියාය.
හැරිස්ගේ පත්වීමත් සමග ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇති රෝහිණී, "මෙය ඓතිහාසික අවස්ථාවක්. එය බොහෝ දෙනෙකු සමග බෙදාගැනීමට හැකිවීම ගැන ආඩම්බර වෙනවා. තව දින 84 යි." යනුවෙන් සටහන් කර තිබුණි.
කෙසේ වෙතත් එවකට කමලා හැරිස්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස රෝහිණී පත්කරන අවස්ථාවේදී සෙසු ඩිමොක්රටික් සගයන් විසින් ඇගේ පත්වීම ගැන නොසතුටු වී ඇත්තේ, එහි විශාල කාන්තා නියෝජනයක් තිබුණද ඔවුන් බහුතරය සුදු ජාතිකයන් වීම නිසාය.
රෝහිණී කොසොග්ලුගේ දෙමව්පියන් වන්නේ වෛද්‍ය විජයදේවේන්ද්‍රම් රවින්ද්‍රන් සහ ශෝභනා රවින්ද්රන්ය. ඔවුන් ශ්‍රී ලංකාවේ යාපනයේ සිට 1980 දශකයේ මුල් භාගයේදී එක්සත් ජනපදයට සංක්‍රමණය වී ඇත. රෝහිණී හාවඩ් කෙනඩි විද්‍යායතනයෙහි, දේශපාලන ආයතනයේ නිත්‍ය සාමාජිකාවකි.
රෝහිණී මිචිගන් විශ්ව විද්‍යාලයෙන් සහ ජෝර්ජ් වොෂිංටන් විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබාගෙන ඇති අතර, මිචිගන් සෙනෙට් සභික ඩෙබී ස්ටේබෙනෝ වෙනුවෙන් සේවය කළ කාලයේදී තැපැල් හා ලිපි කටයුතු භාර කළමනාකරුවෙකු ලෙස දේශපාලන ක්ෂේත්රයට අවතීරණය වී තිබේ. ඇය තම උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසුව ස්ටේබෙනෝගේ ජ්‍යෙෂ්ඨ ප්‍රතිපත්ති උපදේශකයෙකු ලෙස කටයුතු කර තිබුණි. පසුව ඇය ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය සත්කාර සේවා උපදේශක ලෙස කොලරාඩෝ සෙනට් සභික මයිකල් බෙනට් යටතේ සේවය කරමින්, එම කාලයේදී ඔබාමාකෙයාර් නම් වූ දැරිය හැකි මිලකට සෞඛ්‍ය සත්කාරයක් ලබාදීමේ පනත සම්බන්ධයෙන්ද ඇය කටයුතු කර තිබුණි.
බෙනට්ගේ කාර්යාලයේ වසර 7ක් සේවය කර තිබූ රෝහිණී, එවකට සෙනෙට් සභිකයෙකු ලෙස තේරී පත් වූ කමලා හැරිස්ගෙන් නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානියා ලෙස සේවය කිරීමට යෝජනාවක් ලැබීමෙන් පසුව එම තනතුර භාරගෙන ක්‍රමයෙන් හැරිස්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා සහ ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුර දක්වාම පැමිණ තිබේ.
යම් ලෙසකින් එලැඹෙන නොවැම්බරයේදී ජෝ බයිඩන් ඇමෙරිකානු ජනාධිපතිවරයා ලෙස තේරීපත් වුවහොත්, එරට ප්‍රථම ආසියානු-ඇමෙරිකානු සම්භවයක් ඇති කළු ජාතික කාන්තාවක ලෙස කමලා හැරිස්ද උප ජනාධිපති ධුරයට තේරීපත් වනු ඇත. තම මවගේ ඉන්දීය සම්භවය නිසා ඇමෙරිකානු එක්සත් ජනපද දේශපාලනයේ නිරත වුවත් තවමත් සිය ඉන්දීය සම්භවය පිළිබඳව ඉතා ඉහළින් කතා බස් කරන, එහි ඇති භාවිතයන් ක්රියාවේ යොදවන චරිතයක් ලෙසටද කමලා හැරිස් ප්රකටව සිටීමෙන්, මෙය ඉන්දියාවටද වාසිදායක සහ ඉන්දියානු කලාපය වෙත ඇමෙරිකානු බලය තවදුරටත් අතපොවන අවස්ථාවක් ලෙසටද දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
popular news
Demuni Uduwara Saturday, 15 August 2020 07:46 PM
We bless Rohini. But US should have Trump.
Reply : 0 0
Bandula Ratnayake Tuesday, 18 August 2020 02:16 AM
Go to her profile and check, this is a lie. They are from Thamilnadu India. Sri lankan news papers should be maintained the reliability of their readers. How can we believe their news.
Reply : 0 0
Champa Tuesday, 18 August 2020 10:50 AM
රෝහිණි ලක්ෂ්මි රවින්ද්‍රන් කොසෝලුගේ තාත්ත ශ්‍රී ලාංකික දොස්තර විජයෙදේවේන්ද්රම් රවින්ද්‍රන් යාපනේ ඉපදිලා කොළොඹ ඉගෙන ගත්ත කෙනෙක්. දෙමව්පියන් 1980 ගණන් වල ඇමරිකාවට සංක්‍රමණය වෙලා තියෙනව.
Reply : 0 0
Champa Friday, 21 August 2020 04:42 PM
තාම හොයාගන්න බැරි වුන කොසෝලු නම ගැන. මේ නමේ තියෙන ජී අකුර සයිලන්ට්.
Reply : 0 0
Champa Tuesday, 18 August 2020 11:03 AM
Bandula Ratnayake - Kamala Haris is of Tamil Nadu origin. But, Rohini Lakshmi Ravindran-Kosoglu is a Sri Lankan Tamil. Her father, Dr. Wijeyedevendram Ravindran was born in Jaffna and studied in Colombo. Her parents have migrated to the US in 1980. I don't know the origin of the surname Kosoglu, but it is similar to Turkish surname Koseoglu.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd