එක්සත් ජාතික පක්ෂයේ අද (14දා) පැවති කෘත්‍යාධිකාරී රැස්වීමේදීද එම පක්ෂයට හිමිවූ පාර්ලිමේන්තු ආසනය සඳහා මන්ත්‍රීවරයෙකු නම් නොකිරීම නිසා එජාප ජාතික ලැයිස්තුවේ මුලින්ම නම සඳහන් ජෝන් අමරතුංග මහතාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය හිමිවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වෙයි.
ඒ ඒ පක්ෂවලින් ජාතික ලැයිස්තුව සඳහා නම් කරන ලද මන්ත්‍රීවරුන් ගැසට් කිරීම වෙනුවෙන් 14දාට ප්‍රථමව ජාතික ලැස්වෙන් පත්වන මන්ත්‍රීවරුන් මැතිවරණ කොමිෂමට දැනුම් දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් පක්ෂ වෙත දන්වා තිබුණි.
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීධුරය මෙන්ම මෙන් වන විට අපේ ජන බල පක්ෂයට හිමිවූ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන්ද ගැටලුවක් පැන නැගී තිබේ.
ජාතික ලැයිස්තුව යටතේ මන්ත්‍රීවරුන් 29කට පාර්ලිමේන්තුවට පිවිසීමට අවස්ථාව තිබේ. මෙවර ජාතික ලැයිස්තුවෙන් වැඩිම මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටය. ඔවුන්ට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීධුර 17ක් හිමිවිය.
ඉන් අනතුරුව සමගි ජන බලවේගයට මන්ත්‍රීවරුන් 7ක් ජාතික ලැයිස්තුව යටතේ පාර්ලිමේන්තුවට යැවීමට අවස්ථාව ලැබුණි.