saravita-anim2

2025 ඔක්තෝබර් මස 08 වන බදාදා

2025 ඔක්තෝබර් මස 08 වන බදාදා

Latest News - timelapse 8461 hours ago

LATEST

ඉන්දීය නැවියන් 54 දෙනෙකු දිවයිනට

calendar_today 2020 ජුනි 17 - 17:55 remove_red_eye - 252  

කොළඹ වරායේ නැංගුරම් ලා ඇති නැවක සේවය කිරීම සදහා ඉන්දීය ජාතික නැවියන් 54 දෙනෙකු ඉන්ඩිගෝ ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් මුම්බායි නුවර සිට අද (17) දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබේ .

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 1921 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

ජුනි මාසය සඳහා ආදාළ ගොවි හා විශ්‍රාම වැටුප් දිමනාව මෙම මස 20 වන දින සිට දිවයිනේ සියලුම තැපැල් කාර්යාල වෙත ලබා දිමට කටයුතු සැලසුම් කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති නීතිඥ ප්‍රේමචන්ද්‍ර ඈපා මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාධිතයන් පස්දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1920 දක්වා ඉහල ගොස් ඇත.

Read More

රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසැළ පෙරහැර මංගල්‍යය සඳහා වන සම්ප්‍රදායික අරාධනා පත්‍රය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදෙයි.

Read More

ඒ අනුව චෙන්නායි නුවර සිට අද පෙරවරු පැමිණි 53 දෙනාට අමතරව මුම්බායි සිට 16ක් හා ඩුබායි සිට 291ක් පැමිණීමට නියමිත බවද ඔහු පැවැසීය.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂගේ අත්සන සහිත ලිපි ශීර්ෂ ව්‍යාජ ලෙස යොදා ගෙන ලිපි සකස් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා කොළඹ - කොටුව මහේස්ත්‍රාත් රංග දසනායක හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 1වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Read More

මගී ප්‍රවාහනයේදී හඳුන්වාදීමට යෝජිත travel card පත කඩිනම් කරන්නැයි ප්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර අදාළ අංශවලට උපදෙස් ලබා දී ඇත.

Read More

1990 – 2020 දක්වා සේවය කළ කම්කරුවන්ට ඩොලර් 20000ක ප්‍රතිලාභයක් කම්කරු දෙපාර්තමේන්තුවෙන් හිමිවේ යන ශීර්ෂය සහිතව සමාජ මාධ්‍යයෙහි සංසරණය වන දැන්වීම ව්‍යාජ බව කම්කරු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

විදුලි බිල්පත් ගෙවීමේ දී නිවැරදිම බිල්පත වන්නේ අවසානයට නිකුත් කර ඇති බිල්පත වන බවත් එය නිකුත් කර තිබෙන්නේ පාරිභෝගිකයින් පාවිච්චි කරන ලද විදුලි ඒකක ගණන සඳහා පමණක් බවත් එම අවසන් බිල වාරික කිහිපයකින් ගෙවීමට අවස්ථාව සලසා දි ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

Read More

පාස්කු ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන්ට ශ්‍රී ලංකාවේ ඇතැම් නීත්‍යානුකූල ව්‍යාපාරවලින්ද මුදල් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවැසීය.

Read More

තලාතුඔය පොලිසියට ලද තොරතුරකට අනුව ඊයෙ (17) සිදුකළ හදිසි සෝදිසියකදී ගංජා මත් ද්‍රව්‍ය සහ අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් හය දෙනෙකු සැක පිට අත්අඩංගුවට ගෙ​න තිබේ.

Read More

මූල්‍ය සමාගම් සහ ලීසිං සමාගම්වල සිදුවන්නා වූ අක්‍රමිකතාවයන් සහ නීතිවිරෝධී ක්‍රියාවන් සොයාබලා වාර්තා කිරීමට මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා විසින් කමිටුවක් පත් කර තිබේ.

Read More

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 237ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවැසීය.

Read More

රුවන්වැලි චෛත්‍ය රාජයාණන්වහන්සේට පළදා තිබු වසර අසුවකට වඩා පැරණි චුඩා මාණික්‍ය ලබන 20 දා සිට බැතිමතුන් හට වන්දනාමාන කිරිම සදහා අවස්ථාව සලසන බව රුවන්වැලි චෛත්‍යරාමාධිපති පුජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියෝ පැවසුහ.

Read More

කොළඹ වරාය නගරයේ (PORT CITY COLOMBO) වෙරළ තීරය පොදු මහජනතාව වෙනුවෙන් ලබන වසරේ දී විවෘත කිරීම කොළඹ වරාය නගර පෞද්ගලික සමාගම (Port City Colombo pvt/ Ltd) සැලසුම් කර තිබෙන බව නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

Read More

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් රජය ජනතාවට ලබා දුන් සහන ලබාදීම මූල්‍ය ආයතන මගින් කඩාකප්පල් කරන බවත් එවැනි මූල්‍ය ආයතන වලට එරෙහිව වහා පියවර ගත යුතු බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහබැංකුවට දෙහි කැපුවට රටට හරි යයි කියා සමහරු සිතා සිටින බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි. පසුගිය දිනවල රටේ ආයෝජකයින්ට ණව දෙන බවට සඳහන් කළත්, ණය පහසුකම් ලබාදී තිබෙන්නේ 50% කට පමණක් බවද එම පක්ෂයේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේය.

Read More

අභිරහස් අයුරින් මියගිය ධීවරයකුගේ මල සිරුරක් අද (17 ) දහවල් මාදු ගගේ පාවෙමින් තිබියදි සොයා ගැණුනු බව අහුන්ගල්ල පොලීසිය කියයි.

Read More

ඉන්දියාව අවට සාගරයේ ධීවර කටයුතු වල යෙදෙන ධීවරයින් ඒ පිළිබඳව ඉතාමත්ම සැලකිලිමත් වී තම කර්මාන්තය කළ යුතු අතර ඉන්දියාවේ සිටින තම ඥාතීන් යාත්‍රාවට නංවා ගැනීම, ආහාර පාන හුවමාරු කරගැනීම කිසිදු ලෙසකින් සිදු කර නොගන්නා ලෙසද අමාත්‍ය ඩග්ලස් දේවානනදා මහතා ඉල්ලා සිටි.

Read More

2016 දී සිදුවූ බැඳුම්කර වංචා වලට අදාලව අර්ජුන මහේන්ද්‍ර සහ අජහං පුංචිහෙවට එරෙහිව නිකුත්කළ වරෙන්තු ක්‍රියාත්මක කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට දිය යට ඉදිකරන ලද කෞතුකාගාරය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් ගාල්ල මුහුදු තීරයේ දී විවෘත කිරීම සිදු කරන ලදී.

Read More

පාලන මිලට වඩා වැඩි මිලට කුකුල් මස් අලෙවි කරන වෙළඳුන් සම්බන්ධයෙන් වන වැටලීම් මේ දිනවල සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කරයි.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නිකුත් කල යැයි සඳහන් කරමින් සමාජ්‍ය මාධ්‍ය තුළ හුවමාරු වන ට්විටර් පණිවිඩය අසත්‍ය පණිවිඩයක් බව ඔහුගේ මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

Read More

කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 26ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යාතයනය සඳහන් කරයි.

Read More

අගෝස්තු පළවෙනිදායින් පසු දිවයිනට පැමිණෙන සංචාරකයින් සියලුදෙනා පී.සී.ආර් පරීක්ෂණ 03කට ලක්කෙරෙන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් වසා තබන ලද පාසල් නැවත ආරම්භ කිරීමෙන් පසු සිසුන් ප්‍රවාහනය සිදුකළ යුතු ආකාරය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ සහ ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සමස්ත ලංකා පාසල් වෑන් රථ හිමියන්ගේ සංගමය ඇතුළු පෞද්ගලික ප්‍රවාහන සංගම් නියෝජිතයන් රැසක සහභාගීත්වයෙන් ඊයේ (16) අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්විණි.

Read More

අපේ ආණ්ඩුව ධනවතුන්ට බදු ගසා දුප්පතුන්ගේ බදු අඩු කිරීමට පියවර ගත් බවත් එහෙත් වර්තමාන ආණ්ඩුව පොහොසතුන්ගේ බදු අයින් කොට දුප්පතුන්ට බදු ගසා ඇතැයි සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවැසීය.

Read More

හිටපු මහබැංකු අධිපතිවරයෙකු වන අර්ජුන් මහේන්ද්‍රන් මහතා අර්ජන් ඇලෙක්සැන්ඩර් ලෙස තමන්ගේ නම වෙනස් කර ගැනීමත් සමග ඔහුව සිංගප්පූරුවේ සිට නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා යළිත් වතාවක් ලියකියවිලි සකස්කරන්නට වේදෝයි බොහෝ දෙනා අතර කතා බහක් ඇති විය.

Read More

කොවිඩ් වසංගත සමයේදී නීතිවිරෝධී අයුරින් පුද්ගලයන් ශ්‍රී ලංකාවට පැමිණීම වැළැක්වීම සඳහා නාවික හමුදාව කටයුතු කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පැවැසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.