saravita-anim2

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

Latest News - timelapse 8972 hours ago

LATEST

වියළි කාලගුණය සැප්: දෙවැනි සතිය දක්වා

calendar_today 2020 අගෝ 23 - 23:21 remove_red_eye - 275  

පවතින වියළි කාලගුණ තත්ත්වය සැප්තැම්බර් මස දෙවැනි සතිය දක්වා පැවතිය හැකි බවත්, එහෙත් සමහර ප්‍රදේශවලට උදෑසන කාලයේ සිහින් වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බහරේන් හි රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 180 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (23දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Read More

මොරටුව මොරටුවැල්ල ද මෙල් මාවතේ පවත්වාගෙන ගිය ,අන්තර්ජාලය හරහා සම්බන්ධ සම්බාහන මධ්‍යස්ථානයක් වටලා පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුට ගත් බව ගල්කිස්ස කොට්ඨාස දූෂණ මර්දන ,ඒකකය කියයි.

Read More

වත්මන් ආණ්ඩුවේ රාජපක්‍ෂ පවුලේ අමාත්‍යවරුන් ආයතන 141ක් පාලනය කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.

Read More

දැනට අත්අඩංගුවේ පසුවන පාතාල කල්ලි නායක ’’මාකඳුරේ මදූෂ් ’’ නැත්තාගේ ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ලෙස සැලකෙන ’’පාදාගොඩ බුසියා’’ නැමැත්තා හෙරොයින් මිලිග්‍රෑම් 20ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

දහම් පාසල්වලට දරුවන් යොමු කරන්න පුළුවන් නම් දහම්පාසල් තුළින් ධර්මය ඉගැන්වීම පමණක් නොව විනය ගරුක සමාජයේ විනය ගරුක දරුවන් බිහි කිරීම කළ හැකියැයිද රජයක් ලෙස දහම්පාසල් අධ්‍යාපනය දරුවන්ට ලබා දීමේ ක්‍රියාවලියේදී අපි මැදිහත් වෙනවා යැයිද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

වව්නියාව කනගරායන්කුලම් කුංචිකුලම් ප්‍රදේශයේ කැලෑවක තිබූ මෝටාර් උණ්ඩ තොගයක් හමුවී ඊයේ (22) දින පොලිස් විශේෂකාර්ය බලකාය විසින් නිෂ්ක්‍රීය කල බවට කනගරායන්කුලම් පොලීසිය පවසයි.

Read More

මෙරට කොරෝනා ආසාදිත සංඛ්‍යාව 2951 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

අම්බලන්තොට පොලිස් විශේෂකාර්ය බලකා මධ්‍යස්ථානයේ බුද්ධි අංශයේ නිලධාරීන්හට හට ලැබුණු තොරතුරකට අනුව අද හම්බන්තොට සොමිසේතගම ප්‍රදේශයේ නිවසක් පරික්ෂා කිරීමේදී අදාල නිවසේ හිමියාගේ සන්තකයේ තබාගෙන සිටි ගිනිඅවි දෙකක් හා ජීව පතොරම් 13 ක් නිවෙස් හිමියා සමඟ අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.

Read More

වැලිකඩ බන්ධනාගාරයේ සිට සහ ඕමානයේ සිට මෙහෙයවන බව පැවසෙන මත්කුඩු ජාලයකට සම්බන්ධ කාන්තාවක් ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු ලක්ෂ 30කට අධික හෙරොයින් සමග කලපළුවාව හා මාලබේ ප්‍රදේශවලදී පසුගියදා අත්අඩංගුවට ගත් බව තලංගම පොලීසිය පවසයි.

Read More

ඩුබායි රටේ සිට මෙහෙයවන මහා පරිමාණ මත්කුඩු ජාවාරමකට අයත් රුපියල් එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක මුදලක් තැන්පත් බැංකු ගිණුමක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු පිළියන්දල මොරටුව පාරෙදි හෙරෝයින් මත්කුඩු මිලිග්‍රෑම් 1720 සමග ඊයේ ( 22) අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලීසිය කියයි.

Read More

මාතර, සුදුවැල්ල ධිවර වරායෙන් මුහුදු ගිය ‘‘සමනලි ’’ ඩිංගි බොට්ටුව එහි සිටි ධිවරයන් දෙදෙනා සමග අද (23) දිනය වනවිට අතුරුදන්ව ඇති බව දික්වැල්ල පොලිසිය පවසයි.

Read More

විග්නේෂ්වරුන් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.

Read More

තංගල්ල ගොයම්බොක්ක මුහුදු තීරයේ දියනෑමට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර අද (23) සොයාගත් බව තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි.

Read More

ඊයේ දිනයේදී සිදුවූ රිය අනතුරු පහකින් පුද්ගලයන් 11 ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

Read More

මදුවකට හසුව මියගොස් සිටි කොටියෙකුගේ සිරුරක් ගම්පොල, දොළුව, අඹගස්තැන්න ප්‍රදේශයේ වල්බිහි වු ඉඩමක තිබියදී අද (23) සොයා ගත්බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

Read More

නවගමුව සිට කැලණි ගඟ හරහා පහළ මාපිටිගමින් දොම්පේ ප්‍රදේශයට පිවිසෙන කුඩා පාලම (ත්‍රීවිල් පාලම ) අසලින් කැලණි ගඟට දමා තිබූ තවත් ජීවඋණ්ඩ තොගයක් කිමිදුම්කරුවන් විසින් සොයා ගත් බව නවගමුව පොලිසිය කියයි.

Read More

නවවැනි පාර්ලිමේන්තුවට තේරීපත්වූ මන්ත්‍රීවරයන් සඳහා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවට සහභාගී වන ලෙස පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වෙත දන්වා තිබේ.

Read More

ඇල්ල - හල්පේ ඉන්ධන පිරවුම් හලට අද (23) යතුරුපැදියකින් පැමිණි තරුණයන් දෙදෙනෙක් ඉන්ධන ලබාගෙන රුපියල් 5000 හොර මුදල් නෝට්ටුවකින් මුදල් ගෙවීමට සුදානම් වෙද්දී ඉන්ධන පිරවුම් හලේ කළමණාකරු විසින් අල්ලා ඇල්ල පොලිසියට බාරදී තිබේ .

Read More

කොවිට් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබා සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 2805ක් දක්වා වර්ධනය වී ඇති බව වසංගත රෝග විද්‍යාතනය සඳහන් කරයි.

Read More

ඉතාලියේ දෛනික කොවිඩ් 19 ආසාදිත වාර්තාවීම් ඉහළ ගියත් නැවත වරක් ඉතාලිය අගුළු දැමිමක් සිදු කිරිමට බලාපොරොත්තු නොවන බවත් කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා කරලීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍ය රොබැර්තෝ ස්පෙරන්සා මහතා ඊයේ (22) පැවසීය.

Read More

පාතාල කල්ලි සාමාජිකයෙක් බව කියන සුරංග සාරංග නොහොත් ’’වැල්ලේ සාරංග’’ නමැත්තා සහ තවත් සැකකරුවන් තිදෙනෙකු කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කිලිනොච්චිය කොකාවිල් බහුසම්ප්‍රේෂණ කුලුණ පිහිටි භූමියේ ආරක්ෂාව වැඩි කිරීමට කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පියවර ගෙන ඇත.

Read More

කොවිඩ් 19 ආසාදිතව සිට මියගිය කතගේ අවසන් කටයුතු අද පස්වරුවේදීම සිදුකිරීමට නියමිත බව කොවිඩ් 19 වැළැක්වීම පිළිබඳව ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

Read More

ඕස්ට්‍රේලියාව , එක්සත් අරාබි එමීර් රාජ්‍යය , කෙන්යාව සහ කටාර් යන රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 376 දෙනෙකු අද (23) දින අලුයම කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

ඒ වාර්තාවේ කියනවානම් විදුලි බල අමාත්‍යාංශයේ තමයි වැරදීම කියලා මට දෙන්න ඕන දඬුවම මොකක්ද? මම ගන්න ඕන පියවර මොකක්ද? විදුලි බල අමාත්‍යාංශය නම් මේකට වග කියන්න ඕන අඟහරුවා හැන්දෑවේ ඉදලා මේ රටේ විදුලි බල ඇමති ඩලස් අලහප්පෙරුම නෙමයි.

Read More

බීජිං (ෂින්හුවා) - චීනය විසින් නිෂ්පාදනය කර ඇති COVID-19 එන්නත ආර්ජන්ටිනාවේදී තුන්වන අදියර සායනික අත්හදා බැලීම් ආරම්භ කර ඇති බව එහි සංවර්ධකයා වන චීන ජාතික ජෛව තාක්‍ෂණ සමූහය (සීඑන්බීජී) පවසයි.

Read More

මෙසේ රෝගීන් මිලියන 3ක් බවට පත්ව ඇත්තේ, රෝගීන් මිලියන 2 ඉක්මවා දින 16කට පසුව වීමද විශේෂත්වයකි.

Read More

දුරස්ථ පාලක ඩ්‍රෝන කැමරාවක් යොදාගෙන අධිආරක්ෂිත කලාපය වීඩියෝ කළ චීන ජාතිකයෙක් අද (23) අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.

Read More

මහරගම ඇරැව්වල කෝටි 700 දියමන්තිය කොල්ල කෑම සිද්ධියේ සැකකරුවකු වූ’’ දියගම මංජු ’’ නැමැති සංවිධානාත්මක අපරාධකරු තවත් පුද්ගලයකු සමඟ ත්‍රිරෝද රථයකින් හොරෙයින් මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටියදී කළුතර උතුර ඇලමෝදර ප්‍රදේශයේදී පෙරේදා 22 අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.