saravita-anim2

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 8406 hours ago

LATEST

මෙවර මැතිවරණය අපිට වාසිදායකයි - ජොන්ස්ටන්

calendar_today 2020 ජුනි 23 - 16:41 remove_red_eye - 418  

අවුරුදු පහක් යන්න ඉස්සෙල්ලා කෑලි කෑලි වලට කැඩිලා බෙදිලා කුලල් කාගන්න තැනට වැටිලා දේව සාපයක් වගේ ඔවුන් අද විනාශ වෙලා යනවා යයි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

එසේ නොවුණ හොත් ඔවුන් අත්අඩංගුවට ගැනීමේදී කලහකාරී ලෙස හැසිරුණහොත් පොලිස් නිලධාරීන්ට තම ආරක්ෂා වෙනුවෙන් ක්‍රියාකිරිමට සිදුවෙනු ඇති බවත් ඔහු පැවැසීය.

Read More

පොලිස් සැරයන්වරු වශයෙන් වසර 30කට අධික කාලයක් සේවය කොට ඇති තමන් උපපොලිස් පරීක්‍ෂක තනතුරට උසස්වීම් ලබාදෙන්නැයි ඉල්ලමින් පොලිස් සැරයන්වරු 366 දෙනෙකු අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් අද (23) ගොනු කළහ.

Read More

වසර දෙකකින් පමණ බස් ගාස්තු සංශෝධනයක් සිදු කර නොමැති බව පවසමින් බස් ගාස්තු ඉහළ දැමීමට අවසර ලබා දෙන ලෙස පුද්ගලික බස් රථ හිමියන් ඉල්ලීමක් කර ඇත.

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීමක් එහි සභාපති හා අටවන පාර්ලිමේන්තුවේ හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (24) පස්වරු 06 ට කථානායක නිල නිවසේදී පැවැත්වේ.

Read More

‘PDC T10 League’ නමින් තරගාවලියක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනුමැතියක් ලබාදී නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරි මැතිවරණය සඳහා කළුතර දිස්ත්‍රික්කයට ඉදිරිපත්ව සිටින මාධ්‍යවේදී සංජීව එදිරිමාන්න මහතා ගේ තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි කුලී නිවසක මුරකරු සහ එහි සිටි සුනඛයෙකු අභිරහස් ලෙස මියගොස් සිටියදී අද ( 23 ) දා සොයා ගත් බව තලංගම පොලීසිය පවසයි .

Read More

ජනාධිපති කොමිෂමකට කැඳවීම මගින් වංචනිකයන්ට එරෙහිව කරන සටන අඩපණ කිරීමට උත්සාහ කරයි නම් එය දවල් හීනයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

Read More

කොරෝනා මර්ධන රාජකාරි ඇතුළු සියලුම බෝවන රෝග පාලන කටයුතු වලින් ලබන 29 වනදා සිට ඉවත් වීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබේ.

Read More

මෙම ව්‍යාපෘතියේ සමස්ත වටිනාකම රුපියල් මිලියන 250 ක් වන අතර, පරීක්ෂණ ක්‍රියාවලිය වේගවත් කිරීම සදහා ගැලපෙන පරිදි එකලස් කර ඇති ස්වයංක්‍රීය සාම්පල සකස් කිරීමේ පද්ධතියක් (Muto Mated Sample Extractor) සහ නවීනතම අසාධන පාලන තාක්ෂණික මෙවලම් වලින් සමන්විත වේ.

Read More

එකම ස්ථානයකදී මදුවලට හසුව සිටි කොටියන් දෙදෙනෙකු කොත්මලේ, හෙල්බොඩ වතුයායේ පුදුකාඩි කොටසේදී අද (23) හමුව ඇතැයි වනජීවී නිලධාරීන් පවසති.

Read More

බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වු 1008 මගි ප්‍රවාහන දුම්රිය පට්ටිපොළ සහ අඹේවෙල දුම්රිය ස්ථාන දෙක අතර පිළි පැනිමට ලක් වි ඇති බව මධ්‍යම පළාත් දුම්රිය ප්‍රවාහන අධිකාරිවරයා පැවසිය.

Read More

මෙවර මැතිවරණය සඳහා තැපැල් ඡන්දය ලබාදීම සඳහා රාජ්‍ය නිලධාරීන් හත් ලක්‍ෂ පන්දහස් අසූපහක් සුදුසුකම් ලබා තිබේ.

Read More

එක්සත් ජාතික පක්ෂයට තව අවුරුදු 20 කින් 30 කින් ආයේ ආණ්ඩුවක් ගන්න තියා හිතන්නවත් පුළුවන්කමක් නැති බවත්, ඒ නිසා කොරෝනා වලින් වැටිච්ච, ආර්ථිකය ශක්තිමත් නැති මේ ජන ජීවිත ශක්තිමත් කරලා ශක්තිමත් ආර්ථිකයක් ඇති රටක් බවට මේ රට පත් කරන්න ගෝඨාභය රාජපක්ෂ ජනපතිතුමා එක්ක අත්වැල් බැදගන්න සියලුම එක්සත් ජාතික පාක්ෂිකයන්ට ආරාධනා කරනවා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, දුමින්ද දිසානායක මහතා පැවසීය.

Read More

ලංකා කම්කරු කොංග්‍රසය මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු නුවරඑළිය, බදුල්ල සහ මහනුවර දිස්ත්‍රික්කයන් මුල්කර ගනිමින් එළඹෙන 26 දින ආරම්භ කිරීමට සැලසුම් කොට ඇතැයි ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ජීවන් තොණ්ඩමාන් මහතා පැවැසීය.

Read More

තමන්ගේ ආණ්ඩුවෙන් වුණ හොරකම් වංචා, මිනීමැරුම්, ත්‍රස්තවාදී ක්‍රියාවන් වහගන්න අද ඇතැමුන් ආගමික නායකයන්ට දොස් කියන බව හම්බන්තොට දිස්ත්‍රීක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

ඊයේ (22) දිනය වනවිට ඉතාලියේ සමස්ත කොවිඩ් ආසාදිතයන් 2,38,720 ක් මරණ 34,657 ක් වාර්තා වන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 22ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

හිටපු විපක්ෂනායක, සමගි ජන බලවේගය නායක , සජිත් ප්‍රේමදාස මහතා රුපියල් ලක්ෂ 37 වටිනා වෛද්‍ය උපකරණ තොගයක් පොල්ගස්ඕවිට වැතර දිසා රෝහලට පරිත්‍යාග කිරීමට නියමිතව තිබූ උත්සවයක් මැතිවරණ කොමිසන් සභාවේ මැදිහත්වීමෙන් අද (23) දා අත්හිටුවීමට පියවර ගත්තේ ය .

Read More

අන්තර්ජාලය හරහා විවිධ පුද්ගලයින්ගෙන් මුදල් වංචා කිරීමේ ජාවාරමකට සම්බන්ධ විදෙස් ජාතිකයින් සිව් දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

වැඩිම කෝවිඩ් ආසාදිතයින් පිරිසක් හමුවු වැලිසර නාවික හමුදා කඳවුරේ කටයුතු අද (23) සිට අදියර කිහිපයක් යටතේ ආරම්භ කරන බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

Read More

මිගමුව බන්ධනාගාරයේ රැඳවුවෙකුට සිම් කාඩ්පත් ලබාදිමේ සිද්ධියකට අදාළව එම බන්ධනාගාරයේ නියාමකවරයෙකුගේ සේවය අත්හිටුවා ඇත.

Read More

මෙරට සියලු පාසල් සිසු දරු දැරියන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමින් ක්‍රියාවට නැංවෙන සුරක්ෂා සිසු රක්ෂණ වැඩසටහන යටතේ මැයි මස 31 වැනිදා සිට ඉදිරියට ප්‍රතිලාභ ගෙවීම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් සිදුකරනු ලබන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයෙක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඊයේ ( 22) දින මුදා හැරීමට කටයුතු කර ඇත.

Read More

තමන්ගේ අතිකාල දීමනා ලබා දෙන ලෙස ඉල්ලා ඇල්පිටිය මූලික රෝහලේ සෞඛ්‍ය සහායක කාර්‍ය මණ්ඩලය අද (23) ලෙඩ නිවාඩු දමා සම්පූර්ණයෙන්ම සේවයෙන් බැහැරව සිටීමට තීරණය කර තිබේ.

Read More

ට්‍රම්ප්ගේ ප්‍රචාරක සන්නිවේදන අධ්‍යක්ෂ ටිම් මොර්ටෝ මෙම පුවත සනාථ කර ඇති අතර, ඔහු පවසා තිබුණේ තම කණ්ඩායමේ සාමාජිකයන් මුඛ ආවරණ පවා පැළඳ සිටි බවයි.

Read More

එංගලන්තයේ සංචාරය කිරීමට නියමිත පාකිස්තාන ක්‍රිකට් සංචිතයේ සාමාජිකයින් තිදෙනෙකුට කොවිඩ් ආසාදනය වී තිබේ.

Read More

සමස්තයක් ලෙස අප්‍රිකානු මහද්වීපයේ මරණ අනුපාතය අනෙකුත් කලාපවලට වඩා අඩු මට්ටමක පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයද පෙන්වා දෙයි.

Read More

අගෝස්තු 01 වෙනිදා සිට දිවයිනට පැමිණෙන සංචාරකයන්ට නවාතැන් ගත හැක්කේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් නවාතැන් සපයන ස්ථානවල පමණක් යැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ සෞඛ්‍ය අංශ උපදෙස් අනුව මෙම තීරණයට එළඹි බවයි.

Read More

රටේ සම්පත් සියල්ල විකුණා දැමීම පසුගිය රජයේ ප්‍රතිපත්තිය වුවත් රටේ ජනතාවට, හෙට ඉපදෙන්න ඉන්න දරුවාට, පමණක් නොව අනාගතයේ ඉපදෙන දරුවන්ටද අයිති ජාතික සම්පත් ආරක්ෂා කිරීම තමන්ගේ ප්‍රතිපත්තිය බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.