saravita-anim2

2026 අප්‍රේල් මස 21 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 21 වන අඟහරුවාදා

Latest News - timelapse 8990 hours ago

LATEST

ගජමුතු විකීණිමට ගිය අයෙක් කොටුවේ

calendar_today 2020 අගෝ 30 - 13:18 remove_red_eye - 170  

මහියංගණ වේවත්ත මොරකැටිය ගම්මානයේ අයෙකු ලක්ෂ 06කට ගජමුතු විකිණිමට තැත්කිරීමේදී වනජීවි සංරක්ෂණ දෙපාර්ථමේන්තුවේ මාදුරුඔය නිළධාරින් හා දඹාන මාදුරුඔය ගල්කඩ පිවිසුමේ නිළධාරින් එක්ව උපායදූතයෙකු යොදා සිදු කල මෙ‍හෙයුමකදී (30) උදැසන එක් පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන ඇත.

ඊයේ (29) ඉතාලියේ PCR පරික්ෂණ 99,108 ක් සිදුකර කොවිඩ් ආසාදිතයන් 1,444 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

ඉන්දියාවේ සිට මෙරට කල්පිටිය ඉන්පන්තිව් දුපතට නීතිවිරෝධීව ආනයනය කරනු ලැබූ කහ කිලෝග‍්‍රෑම් 1428 ක් සමග පුද්ගලයින් 06 දෙනෙකු සහ ඒ සඳහා භාවිතා කළ ඩිංගි යාත‍්‍රාව ලොරිරථයක් නවීන වර්ගයේ වෑන්රථයක් ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ කල්පිටිය විජය නාවික හමුදාව විසින් ඊයේ අලූයම අත්අඩංගුවට ගනු ලැබීය.

Read More

දැරියගේ මව විදේශගතව සිටින අතර ඇයගේ සහෝදරයන් දෙදෙනා විවාහවී වෙනම ජීවත් වේ. දැරිය පියාගේ රැකවරණය යටතේ සිටියදී අවස්ථා කිහිපයකදී ඇයව දූෂණය කර ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණයවී ඇත.

Read More

පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබමින් මහා පරිමාණයෙන් හෙරොයින් මත්කුඩු ජාවාරමේ යෙදුණු සිසුවෙක් සහ ඔහුට ඒ සඳහා මත්කුඩු සපයන ජාවාරම්කරුවෙක් රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු තොගයක් සමග අත්අඩංගුවට ගත් බව හංවැල්ල පොලිසිය කියයි.

Read More

(CCTV දර්ශන සහිතයි) සීනිගම වැරැල්ලාන ඉන්ධන තෙල් පිරවුම් පොළ ඉදිරි පිටදි පෙරේදා (29 ) පස්වරුවේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් එක් අයෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කල බවත් ඉන්ධන පිරවුම් පොළටද දැඩි අලාභහානි සිදුව ඇති බවත් මීටියාගොඩ පොලීසිය කියයි.

Read More

මෙරට සංචාරක ව්‍යාපාරය නංවාලීම සදහා ඉදිරි මාස 04ක කාලයට රජය රුපියල් මිලියන 167.64 ක ප්‍රතිපාදන වෙන් කර ඇති බවත් මේ සදහාකෙටිකාලීන ක්‍රියාකාරී සැලැස්මක් දැනටමත් සකස් කර ඇති බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

ආරච්චිකට්ටුව ආනවිලුන්දාව රැම්සා තෙත්භූමයේ කඩොලාන පරිසරය තුළ අක්කර දෙකක පමණ ප‍්‍රමාණයක් ඩෝසර් කර එහි ඉස්සන් වගාව සඳහා පොකුණු සකස්කළ පුද්ගලයන් සහ එම විනාශය පිළිබඳව නිරීක්ෂණය කිරීමට සිව් පුද්ගල කමීටුවක් පත්කිරීමට වනජීවි හා වනසංරක්ෂණ අමාත්‍ය සී බී රත්නායක මහතා කටයුතු කළේය.

Read More

ඉන්දියාව ගෙවීගිය පැය 24ක් තුළ අවම වශයෙන් නව ආසාදිතයන් 78,761ක් වාර්තා කර ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනය කරන අතර, මීට පෙර ආසාදිතයන් 77,638ක් ඇමෙරිකාව වාර්තා කර තිබුණි.

Read More

බස්නාහිර පළාත තුල සිදුකළ විශේෂ වැටලීම්වලදී සැකකරුවන් 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

මහනුවර දිස්ත්‍රික්කයේ හාරගම මයිලපිටිය දිගන ආදී ප්‍රදේශ වලට ඉකුත් සෙනසුරාදා (29) රාත්‍රී 8.30 ට සිදු වූ බව කියන භූමියේ සෙලවීම භූ චලනයක් නොවන බවත් ඒ සම්බන්ධයෙන් ජනතාව බිය නොවිය යුතු බවත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනීම් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා පවසයි .

Read More

මුහුණු පොත මගින් දැන හඳුනාගෙන අක්මිමන රජ්ජම්බුගහ ටැංකිය පාරේ පිහිටි හෝටලයක මත්ද්‍රව්‍යය සාදයක් පවත්වමින් සිටි තරුණයින් 26 දෙනෙකු හා තරුණියන් 02 නෙකු අද (30) අළුයම 1.30ට පමණ අත්අඩංගුවට ගත් බව අක්මිමන පොලීසිය පවසයි.

Read More

අපි සරළ උදාහරණයක් විදිහට ගත්තොත් අපේ තියෙනවා පන්සල් 10500ක්. අපි මහ සංස්කෘතික උරුමය ගැන පන්සලේ කතා කරනවා. හැබැයි අපි වාඩි වෙලා ඉන්නේ මොකේද? චීනෙන් ගේන ප්ලාස්ටික් පැදුරේ. අපි මහ බෝධීන් වහන්සේට පැන් ටික වක් කරනවා. අපි මොකෙන්ද දාන්නේ ප්ලාස්ටික් කළෙන්. අපේ මේ වසර 2500කට ආසන්න කාලයක් තිබ්බ උරුමය තමා මට භාර දීලා තියෙන්නේ.

Read More

අඩු වයසින් වන මුස්ලිම් විවාහ නැවැත්විය යුතු බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා පැවැසීය. ඊයේ දිනයේදී මහනුවරට ගොස් මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව පැවැසීය.

Read More

ධාවනය වෙමින් තිබූ යතුරු පැදි දෙකක් මතට ගසක් කඩා වැටීමෙන් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

Read More

මැදපෙරදිග එක්සත් අරාබි එමීර් සහ කටාර් යන රාජ්‍ය වල සේවය සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 322 ක් 8/30 අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Read More

නවසීලන්තයේ මේ වනවිට සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් 1,729ක් සිටින අතර අවම වශයෙන් මරණ 22ක් වාර්තා වී තිබේ.

Read More

සඳුදා සිට ගෘහස්ථ විවාහ, විවාහ ගිවිස ගැනීමේ සාද සහ චර්මච්ඡේදනය කිරීමේ උත්සව තහනම් කරන බව ඉස්තාන්බුල් ආණ්ඩුකාර කාර්යාලය පවසයි.

Read More

SD-03 නම් වූ මෙම පියාසර කාරය රියදුරු (නියමුවා) සමග පිටත් වී මිනිත්තු හතරක් පමණ ටොයොටා පරීක්ෂණ ධාවන පථය වටා පියාසර කරනු ලැබීය.

Read More

තහවුරු කර ඇති ආසාදිතයන් 1,018ක් සෝල්හි සාරං-ජෙයිල් පල්ලියේ ආසාදන පොකුරට සම්බන්ධ වී ඇති අතර, තවත් 307ක් අගෝස්තු 15 වන දින සෝල් නුවර පැවති රාජ්‍ය විරෝධී පෙළපාලිවලට සම්බන්ධ වූවන්ය.

Read More

බ්‍රසීලයේ රාජ්‍ය පාලකයන් විසින් එරට ජනතාවගේ වළ ඔවුන් විසින්ම කපා දුන් බවට චෝදනා පවතින අතර, ජනාධිපති ජෙයර් බොල්සොනාරෝගේ වගකීමෙන් තොර හැසිරීම දැඩි විවේචනයට බඳුන් වී තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 24,896,000ක් ඉක්මවා ඇති අතර, තරුණ පිරිස් වැඩි වශයෙන් වෛරසයට ගොදුරුවීමක් මේ වනවිට දක්නට ලැබෙන බව විදෙස් වාර්තා පවසයි.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක‍ දෙපාර්තමේන්තුව එක්ව ඊයේ (28දා) උතුරු මුහුදේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරමින් තිබූ රත්‍රං කිලෝ 05 ග්‍රෑම් 500ක ප්‍රමාණයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

Read More

ගොවිජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරනු පිණිස ආරම්භ කරනු ලබන ’’නිෂ්පාදන පොකුරු ගම්මාන” වැඩසටහන අද (29දා) කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් නාවලපිටිය අලුත්ගම ගම්මානයෙන් ආරම්භ කරන ලදී.

Read More

ප්‍රතිසංස්කරණයේදී රක්ෂිතයට හෝ පරිසර පද්ධතියට හෝ හානි නොවිය යුතු බව ජනාධිපතිවරයා තරයේ අවධාරණය කළේය.

Read More

තවත් 6දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වෙයි. එයින් සිව්දෙනෙක් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් වන අතර අනෙක් පුද්ගලයින් දෙදෙනා ලෙබනන් සහ එක්සත් රාජධානියේ සිට පැමිණි අය බව වාර්තා වෙයි.

Read More

මෙරටදි කොරෝනා ආසාදනය වි සුවය ලැබු තවත් පුද්ගලයින් 7 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව තීරණ ගැනීම සඳහා ඉලංගෙයි තමිල්අරුස කච්චි පක්ෂ නියෝජිතයින් සියලු දෙනාගේ සහභාගීත්වයෙන් මධ්‍යමකාරක සභාව අද (29) වවුනියාවේදී රැස්විය.

Read More

ආනවිලුන්දාව කුරුළු අභය භූමිය හා රැම්සා තෙත් බිමට අයත් අක්කර තුන් කාලක පමණ ප්‍රමාණයක් ඉස්සන් වගා කිරීම සඳහා නීති විරෝධී ලෙස බිම් සැකසීමට අදාළ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

ඊයේ 28 ඉතාලියේ PCR පරික්ෂණ 97,065 ක් සිදුකර කොවිඩ් ආසාධිතයන් 1462 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.