saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 8383 hours ago

LATEST

දක්ෂිණ අධිවේගි මාර්ගයේ රිය අනතුරකින් 9 දෙනෙකුට තුවාල

calendar_today 2020 ජුනි 28 - 17:41 remove_red_eye - 523  

දක්ෂිණ අධිවේගි මාර්ගයේ පින්නදුව හා බද්දේගම අතර 92.5 කිලෝමිටර් කණුව අසලදි ධාවනය වෙමින් තිබු වෑන් රථයක පිටුපසින් පැමිණි පුද්ගලික බස්රථයක් ගැටිමෙන් වෑන් රථයේ ගමන්ගත් 09 දෙනෙකු තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කොට ඇති බැව් අධිවේගි මාර්ගයේ පින්නදුව පොලිස්මුරපොළ පවසයි.

ලෝක මුස්ලිම් ලීගය නම් වු සංවිධානය විසින් 2019 ජුනී 30 දින ශ්‍රී ලංකාව තුළ සමුළුවක් පවත්වා එහිදී පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත්වූවන් සඳහා ලබා දීමට ඇමරිකානු ඩොලර් මිලියන 05 ක මුදලක් ආධාර වශයෙන් එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පිරිනමා ඇති බවට වර්තා වන තොරතුරු අසත්‍ය බව ඔහුගේ මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

Read More

මෙම මැතිවරණ වකවානුව තුළ ද පදනම් විරහිත අසත්‍ය ප්‍රකාශ සහ ප්‍රචාර බහුල වශයෙන් සිදුවන බව කැෆේ සංවිධානය අවධාරණය කරයි.

Read More

කෝවිඩ්-19 තත්ත්වය යටතේ රියදුරු බලපත්‍ර අලුත් කිරීමට ලබාදී තිබෙන සහන කාලය තවදුරටත් දීර්ඝ කර තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාධිතයෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 2034ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read More

රුපියල් ලක්ෂ 5 පමණ වටිනා හෙරොයින් මත්කුඩු පැකට් තොගයක් සමග පුද්ගලයෙකු ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.

Read More

එජාප නායක රනිල් විත්‍රමසිංහ මහතාට කොයිතරම් මහන්සිවී ආණ්ඩු ලබාදුන්නත් ඒක පවත්වාගෙන යෑමට හැකියාවක් නොමැති බවත් කොතරම් මහන්සි වී ආණ්ඩු බලය ලබා දුන්නත් නියමිත කාලය අවසන් වනතුරු ඒ කිසිදු ආණ්ඩුවක් පවත්වාගෙන යෑමට නොහැකි වූ බව ජාතික සමඟි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

Read More

යම් පුද්ගලයෙක් කියනවා නම් මම මිනිසුන් දෙතුන් දාහක් ඝාතනය කළා යැයි කියා එතන නීතිය ක්‍රියාත්මක විය යුතුයි යැයි හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

Read More

එම්.සී.සී. ගිවිසුමට අදාළව යහපාලන රජය ඇමෙරිකා ඩොලර් මිලියන දහයක් ලබාගෙන ඇත්නම්, එලෙස මුදල් ලබාගත් පුද්ගලයන් පිළිබඳ රටට හෙළි කරන ලෙස තමන් ජනපතිට හා අගමැතිට අභියෝග කරන බව එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය මහ ලේකම් රුවන් විජයවර්ධන මහතා පැවසීය

Read More

කරුණා මිනීමරපු කාලයෙත්, ඊට පසුවත්, අද දක්වාම යහපාලන පාර්ශවයේ න්‍යාය පත්‍රයේ තියෙන්නේ මේ රට බෙදන එක. කරුණා මිනීමරන එක අත්හැරියත්, යහපාලකයෝ රට බෙදන එක නම් අත්හැරලා නෑ. ඒකයි අපි මෙතන තේරුම් ගන්න ඕන. කරුණා කිවුව දේවල් ගැන දැන් කොහොමත් විමර්ෂණයක් පැවැත්වෙනවා සී.අයි.ඩී එකෙන්. ඉතිං පොඩි චිත්‍රය දිහා බලලා ලොකු චිත්‍රය මොහොතකට හරි අමතක කළොත් සිද්ධ වෙන්නේ විනාශයක්

Read More

පසුගිය ජනාධිපතිවරණයේදී සියයට 51 ක් ගතයුතු නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධානයක් ඇතිකරගත් නමුත් එම සන්ධානයේ කොන්දේසි කිසිවක් නොමැති අතර මෛත්‍රීට හෝ එහි මන්ත්‍රීවරුන්ට ඇමතිකම් දෙනවයි කියා නොමැති බවත් මෙවර මැතිවරණයේදී මෛත්‍රීට ගෑවුණු කිසිවෙකුට හෝ ඡන්දයක් නොදෙන ලෙස තමන් ඉල්ලා සිටින අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

නාවික හමුදාව 2020 ජුනි මස 25 දින මන්නාරම, කටස්පතිරි ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදි බලපත්‍ර රහිතව ධීවර කටයුතු වල නිරතවිම‍ට උත්සහ කල පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට ගෙන ඇත.

Read More

ලොව වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා වන ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තියා මුරලිදරන් 21 වන සියවසේ වටිනාම ටෙස්ට් ක්‍රීඩකයා ලෙස විස්ඩන් ක්‍රිකට් මාසික සඟරාව විසින් නම්කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන් 2033 ක් වාර්තා වන අතර තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 361කි. රෝගයෙන් මිය ගිය සංඛ්‍යාව 11කි.

Read More

මෙරට ඕනෑම අයෙකුට තමන්ගේ අවශ්‍යතාව මත යුද හමුදාව සම්බන්ධයෙන් නොයෙක් ප්‍රකාශ කළ හැකි නමුත් ඒවාහි සත්‍ය අසත්‍යතාව පිළිබඳව ජනතාව තුළ විනිශ්චයක් තිබෙන බවත් යුද හමුදාවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව මෙරට අතිබහුතර ජනතාව තුළ ඇත්තේ විශාල පැහැදීමක් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පාලනය කිරීමෙන් පසු සංචාරක ක්ෂේත්‍රය නංවාලිම සම්බන්ධයෙන් ඒ ක්ෂේත්‍රයට ආධාර දෙන ආයතන සමග සාකච්ඡා කිරිමට තිරණය කර තිබේ.

Read More

2011 ලෝක කුසලාන අවසන් තරගයට ක්‍රීඩා කර ක්‍රීඩකයන් ඊට සම්බන්ධ නැති බව ප්‍රකාශ කරද්දී තමන් ඒ සම්බන්ධයෙන් තමන් අදහස් දැක්වීම අවශ්‍ය නොවන බව මුත්තයියා මුරලිදරන් සඳහන් කර සිටියි.

Read More

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ දියණිය අද (28) අලුයම බෙල්රුස් සිට පැමිණි ගුවන් යානයකින් මෙරටට පැමිණ තිබේ.

Read More

එම්සීසි ගිවිසුම ක්‍රියාත්මක කරන්න හෝ ඊට අත්සන් කිරීමට හෝ රජය පියවර නොගන්නා බව යැයි විදුලිබල හා බලශක්ති හා ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

Read More

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස යළිත් වරක් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා තේරී පත්වී ඇත.

Read More

සහශ්‍රක අභියෝග සමායතන ව්‍යාපෘතිය ( MCC ) පිළිබඳ සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාව පහත සඳහන් වෙබ් අඩවි ඔස්සේ දැන් මහජනතාවට කියවීමට අවස්ථාව සලසා දි තිබේ.

Read More

අද, ජූනි 28 ඉරිදා සිට බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය මුළුමනින් ඉවත් කරනු ලැබේ.

Read More

’’අපේ ඉලක්කය වුණේ අගෝස්තු 01 වෙනි දා වන විට සංචාරකයන් ලංකාවට ගේන්න. ගුවන් තොටුපළ විවෘත කරන්න. නමුත් මේ තත්ත්වය තුල අපිට අගෝස්තු 15 න් පස්සේ හෝ අගෝස්තු අග වන විට තමයි ගුවන් තොටුපළ සම්පූර්ණයෙන් ම විවෘත කරන්න වෙන්නේ. නමුත් අගෝස්තු 01 වෙනි දා ගුවන් තොටුපළ විවෘත කිරීමේ උත්සාහය අපේ සම්පූර්ණයෙන් ම අතහැරලා නෑ. ඒත් පවතින තත්ත්වය තුළ එය තරමක් ප්‍රමාද විය හැකියි”

Read More

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙකු (02) වෛරසය ශරීර තුළ නොමැති බවට සිදු කළ පී.සී.ආර්. පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 27 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව බෙලරෑස් හි රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 290 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (28දා) උදෑසන මින්ස්ක් නුවර ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

Read More

මේ අන්දමින් ධාවනය කෙරෙන බස් රථ දැනට 30කට ආසන්න ප්‍රමාණයක් කොළඹ විවිධ ස්ථානවල ගාල් කර තබා රාත්‍රි කාලයේ දී යාපනය හා මඩකලපුවට මගී ජනතාව ප්‍රවාහනය කරන බව බස් රථ අයිතිකරුවන්ගේ සංගම් විසින් පෙන්වා දී තිබුණි.

Read More

කිලිනොච්චිය ඉරණමඩු ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේදී සාර්ථකව නිරෝධායනය වූ නාවික හමුදා සෙබලුන් 77 දෙදෙනකුද මුලතිව් ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේදී නාවික හමුදා සෙබලුන් 223 දෙනෙකු මෙසේ නිවෙස් වෙතට රැගෙන යාමට ගුවන් හමුදාව පියවර ගනු ලැබීය.

Read More

මේ වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ සීනිගම ප්‍රදේශයේ පදිංචි විසිපස් හැවිරිදි කලුදුර කේෂාන් නොහොත් ‘ලොක්කා’ යන අනවර්ථ නාමයෙන් හදුන්වන අයෙකු බවද පොලීසිය කියයි.

Read More

හෝමාගම මූලික රෝහලේ සාමාන්‍ය ප්‍රතිකාර කටයුතු හෙට (29) දා සිට යළි ආරම්භ කරන බවත් බාහිර ප්‍රතිකාර ඒකකය (30දා) ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවත් හෝමාගම මූලික රෝහල් ප්‍රධාන වෛද්‍ය අධිකාරි විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා පැවසීය .

Read More

ඇවන්ට්ගාඩ් සමාගම් සමූහයට අයත් නැවක සේවය කිරීම සඳහා අරාබි ජාතික නැවියන් 51 කු ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අද (28දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.