saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 8329 hours ago

LATEST

මැකෝට ගැටලුවක්

calendar_today 2020 ජුලි 10 - 19:08 remove_red_eye - 2814  

කොවිඩ් 19 තත්ත්වය යටතේ මැතිවරණය පැවැත්වීමට අදාළව නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ තවමත් ගැසට් කර නොමැති වීම ගැටලුවක් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1458 ඉක්මවා තිබේ.

Read More

කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 87ක් වාර්තා වී තිබේ. ඒ අනුව එම මධ්‍යස්ථානයේ වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව 283ක් දක්වා ඉහළ ගියේය. මීට අමතරව එම මධ්‍යස්ථානයේ උපදේශිකාවක ලෙස කටයුතු කළ කාන්තාවකටද කොවිඩ් ආසාදනය වී තිබේ.

Read More

නාවික හමුදාව විසින් ඉදිකරන ලද ලංකාවේ දෙවන දිය යට කෞතුකාගාරය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් අද (10දා) ත්‍රිකුණාමලය සැන්ඩි බේ මුහුදු තීරයේ දී විවෘත කිරීම සිදු කරන ලදී.

Read More

මෙලෙස නිරෝධායනයට ලක්කෙරුනේ කන්දකාඩු පුනුරුත්තාපන මධ්‍යස්ථානයේ පුනුරුත්තාපනය වන පුද්ගලයින් බැලීමට ගිය ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් බව අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පවසයි.

Read More

මීටියාගොඩ පොලිස් වසමේ ගින්නරුව පාර වේරගොඩ ප්‍ර දේශයේදී මීටියාගොඩ පොලීසියට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර කාණු දෙකේ තුවක්කුවක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කන්දකාඩු මත්ද්‍රව්‍යය පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 252 දෙනෙකු හඳුනා ගෙන ඇත. ඒ පිළිබද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙම අදහස් පළ කරන ලදි.

Read More

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සහ කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයන්හි සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 20 දෙනෙකු ( 09) සහ( 10) වන දින එම මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.

Read More

නැගෙනහිර, උතුරු මැද, මධ්‍යම, ඌව, වයඹ සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.75 ඉක්ම වු තද වැසි වර්ෂාපතනයක් ලැබිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව 08 දා පස්වරු 4.00 සිට 09දා පස්වරු 4.00 දක්වා පැය 24ක කාලයක් තුළ මැතිවරණ පැමිණිලි 132ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාවේ විවිධ පරාශයක පවතින පුස්කොළ පොත් සංරකෂණ්‍ය, ලේඛනගත කිරීම හා අංකිතකරණය (Digitization) රජයේ අවධානය යොමුව තිබේ.

Read More

‘‘යූ. ඇන්. පී. ය දැන් දෙකට කැඩිල.පිල් දෙකයි. සජිත් පිලයි රනිල් පිලයි. එයාලට දැන් සටන තියෙන්නේ ආණ්ඩුව අල්ලන්න නෙමෙයි. ජනාපතිවරයා හැට නව ලක්ෂයකින් දිණුවේ. ඒ නිසා ආණ්ඩුව අල්ලන්න එයාලට බැහැ. දැන් එයාලගෙ සටන තියෙන්නෙ සිරිකොත අල්ලන්නයි. මේ රටේ යූ. එන්. පී. පාක්ෂිකයන්ට ඕන ඒකද? ඒක නිසා මේ පාර පොහොට්ටුවට අපට තරගයක් නැහැ. ජනතාව තුනෙන් දෙකක බලයක් අපට දෙනව කියල විශ්වාසයි “ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගියෙක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහලින් පිටව ගොස් තිබේ.

Read More

එක්සත් ජාතික පක්ෂය හෝ සමගි ජන බලවේගය සමග පොහොට්ටුවට කිසිදු තරගයක් නොමැති බවත් අගෝස්තු 05 වෙනිදාට පොහොට්ටුව නියත ලෙසම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

Read More

නාවික හමුදාව විසින් 2020 ජුලි මස 09 වන දින තලෙයිමන්නාරම, පැරණි ජැටියට ඔබ්බෙන් වූ මුහුදේදී බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලීමේ කටයුතු වල නිරතවූ පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

Read More

හිනිදුම ,වීරපාන - නැගෙනහිර ප්‍රදේශයේදි මෙරට නිෂ්පාදිත ගිනිඅවි 4ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

හලාවත නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ තරුණියකට කොයිඞ් 19 වෛරසය අසාදනය වී ඇති බව ඊයේ ( 09) දා හදුනාගැනීමෙන් අනතුරුව එම ප‍්‍රදේශයේ තවත් ග‍්‍රාම සේවා කොට්ඨාස 4ට අයත් 42කු ස්වයං නිරෝධායනය සඳහා යොමුකර ඇති බව නාත්තන්ඩිය කොට්ඨාස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී උපුල් ජයතිලක මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණෙන් මෙවර මහ මැතිවරණයට තරග වදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (10) මාතලේ දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරතව සිටී.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ශක්තිමත් කරමින් හෙට (11දා) මහනුවරට යන බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Read More

වැල්ලවාය - බුත්තල මාර්ගයේ වරුණගම ප්‍රදේශයේදී වැල්ලවාය දෙස සිට බුත්තල දෙසට ගමන් කළ ලොරි රථයක් හා බුත්තල දෙස සිට වැල්ලවාය දෙසට ගමන් කළ ත්‍රි රෝද රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් තිදෙනෙක් මිය ගොස් තිබේ.

Read More

රුසියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 266 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මොස්කව් නුවර සිට අද (10දා) දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

Read More

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ට ප්‍රතිකාර කිරීමේ හා පුනරුත්තාපනය කිරීමේ කන්දකාඩු මධ්‍යස්ථානය තුළින් නව කොවිඩ් ආසාදිතයන් 196ක් වාර්තාවීමත් සමග සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2350ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

කොවිඩ් 19 නිසා ලෝක වෙළෙඳ පොලේ ඉන්ධන මිල පහළ යාමේ වාසිය රටේ සමස්ත ජනතාවට ලබා දීමට රජය පියවර ගත්තා. ඒ් අනුව ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල අවම වීම මත ඉන්ධන ලීටරයකට රුපියල් 26ක විශේෂ බද්දක් පනවන ලද අතර ඉන් ලැබුණ ආදායම මහාභාණ්ඩාගාරය යටතේ විශේෂ අරමුදලකට ඇතුළත් කළා.

Read More

කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව ( 09) වන දින එම රෝහල වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

Read More

දෙවන කොවිඩ් රැල්ලක් ඇතිවීම වැලැක්වීමේ අරමුණෙන් දෙසැම්බර් 31 දක්වා ඉතාලියේ හදිසි අවදානම් තත්ත්වය දීර්ඝ කල බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

Read More

මහින්ද රාජපක්ෂට වැඩිය මට විවිධ විෂයයන් සම්බන්ධයෙන් ඉතා ගැඹුරු දැනුමක් සහ පුළුල් අවබෝධයක් තිබෙනවා. ඒ නිසා මහින්ද රාජපක්ෂ සමග මාව සන්සන්දනය කරන්න යන්න එපා. මට දුකයි මහින්ද රාජපක්ෂ සමග මාව සන්සන්දනය කිරීම ගැන

Read More

කොවිඩ් ආසාදිතයන් පොකුරක් වාර්තා වූ කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්තාපන මධ්‍යස්ථානය ආසන්නයේ ඇති කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය තාවකාලික රෝහලක් බවට පත්කර තිබේ.

Read More

ඒ අනුව එම මධ්‍යස්ථානය තුළින් මේ වන විට වාර්තා වී ඇති ආසාදිතයන්ගේ සංඛ්‍යාව 252කි. ඒ ඊයේ දිනයේදී හඳුනාගත් ආසාදිතයන් 56 දෙනාද සමගිනි.

Read More

දැනට රිමාන්ඩ් භාරයේ පසුවන කොස්ගොඩ තාරක නැමැත්තාගේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලය හසුරවන ප්‍රධානියා ලෙස සැලකෙන රොහාන් ප්‍රදීප් හෙවත් “කළු මල්ලී“ අංගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

Read More

මෙම කාලය තුළදී නීතිවිරෝධී මත්පැන් ලීටර හාරලක්‍ෂ තිස්හත්දහස් හාරසිය හැටහයක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර, මත්පැන් සමග අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ප්‍රමාණය දොළොස් දහස් තුන්සිය හතකි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.