saravita-anim2

2026 අප්‍රේල් මස 09 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 09 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 8862 hours ago

LATEST

පූර්ව කොවිඩ් අවධිය 2022 තෙක් නැවත එන්නේ නැතිලු

calendar_today 2020 සැප් 16 - 08:11 remove_red_eye - 1171  

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥයා අවධාරණය කරන්නේ ඉදිරි කාලය සඳහා භෞතික දුරස්ථභාවය, මුඛ ආවරණ පැලඳීම සමග දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ක්‍රියාමාර්ග අප විසින්ම පවත්වා ගත යුතු බවය.

කොවිඩ්-19 මරණ 195,735ක් සහ ආසාදිතයන් 6,603,921ක් වාර්තා වන එක්සත් ජනපදයේ ඡන්ද දායකයෙකු ට්‍රම්ප්ට බාධා කරමින් ප්‍රශ්න කරන විට, ට්‍රම්ප් කියා සිටියේ තමන් වසංගතය පාලනය කිරීමට බොහෝ දේ කළ බවය.

Read More

සාමාන්‍ය කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 50 ට වඩා පහත වැටීමෙන් පසු මාසය අවසානයේදී මෙල්බර්න් නගරයේ දැඩි අගුලු දැමීම් ලිහිල් කිරීමේ සූදානමක්.

Read More

සමහර ප්‍රදේශවල මිනීමැරුම් මීට පෙර වසරට වඩා 14.8% කින් පහත වැටී ඇති අතර ස්ත්‍රී දූෂණ 17.8%කින් පහත වැටී ඇති බව එක්සත් ජනපද ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) පවසයි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂක වෛද්‍ය මයික් රයන් පැවසුවේ, මැජික් අශ්වයන් සෙවීම නවතා වඩාත් ඵලදායී සෞඛ්‍යාරක්ෂක පුරුදු වෙත යොමුවිය යුතු බවය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 29,425,000 පසුකර ඇති අතර, ජර්මනිය විශ්වාස කරන්නේ 2021 මැද භාගය තෙක්ම කොරෝනාවට එරෙහි එන්නතක් නොපැමිණෙනු ඇති බවය.

Read More

ග්‍රාමීය මාර්ග කිලෝ මීටර් ලක්ෂයේ ඉදිකිරීම් 2024දී අවසන් කර ප්‍රධාන මාර්ග පද්ධතිය හා සම්බන්ධ කිරීමේ වගකීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට පවරයි.

Read More

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 58 ඌරගස්මංහන්දිය -මඩකුඹුර ප්‍රදේශයේදී ආපදාවට ලක්වූ කුඩා ලොරි රථයක් අසල රැඳී සිටි පුද්ගලයන් තිදෙනෙක් වෙතට (15) ධාවනය වෙමින් තිබූ කැබ් රථයක් නවතා තිබූ වෑන් රථයක ගැටී එම වෑන් රථය කඩා වැදීමෙන් එක් පුද්ගලයෙක් මිය ගොස් තවත් සිවු දෙනෙක් තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි .

Read More

නීතිවිරෝධී තහනම් කඩු දෙකක් සහ ව්‍යාජ අංක තහඩු දෙකක් සන්තකයේ තබාගෙන සිටි බව කියන තංගල්ල නගරසභාවේ හිටපු මන්ත්‍රීවරයකු අද(15) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බළකායේ අම්බලන්තොට කඳවුරේ නිලධාරිහු කියති.

Read More

මිටියාගොඩ කලූපේ කුරුදු ඉඩමක වළලා තිබු ගිනිඅවි තුනක් ,ජීව අත්බෝම්බ දෙකක් ,උන්ඩ දහයක් අද (15) පස්වරුවේ සොයා ගත් බව පොලිස් විශේෂ කාර්‍ය බලකාය කියයි.

Read More

තවත් කෝවිඩ් -19 ආසාදිතයින් 5ක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් -19 ආසාදිතයින් ගණන 3271 දක්වා ඉහල ගොස් ඇත.

Read More

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය 14 වැනි වරටත් සංවිධානය කළ බෞද්ධ සාහිත්‍ය උත්සවය සඳහා අද 2020.09.15 දින ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එක්විය.

Read More

මත්ද්‍රව්‍ය වැටලීම් කරන පොලිස් නිලධාරීන් සටහන් යෙදීමේදී සිදුකරන දුර්වලතා හේතූවෙන් මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවන් නිදහස්ව යෑම කණගාටුදායක තත්ත්වයක් යැයි කුඩු ග්‍රෑම් 198 ක් ළඟ තබාගෙන සිටියදී මීට වසර 08 කට පෙර පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් විසින් කොළඹ පුරහල ප‍්‍රදේශයේදී අල්ලා ගන්නා ලද කුඩු ජාවාරම්කරුවකු නිදහස් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කලුආරච්චි මහතා අද (15) පැවසීය.

Read More

හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ප‍්‍රභූන් පිරිසක් ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කළැයි කියමින් රහස් පොලිසිය තමන් අත්අඩංගුවට ගැනීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි පවසමින් ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂක, නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කොට තිබු මූලික අයිතිවාසිකම් පෙත්සම අද (15) ඉල්ලා අස් කරගත්තේය.

Read More

ආබාධිත රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප් ගැටලුවලට විසදුම් ලබාදෙන යහපාලන රජයට බලකරමින් ආබාධිත රණවිරුවන්ට විශ්‍රාම වැටුප් ලබා දෙන්නැයි ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වූ උද්ඝෝෂණයකට පොලිසිය එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරය සිය ඇසකට හානීවී සදාකාලික අන්ධභාවයට පත් වීමට තමන්ට රු. කෝටියක වන්දියක් අය කර දෙන්නැයි ඉල්ලා ආබාධිත රණවිරුවකු විසින් ගොනු කොට ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් ලබන මැයි මස 4 සිට විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) තීරණය කළේය.

Read More

පිහිටීම ප්‍රයෝජනයට ගෙන ශ්‍රී ලංකාව ලොව ප්‍රධානතම නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී.

Read More

කැළි කසල ගැටළුවට විද්‍යාත්මක මෙන්ම පරිසර හිතකාමී විසඳුමක් වශයෙන් පුත්තලම අරුවක්කාළු සනීපාරක්ෂක කසල රඳවනයෙහි කටයුතු ජනාධිපතිගේ සහ අගමැතිගේ උපදෙසින් කඩිනම් කෙරේ.

Read More

රට ගොඩනැඟීමේ ජාතික ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග තුළ ජනාධිපතිතුමන් විසින් වෙන් වෙන්ව පැවති ආයතන රැසක් සාමූහික කොට රාජ්‍ය අමාත්‍යාංශ 4ක් සහිතව අධ්‍යාපන අමාත්‍යාංශයේ කාර්යභාරය වඩාත් පුළුල් කොට ඇත්තේ රටේ සංවර්ධනය වෙනුවෙන් අපට ඇති සහජ සම්පත වන මානව සම්පත වඩාත් ක්‍රමවත්ව ගොඩනැඟීමේ අරමුණින් බවත්, එහිදී රටේ ආගමික සංස්ථාවට විශාල වගකීමක් හා කාර්යභාරයක් පැවරෙන බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කළේය.

Read More

තවත් කෝවිඩ් -19 ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් -19 ආසාදිතයින් ගණන 3266 දක්වා ඉහල ගොස් ඇත.

Read More

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අවසන් කොට ඇගළුම් ආශ්‍රිත අධ්‍යාපන ආයතනවලින් පාඨමාලා හදාරන සිසුන්ට දේශීය උපාධි ආයතන සමග එක්ව පිළිගැනීමක් ඇති උපාධියක් ලබාදීමට කටයුතු කරන ලෙස කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ අද (15) පැවති සාකච්ජාවක දී අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.

Read More

පළාත් සභා අහෝසි කරන්නේ නම් පළාත් සභාවල ඇති බලය පළාත් පාලන ආයතනවලට ලබා දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පසුගිය 11 දා පැවැති සාකච්ඡාවකදී සඳහන් කළ බවට වාර්තා වන තොරතුරු අසත්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.

Read More

මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රජා ජල ව්‍යාපෘති මගින් ලබාදෙන ජලය සියයට 78ක ප්‍රමාණයක් අපිරිසිදු තත්ත්වයේ ඇති බව අද 15දා පැවති මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදි අනාවරණය විය.

Read More

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් සමඟ ඒක්ව හෙරෝයින් ජාවාරම් කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කළ චමින්ද දයා මල්ලවආරච්චි හෙවත් ටයිල් චමින්ද ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More

එක්සත් ජාතික පක්ෂය යනු රටට සේවයක් කළ පක්ෂයක් බවත් සියලු දෙනා එකතු කර ගනිමින් පක්ෂය ශක්තිමත් කිරීම බලාපොරොත්තුව බවත් එක්සත් ජාතික පක්ෂ නව නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලග්ගල ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ඇතුලු පුද්ගලයින් අට දෙනෙකු ලග්ගල හත්තොටඅමුණ ලේල් ඔය ප්‍රදේශයේ මුදලට සුදු ක්‍රිඩාවේ යෙදි සිටිමින් සිටයදි අද (15දා) අලුයම 2.330ට පමණ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් -19 ආසාදිතයින් ගණන 3263 දක්වා ඉහල ගොස් ඇත.

Read More

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීමට පත් කළ කමිටුව විසින් අදාළ වාර්තාව අද (15දා) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාර දෙන ලදී.

Read More

කොරෝනා උවදුර නිසා සිය රැකියාව කර ගැනීමට නොහැකිව අසරණ තත්වයට පත් වී සිටින ධීවර ජනතාවට ස්වයං රැකියා කර ගැනීම සඳහා සහන පොලියට බැංකු ණය ලබා දීමට කටයුතු කළ හැකි බවත් එවැනි බැංකු ණය ලබා ගැනීමට කැමති අය සදහා විසඳුමක් ලබා දීමට රජය සමග සාකච්ඡා කර අවශ්‍ය කටයුතු කරන බවත් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ප්‍රකාශ කළේය.

Read More

දරුවන් 46 දෙනෙකු සමඟ සිරගතව සිටින මව්වරුන් පිළිබඳ වාර්තාව අග්‍රමාත්‍යතුමාට භාර දිම සිදුව තිබේ.

Read More

කාන්තාවන් ගෘහසේවිකාවන් ලෙස රැකියා සඳහා විදේශගත කිරීමට තමන් පෞද්ගලිකව විරුද්ධ බවත්, ඔවුන්ට ගෞරවාන්විත රැකියා ලබා දීම රජයේ අරමුණ බවත්, කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළේය. ඒ අනුව, ඉහළ වැටුප් සහිත රැකියා සඳහා කාන්තාවන් මෙන්ම පිරිමි ශ්‍රමිකයන් යොමු කිරීමට ජාතික වැඩපිළිවෙලක් සකස් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.