saravita-anim2

2026 අප්‍රේල් මස 20 වන සඳුදා

2026 අප්‍රේල් මස 20 වන සඳුදා

Latest News - timelapse 8823 hours ago

LATEST

ඉදිරි පැය 48 ඉතාමත්ම තීරණාත්මකයි

calendar_today 2020 ඔක් 06 - 10:45 remove_red_eye - 1092  

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරි පැය 48 ඉතාමත්ම තිරණාත්මක බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.

පොලීසිය සමග සිදුවූ වෙඩි හුවමාරුවකදී මියගිය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ”රත්මලානේ රොහා’’ නැමැත්තාට අයත් ගිනි අවි 4ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

Read More

හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාගේ සොහොයුරු රියජ් බද්යුදීන් මහතා අත්අඩංගුවට ගත් අවස්ථාවේදී හා ඔහු මුදා හළ අවස්ථාවේදි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා කළ ප්‍රකාශය ගැන විමර්ශනයක් කරන බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

කෙසේ වෙතත් ඔහු නිදහස් කර නොමැති බවත් ඔහු පිළිබඳව විමර්ශන කටයුතු සිදුකරන බවත් විමර්ශන නවතා නොමැති බවත් ඔහු පැවැසීය.

Read More

මැදපෙරදිග කටාර් රාජ්‍යයේ සහ තුර්කියේ සේවය සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 302 දෙනෙකු අද (6දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Read More

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සාක්ෂි දීම සඳහා පාස්කු කොමිසමට පැමිණ තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙ දැනට පවතින තත්ත්වය අනුව සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පැමිණීමේදී සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Read More

මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්ත ශාලාවේ කොවිඩ් ආසාදිතයන් ලෙස මේ දක්වා හඳුනාගෙන ඇති අය නිරෝධානයට ලක්කර සිටින අය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Read More

රෝග නිවාරණය හා පාලනය පිළිබඳ යුරෝපීය මධ්‍යස්ථානයේ නව කොරෝනා වෛරස අනතුරු ඇඟවීමේ සීමාව දින හතකදී සාමාන්‍යයෙන් පුද්ගලයන් 100,000කට 20ක් වන අතර, ඉන් ඔබ්බට කොවිඩ්-19 අවදානම ඉහළ බව කියයි.

Read More

තුන්වන රටක විදේශීය තානාපතිවරයෙක් චීන-ශ්‍රී ලංකා සබඳතා විවෘතව විවේචනය කිරීම රාජ්‍ය තාන්ත්‍රික ප්‍රොටෝකෝලය දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි

Read More

බෙල්ජියම් රජයේ නීතිරීති යටතේ, කොවිඩ් -19 ධනාත්මක පුද්ගලයෙකු සමග සමීපව සම්බන්ධ වීමෙන් පසු නිරෝධායනයට යොමුවීම අනිවාර්යය වෙයි.

Read More

මිනුවන්ගොඩ කර්මාන්තශාලාවේ තවත් 220කට කොවිඩ් ආසාදනය වී තිබේ. ඒ අනුව එම පොකුරට සම්බන්ධව වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 321කි.

Read More

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අතිශය සමීපතම හා සුරූපී සහායිකාවන් කිහිප දෙනෙකුම වෛරසයට ධනාත්මක වී ඇති බව මේ වනවිට තහවුරු වී ඇතැයි එක්සත් ජනපද මධ්‍ය වාර්තා කරයි.

Read More

කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයට සම්බන්ධ කොවිඩ් ආසාදිත පොකුරේ සියලුම ආසාදිතයන් සුවය ලබා ඇති බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

Read More

ඊයේ දිනයේදි කොවිඩ් ආසාදිතයන් 111ක් වාර්තා වී ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි. මෙයින් 101ක් මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ ආසාදිතයන් වන අතර ඉතිරි 10 දෙනා විදේශයන්හිට සිට පැමිණි අය වෙයි.

Read More

දිවුලපිටිය කොවිඩි 19 රෝගියාගේ ආශ්‍රිතයෙකු ලෙස මහඔය ප්‍රදේශයේදි හඳුනාගත් කාන්තාවටද කොවිඩි 19 ආසාදනය වී ඇතැයි පි.සි.ආර් පරික්ෂණයේදි තහවුරු වු බව මහඔය සෞඛ්‍ය සේවා වෛද්‍ය නිළධාරි කාර්යාලය පවසයි.

Read More

ධවල මන්දිරයේ දකුණු පෝටිකෝවේ පඩිපෙළ දිගේ ගමන් කළ ට්‍රම්ප් තම මුහුණේ වූ ශල්‍ය මුඛ ආවරණය ගලවා, මාධ්‍ය වෙත ආචාර කිරීම දැඩි සෞඛ්‍ය තර්ජනයක් හා වෛරසය පිළිබඳ නොසැලකිල්ලක් බවට චෝදනා නැගෙයි.

Read More

මැරීන් වන් හෙලිකොප්ටරයේ නැගී ධවල මන්දිරය වෙත ජනාධිපතිවරයා යළි පැමිණ ඇති අතර, මෙය ට්‍රම්ප්ගේ වෛද්‍ය කණ්ඩායම හැරුණු විට බොහෝ සෞඛ්‍ය විශේෂඥයන්ගේ දැඩි විවේචනයට ලක්ව තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 35,400,000ක සීමාවට පැමිණ ඇති අතර, ලෝකයේ බලවත් රාජ්‍යයන් රැසක් කොවිඩ්-19 හමුවේ අසරණ වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ සේවය කළ තවත් සාමාජිකයන් දෙදෙනෙකුට කොවිඩ් ආසාදනය වී තිබේ.

Read More

නව ආසාදිතයන් 13 වාර්තා වන අයුරු - මිනුවන්ගොඩ 07, මීරිගම 03, ජා ඇළ 01, දිවුලපිටිය 01, මහර 01

Read More

සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට වැඩ බලන පොලිස්පතිවරයා නියෝගකර තිබේ.

Read More

ඒ අනුව අද දිනයේදි එම පොකුරට සම්බන්ධව වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව 88කි.

Read More

පසුගිය දින කිහිපය තුළ බ්‍රැන්ඩික්ස් (Brandix) සමග යම් සම්බන්ධ වූ අයෙක් සිටී නම් ඔවුන් නිවාස තුළම රැඳී සිටින ලෙසත් යම් ස්වසන අපහසුතාවක් හෝ පූර්ණ රෝග ලක්ෂණයක් පවතී නම් ඔවුන් තම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දැනුවත් කර වහාම රෝහල්ගත වීම සිදු කරන ලෙස වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.

Read More

කොවිඩ් 19 වෛරසය ආසාදිත බව තහවුරු වූ මිනුවන්ගොඩ ප්‍රදේශයේ කාන්තාව සේවය කළඇඟලුම් කම්හලේසේවය කළ මධ්‍යම පළාතේ පිරිසක් හඳුනාගැනීමෙන් පසු මේ වන විට මහනුවර මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්කවල පුද්ගලයන් දාහත් දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙන බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය වීරසූරිය මහතා පවසයි.

Read More

කොරෝනා රෝගය ආසාදිත වූ දිවුලපිටිය කාන්තාව සේවය කළ මිනුවන්ගොඩ ඇගළුම් කම්හලෙහි සේවය කළ මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයට අයත් පිළිකුත්තුව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකුටද වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Read More

හඳුනාගත් කොවිඩ් අසාදිතයන්ගේ සමීපතමයන් හඳුනාගෙන රෝගය පැතිරයාම වැළැක්වීමටත් රෝගීන් හඳුනා ගැනීමේ PCR පරීක්ෂණ සංඛ්‍යාව වැඩිකිරීමටත් කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ පාර්ශ්වයන්ට උපදෙස් දෙයි.

Read More

හෙට (06) රට පුරා ඇඳිරි නීතිය පනවා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවෙමින් පවතින සාවද්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන්නැයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවය කර යාපනයට පැමිණි සේවිකාවකට ද කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වේ.‍

Read More

දින කිහිපයක් පුරා ධනාත්මක වර්ධනයක් පෙන්වූ කොළඹ කොටස් වෙළඳපොළ අද දිනයේදී කඩා වැටීමකට ලක්විය. ඒ අනුව සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 462.99ක් ලෙස සියයට 7.65කින් පහළ ගියේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.