saravita-anim2

2026 අප්‍රේල් මස 08 වන බදාදා

2026 අප්‍රේල් මස 08 වන බදාදා

Latest News - timelapse 8761 hours ago

LATEST

හම්බන්තොට කොරෝනා ප්‍රතිකාර ඒකකයේ රෝගීන් 136ක්

calendar_today 2020 ඔක් 08 - 15:17 remove_red_eye - 442  

රට තුල කොරෝනා රෝගීන් වැඩි වීමත් සමඟ හම්බන්තොට පැරණි රෝහලේ ස්ථාපිත කර තිබෙන කොරෝනා රෝගී ප්‍රතිකාර ඒකකය තුල මේ වන විට රෝගීන් 136 දෙනෙකු ප්‍රතිකාර කිරීමට ඇතුලත් කර තිබෙන බව එම වාට්ටුව බාරව කටයුතු කරන වෛද්‍ය වරයෙකු කියා සිටියේය.

කොවිඩ්-19 රෝගීන් සිව්දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව ආසන්නයේ පැරණි උසාවි ගොඩනැගිල්ලේ ස්ථාපිත කොට ඇති ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය තැන්පත් කර තිබූ කෞතුක භාණ්ඩ කිහිපයක් සොරාගෙන පළා යාමට උත්සාහ කළ පුද්ගලයකු කෞතුකාගාරයේ සේවයේ නියුතු නිලධාරීන් විසින් අල්ලා දළදා මාලිගාවේ පොලිස් ඒකකයට භාර දී තිබේ .

Read More

මීරිගම ප්‍ර දේශයේ වාර්තා වූ කොරෝනා ආසාදිත ගැබිනි කාන්තාවද මිනුවන්ගොඩ කොවිඩ් 19 පොකුරට සම්බන්ධ බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

Read More

හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් කොවිඩ් වසංගත ආසාදිත රෝගීන් දෙදෙනා සමඟ සමීප සබඳතා පැවැත්වූ පවුල් 66ක සාමාජිකයන් 169 ඔවුන් පදිංචි නිවෙස් වලම ස්වයං නිරෝධායනයට ලක්කර ඇතැයි කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා පැවසීය .

Read More

හබරාදුව පොලිස් නිල‍ සෙවණ නිරෝධායන මධ්‍යස්ථානයේ සහ හෝටල් කිහියක මේ වනවිට නිරෝධායනය සඳහා යොමුකර ඇති පිරිස 620ක් බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

Read More

යාපනය පුංකුඩතිව් ප්‍රදේශයෙන් කොරෝණා ආසාධිතයෙකු වාර්ථා වීමත් සමග එම ගම්මානයට ඇතුල් වීම හා පිටවීම සීමා කරවීමට ආරක්ෂක අංශ හා සෞඛ්‍ය නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.

Read More

කටුගස්තොට පොලිස් වසමේ හෑදෙනිය ප්‍රදේශයේ පදිංචි බ්‍රැන්ඩික්ස් ආයතනයේ ඇඟලුම් සේවිකාවකට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට පි.සි.ආර්.පරීක්ෂණවලින් තහවුරු වීමෙන් පසු හෑදෙනිය මැදවල පාරේ පිහිටි එම ඇඟලුම් සේවිකාව පදිංචි නිවසේ නිවැසියන් ඇතුළු ඒ අවට නිවාස 4ක පදිංචිකරුවන් එම නිවාස තුළම නිරෝධායනය කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ .

Read More

යාපනය විශ්ව විද්‍යාලයේ වව්නියාව මණ්ඩපයේ සිසුන් පිරිසක් ගම්පහ ප්‍රදේශයේ සංචාරයක නිරත වීම හේතුවෙන් එහි සිසුන් හා කාර්ය මණ්ඩලයේ 90 ක් පමණ දෙනා නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇත.

Read More

ඉදිරියේදී කොරෝනා වසංගත තත්ත්වයක් ඇති වුවහොත් ඉංගිරිය හා පිඹුර රෝහල් දෙක කොරෝනා වසංගත රෝගීන්ට ප්‍රතිකාර කරන මධ්‍යස්ථාන ලෙස පත් කරන බව කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය .

Read More

ඔක්තෝම්බර් මස 4 වන දින ICBT කොළඹ විශ්ව විද්‍යාලයට ගිය ශිෂ්‍යයෙකු කොවිඩ් ධනාත්මක බව තහවුරු වී ඇත.

Read More

රිකිල්ලගස්කඩ බස්ටියාවත්තේ පදිංචි මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් කමිහලේ සේවකයෙකු කොවිඩි ආසාදිතයෙක් බවට තහවුරු වී තිබේ.

Read More

සමුද්‍රීය පරිසර ආරක්ෂණ පනතේ 26 සහ 38 වගන්ති කඩ කිරීම සම්බන්ධයෙන් MT New Diamond නෞකාවේ කපිතාන්ට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අද අධිචෝදනා ගොනුකරනු ලැබ ඇත.

Read More

මහනුවර දිස්ත්‍රික්කයේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් ලෙවලන් වත්තේ ඇඟළුම් සේවිකාවන් දෙදෙනෙක් පරීක්ෂණයට ලක්කළ බවත් ඒ අතරින් එක් සේවිකවකට කොවිඩ් ආසාදනය වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මහතා අද (08දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

Read More

කල්පිටිය ඉලන්තඩිය ප්‍රදේශයේ ස්වං නිරෝධායනයට ලක්කරමින් සිටි පවුල් 5 ක 21 දෙනෙකු පි.සි.ආර් .පරික්ෂණ සදහා 8 දින දහවල් යොමු කල බව කල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය පවසයි.

Read More

සිසු හෙද පුහුණුව සදහා බඳවා ගැනීමේ සුදුසුකම් පරීක්ෂා කිරීමට අදාල සම්මුඛ පරීක්ෂණය නැවැත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය දන්වා සිටියි.

Read More

නිරෝධායනය අවසන් කළ පුද්ගලයන් 164ක් නිවෙස් වෙත පිටත්ව ගොස් ඇත.

Read More

මත්ද්‍රව්‍ය හා මත්පැන් ජාවාරමට සම්බන්ධ ප්‍රධාන පෙළේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

කැළණිවැලි දුම්රිය මාර්ගය නවීකරණය කිරිමේ වැඩසටහන යටතේ එම දුම්රිය මාර්ගය ද්විත්ව දුම්රිය මාර්ගයක් ලෙස සංවර්ධනය කිරිමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවැසීය.

Read More

නිවසේ සාලයේ සෙල්ලම් කරමින් සිටි වසරක් පමණ වයස දැරියක් නරියෙකු විසින් ඩැහැ ගැනීමට තැත් කිරීමේ දී මව ක්ෂණික ව ක්‍රියාත්මකවී දැරිය ගැනීමත් සමඟම නරියා විසින් දැරියගේ කකුලක් සපා කෑමෙන් ඊයේ (7) සවස හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇත

Read More

කොළඹ කාසල් රෝහලේ ප්‍රතිකාර ලබා නැවතත් නිවසට ගිය මීරිගම ප්‍රදේශයේ ගැබිනි කාන්තාවට කොවිඩ් ආසාදනය වූ ආකාරය පිළිබඳව සොයා බැලීමට පරීක්ෂණ ආරම්භ වී තිබේ.

Read More

පල්ලම, මුන්දලම, ආරච්චිකට්ටුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාස වල පවුල් 14 ක පිරිස් ඊයේ (7දා) සවස සිට නිරෝධායනයට යොමු කළ බව පල්ලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි එම්.ඒ.එස්.කේ. පෙරේරා මහත්මිය පවසයි.

Read More

බත්තරමුල්ල පැලවත්තේ පිහිටා ඇති පාර්ලිමේන්තු කටයුතු සේවා අංශයේ සාමාජිකයෙකුගේ පවුලේ අයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවැසීය.

Read More

ගංජා පිළිබඳව සඳහන් වන පොතක් පාර්ලිමෙන්තුවේ නිලධාරීන් වෙත බෙදා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පැවැසීය.

Read More

කොවිඩ් 19 වෛරසය පාලනය කිරීමට ගෙන ඇති රජයේ වැඩපිළිවෙළ හා නීති රීතිවලට සමගාමීව මගි ප්‍රවාහන බස් රථ වල ගෙන යා හැකි අවම මගීන් සංඛ්‍යාවට වැඩියෙන් මගින් ගෙන යන බස්රථ පරික්ෂා කිරීම සඳහා විශේෂ කඩාපනින ඒකකයක් ස්ථාපිත කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා පවසයි .

Read More

ශ්‍රී ලංකාවේ සිදුකර ඇති පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව ලක්ෂ තුන ඉක්මවා ඇති බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි

Read More

කොරෝනා ආසාදිත මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කම්හලේ සේවිකාවකගේ මව වන පොල්පිතිගම පොලිස් වසමට අයත් රාවාඇළ ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි කාන්තාවකටද එම වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (7) රාත්‍රියේ තහවුරු වූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා පැවසීය.

Read More

ඉන් 202 දෙනෙකු මිනුවන්ගොඩ ඇගලුම් කම්හල ආශ්‍රීත කෝවිඩ් පොකුරෙන්ද ,ඉතිරි පුද්ගලයින් පස්දෙනා විදේශයන්හි සිට මෙරටට පැමිණි පුද්ගලයින් වන අතර ඔවුන් අතරින් රුසියාවේ සිට පැමිණි පුද්ගලයින් තිදෙනෙකු පිටිපන නිරෝධායන මධ්‍යස්ථානයෙන් හා ඉන්දියානු ජාතික සිවිල් නාවිකයින් දෙදෙනෙකු ලෙස වාර්තා වෙයි.

Read More

කොරෝනො රෝගියෙකු බවට පළමුවෙන්ම තහවුරු වූ මිනුවන්ගොඩ බ්‍රැන්ඩෙක්ස් ආයතනයෙහි සේවිකාවට ප්‍රතිකාර කළ ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි වෛද්‍ය කාර්ය මණ්ඩලයේ කිසිවෙකුටවත් රෝගය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබේ.

Read More

ලබන 14 වනදා සිට 21 වනදා දක්වා දිවයින පුරා ඩෙංගු මර්දන සතියක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.