saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 8014 hours ago

LATEST

සිවුරු ආනයනය වෙනුවට දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීමට පියවර

calendar_today 2020 සැප් 17 - 18:00 remove_red_eye - 575  

මෙරට වැඩ වාසය කරන ස්වාමින් වහන්සේලා 40,000කට අධික පිරිසක් වෙනුවෙන් අවශ්‍ය කරන නියමාකර ප්‍රමිතියෙන් යුතු සිවුරු, වසරකට ලක්ෂයකට අධික ප්‍රමාණයක් අවශ්‍ය බවත් ඒ අවශ්‍යතාවෙන් වැඩි ප්‍රමාණයක් සපුරාලන්නේ ආනයනික සිවුරු වලින් බවත් අද (17) කර්මාන්ත අමාත්‍යංශයේ පැවති සාකච්ච්ජාවකදී පැවසිණි.

යාපනය දිස්ත්‍රික්ක කාර්යාලයේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ ප්‍රධානත්වයෙන් සෞභාග්‍යයේ දැක්මේ කෘෂිකාර්මාන්ත පිබිදීම නැමති සාකච්ඡාවක් පවත්වන ලදි. මෙහිදී කෙසෙල්, ලොකු ලූණු, පොඩි ලූණූ, උළුදු හා කජු වැනි භෝග වර්ග වලට ස්වාභාවික ආපදා වලින් හානි සිදු වු විට වන්දි ලබා දීමට රජය තීරනය කර ඇති බවත් මේ පිළිබදව කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීම අමාත්‍ය ඩග්ලස් දේවානන්දා විසින් සිදු කර ඇති බවත් එම ඉල්ලීම පිළිගත් කැබිනට් මණ්ඩලය අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින

Read More

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරුවන් 8 දෙනෙකු (17) දින බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව බගවන්තලව ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍යය නිලධාරි ඒ.එස්.කේ.ජයසුරිය පැවසිය.

Read More

සෑම වසරකම සැප්තැම්බර් මස 17 දින ජාත්‍යන්තර රෝගීන්ගේ සුරක්ෂිතතා දිනය ලෙස සැමරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2019 වසරේ පැවති 72 වන සමුළුවේදී තීරණය කරන ලදී.

Read More

බුස්ස බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටි රැදවියන් 174 දෙනෙකු අද (17) පි.සි.ආර්. පරික්ෂණවලට යොමු කළ බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

Read More

ග්‍රීක ජාතිකයෙකු වන ’නිව් ඩයමන්ඩ්’ හි කපිතාන්වරයාට සැප්තැම්බර් 28 වන දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබේ.

Read More

හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුව ඉදිරි පියවර සලකා බැලිම සඳහා ලබන 29 වනදා කැඳවිමට කොළඹ මහාධිකරණය නියම කළේය.

Read More

යාපනය මුහමාලෙයි ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කිරීම් කටයුතු වල නිරතව සිටින රාජ්‍ය නොවන සංවිධානයකට පොළව හාරන අවස්ථාවකදී යුද හමුදා නිලඇඳුම් කොටස් හා අස්ථියක කොටසක් ඊයේ (16) සවස හමුවී ඇති බවට පලෙයි පොලීසිය පවසයි.

Read More

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 156 වැනි ජන්ම සංවත්සරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සැමරේ.

Read More

බටහිර වෛද්‍ය ක්‍රම පවතින රෝහල් වල දේශීය වෛද්‍ය ක්‍රමයත් සංකලනය කරමින් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යංශය තුළ සාකච්ඡාවක් ඇරඹීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පැවසුවාය.

Read More

අත්තනගල්ල හා වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකටම අයත්ව පිහිටා ඇති ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ’පෙතියකන්ද වත්ත’ නැමති ඉඩමේ අක්කර 194ක භූමි භාගයක එකී කර්මාන්තපුරය, හරිත කර්මාන්තපුරයක් වශයෙන් ස්ථාපිත කිරීම සඳහා කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව අද (17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ පැවසීය.

Read More

මන්නාරම උතුරු මුහුදු ප්‍රදේශයේ සහ වංකාලෙයි මුහුදු ප්‍රදේශයේ නීතිවිරෝධීව ප්‍රවාහනය කරමින් තිබූ කහ කිලෝ 818 ක් සහ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (16) දින අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.

Read More

සෙස් බද්ද යටතට අලුතෙන් ඇතුළත් වන හා ඉන් ඉවත් කරන භාණ්ඩ ඇතුළත් ගැසට් නිවේදන හතරක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

ඉන්දියාවේදී විෂ ශරීර ගත කර ඝාතනය කළ බව කී ශ්‍රී ලංකාවේ ප්‍රභල සංවිධානාත්මක අපරාධකරුවෙක් වූ මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා නොහොත් අංගොඩ ලොක්කාගේ මරණයට හේතුව හෘදයාබාධයක් බවට හෙළිව තිබේ.

Read More

කොළඹ ප්‍රදේශයේ පදිංචි බාලවයස්කාර පිරිමි දරුවෙකු (අවු.10) 2013 වසරේදී බරපතල ලිංගික අපයෝජනයට ලක්කෙකොට ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබුණු පැමිණිල්ලකට අනුව, අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය මගින් සිදු කළ විමර්ශනයකින් පසු, කොළඹ ප්‍රදේශයේ පදිංචි සැකකරු (අවු.41) අත්අඩංගුවට ගෙන විමර්ශනය කිරීමෙන් , නීතිපතිතුමා විසින් සැකකරුට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩුවක් ඉදිරිපත් කොට, මහාධිකරණය විසින් නඩුව විභාග කොට 2020 වසරේ අගෝස්තු මාසයේදී සැකකරු වරදකරු කොට ඇත.

Read More

කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ 6 වැනි සංවත්සරය යෙදෙන අද (17දා) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහි නිරීක්ෂණ චාරිකාවට එක් විය.

Read More

ඉන්දියාවට අයත් ශ්‍රී ලංකාවේ පිහිටි යකඩ හා වානේ කර්මාන්තශාලාවල සේවය කිරීම සදහා මෙරටට පැමිණ සිටි ඉන්දීය ජාතිකයන් 154 දෙනෙකු ඉන්දීය ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයක් මගින් කටුනායක ගුවන් තොටුපළේ සිට ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත අද දින දහවල් රැගෙන ගොස් තිබේ .

Read More

මෙරට ප්‍රමුඛ පෙලේ හඳුන්කූරු නිෂ්පාදන සමාගමක් වන ‘තායි සුමේධා ආයතනය’ තම විදෙස් වෙළඳපොළ තව දුරටත් පුළුල් කරමින් කැනඩාවට ද හඳුන්කූරු අපනයනය ඊයේ (16දා) ආරම්භ කළේය.

Read More

කොළඹ කොටස් හුවමාරුව සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් විනිමය කොමිෂන් සභාව එක්ව හඳුන්වා දෙන ලද ඩිජිටල්කරණය වූ කොළඹ කොටස් වෙළඳපොළ ජනගත කිරීමේ උත්සවය අද(17දා) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටස් හුවමාරු පරිශ්‍රයේදී පැවැත් විණි.

Read More

කොරෝනා ආසාදනය වි සුවය ලබා තවත් 22 දෙනෙකු ‌පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබු සමස්ත සංඛ්‍යාව 3043 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

සාක්ෂි වසන් කිරිමේ චෝදනාවට අදාලව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින හිටපු CID අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු තිදෙනා ඔක්තෝම්බර් 2වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ.

Read More

මඩකලපුව වන්නියර් පාරේ ඇති නිවසේ ළිඳක දින 40ක ළදරුවකගේ සිරුරක් සොයාගත් බව මඩකලපුව මුලස්ථාන පොලිසිය පවසයි.

Read More

යම් හෙයිකින් ඡන්දයට පෙර විසිවැනි සංශෝධනයේ යෝජිත කරුණු ජනතාවට දැක ගැනීමට අවස්ථාව තිබුණේ නම් ලක්ෂ 69ක් ඡන්දය ප්‍රකාශ නොකරනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

Read More

රාගල පොලිස් වසමේ රාගල වලපනේ ප්‍රධාන මාර්ගයේ කිලෝමිටර් 70 කණුව අසලදි මාර්ගය හරහා ගමන් කල දැරියක් රාගල දෙස සිට වලපනේ දෙසට ධාවනය වු ලොරි රථයක ගැටි අනතුරක් සිදුව තිබේ.

Read More

ශ්‍රී ලංකාව තුළ සීඝ්‍රයෙන් ඉහළ යන විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා ඉදිකිරීමට යෝජිත කෙරවලපිටිය LNG බලාගාරය සඳහා අයෝජකයන්ගෙන් ලන්සු කැඳවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ වැටලිමකට ගිය පොලිස් නිලධාරීන්ට ප්‍රහාරයක් එල්ල කිරිම ගැන පොලිසියට අවශ්‍යව සිටි සැකකරුවන් සිවුදෙනෙකු සහ සැකකාරියක් කල්තොට ප්‍රදේශයේ කැලෑවක සැගව සිටියදි කල්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

2021වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත ඔක්තෝම්බර් මස දෙවන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත.

Read More

මෙරට පාසල් සහ විශ්වවිද්‍යාල ආයතන තුළින් ලබාදෙන අධ්‍යාපනයත්, නූතන රැකියා අවස්ථාවනුත් අතර පවත්නා පරස්පරය ඉවත් කළ යුතු බවත්, එසේ නොවනතාක් සිදුවන්නේ පවත්නා ක්‍රමයට එරෙහිවන මුළුමහත් සමාජය සමඟ කනස්සල්ලෙන් පසුවන රැකියා විරහිත තරුණ පරපුරක් බිහිවීම බවත් අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කළේය.

Read More

පුද්ගලයෙකු සේවය සඳහා යෙදවීමේ වයස අවුරුදු 16ක් දක්වා ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

Read More

ඉදිරියේ දී මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සදහා පිටව යන ශ්‍රී ලාංකිකයන්ට වට්ටම් ලබා දීමට රජය සුදානම් වෙයි. මේ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග සාකච්ඡා කරමින් සිටින බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.