saravita-anim2

2026 අප්‍රේල් මස 12 වන ඉරිදා

2026 අප්‍රේල් මස 12 වන ඉරිදා

Latest News - timelapse 8565 hours ago

LATEST

බදුල්ලේ බස් රථ අනතුරකින් 16 දෙනෙකු රෝහල්ගත කෙරේ

calendar_today 2020 නොවැ 26 - 19:08 remove_red_eye - 899  

බදුල්ල සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයක් අද (25) සවස 4.00 ට පමණ දුන්හිද පහළ වංගුවේ මත්පැන්සැලක් ඉදිරියේදී වේල්ලක ගැටි සිදුවු අනතුරකින් එහි ගමන් ගත් මගීන් 16 දෙනෙකු තුවාල ලබා බදුල්ල මහරෝහලට ඇතුලත් කර ඇත.

කොවිඩ් 19 වසංගතය පාලනය පිණිස රෝගාශ්‍රිතයන් සඳහා ක්‍රියාත්මක නිවෙස්ගත නිරෝධායනය නිසි ලෙස සිදුවන බව සහතික කරනු වස් නිරීක්ෂණ යාන්ත්‍රණයක් සැලසුම් කර තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 342ක් අද දිනයේ මේ වනවිට හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

නොවැම්බර් මස 20 වැනිදා සිදු කළ අමාත්‍යාංශ විෂයය සංශෝධනය ප්‍රකාර ආරක්ෂක සහ තාක්ෂණ අමාත්‍යාංශ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතට ගැනේ

Read More

බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් අද 26 වනවිට කොරෝනා ආසාදිත රෝගීන් 242 දෙනකු වාර්තා වී ඇතැයි බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.

Read More

ඉන්දියානු වෙරළාරක්ෂක බලකාය විසින් දින 9ක් තුළ සිදුකළ මෙහෙයුමකින් පසු ඉන්දියාවේ තූත්තුකුඩි සිට දකුණට වන්නට පිහිටි ගැඹුරු මුහුදේදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 100කට අධික මත්කුඩු හා වෙනත් මත්ද්‍රව්‍ය සමග යාත්‍රාවක සිටි ශ්‍රී ලාංකිකයන් 6ක් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Read More

සාමාන්‍ය පෙළ විභාගය ලබන මස 18 වනදා සැලසුම් කළ පරිදි ආරම්භ කරනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් ඉදිරි දින 10 තුළ තීරණයක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කළේය.

Read More

නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ සිදු කළ අහඹු PCR පරීක්ෂණ වලින් 21 දෙනෙකුට කෝවිඩ්- 19 වෛරසය වැළදී ඇති බවට තහවුරු වීමත් සමග කල්මුණේ අධ්‍යාපන කලාපයේ සියළු පාසල් හෙට සිට සතියක් වසා දැමීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පෙර තීරණය කළාය.

Read More

වනජිවි නිලධාරින්ට තර්ජනය කරමින් පොලෙන්නරුව ජල ගැලුම් නිම්න රක්ෂිතයේ මාර්ගයක් ඉදි කිරිමට සහ ගෘහස්ථ ගවයන් රක්ෂිතය තුළට ඇතුල් කිරීමට ඉඩ ලබාදෙන ලෙසට වනජිවී නිලධාරින්ට බලපැම් කර තර්ජනය කිරිමට විරෝධය දක්වමින් හෙට (27දා) දින දිවයින පුරා වනජිවි නිලධාරින් සංඛේත වැඩ වර්ජනයක නිරත වන බව සමස්ත ලංකා ඒකාබද්ධ වනජිවි නිලධාරින්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා අවධාරණය කරයි.

Read More

මේ කොරෝනා වසංගතය අටලුගමට පමණක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි මේක මුළු රටටම වසංගතයක් වෙලා. මේ තත්ත්වය දිගින් දිගටම මේ ආකාරයෙන් පැවතිය මේ වසංගතය අටුලුගම ට විතරක් නොවේ රටටම වසංගතයක් වෙන්න පුළුවන්

Read More

ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමගින් එක්වීම පිළිබඳ තමන් ඉතා උනන්දුවෙන් පසුවන බව කොදෙව් ප්‍රහාරාත්මක පිතිකරු ජොන්සන් චාල්ස් පවසයි. සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් සිය කණ්ඩායමට එල්.පී.එල්. ශූරතාව දිනාගැනීමට සුභ පැතීමටද ඔහු අමතක කර නැත.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 369 දෙනෙකු අද දිනයේ මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

හලාවත වෙරළ තිරය ආශ්‍රීත ග්‍රාම නිලධාරි වසම් හතරක් හුදකලා ප්‍රදේශ බවට පත් කිරිමට කටයුතු කල බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය පැවසිය .

Read More

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සියලු මෙහෙයුම් පර්යන්ත හා සහෝදර පර්යන්තයන්ගේ සියලු මෙහෙයුම් කටයුතු යථා තත්ත්වයට පත්ව තිබේ. කොවිඩ්-19 අධි වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ වරායේ පර්යන්ත වල ගෙවී ගිය සතියක දී යම් බලපෑමක් සිදු වි ය.

Read More

මුතුරාජවෙල තෙත්බිම් ගොඩකිරීම්වලට එරෙහිව පියවර නොගත් පරිසර නිලධාරින් සියලු දෙනාට දඩුවම් හා ස්ථාන මාරුවීම් ලබාදෙන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

(සුරා මත) ලබන මාසයේ අග වන විට කෝවිඩි සඳහා වැක්සීන් තුනක් පමණ ලෝක වෙළඳ පොළට නිකුත්වීමට නියමිතයි. වැක්සීන එකක් වෙනුවට තුනක්ම දොරට තට්ටු කරමින් හිටියත් අපි තවමහොඳටම නිදි. සියලුම ලාංකිකයන් පාහේ ඒ ගැන දරන්නේ මහ ඇල් මැරුණු ප්‍රතිචාරයක්.

Read More

නව කැබිනට් අමාත්‍යවරයෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

Read More

උතුරු ප්‍රදේශයේ මුලතිව්, කිලිනොච්චි හා යාපනය දිස්ත්‍රික්කවල මේ සතිය පුරා පැවැත්වීමට සංවිධාන කර තිබූ “මහාවීර්” උත්සවය තහනම් කරමින් මුලතිව් හා යාපනය මහේස්ත්‍රාත් අධිකරණ මගින් නියෝග නිකුත් කර තිබේ.

Read More

හඳුනාගත් ආසාදිතයින් අතරින් කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 262 ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 90 ක් සහ කලුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 46 ක් ලෙස වාර්තා වේ.

Read More

කොල්ලුපිටිය පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත මහතා අද දින හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

මහනුවර මධ්‍යම වෙළඳපොළේ එළවළු වෙළෙඳ අංශයේ වෙළඳාමේ යෙදුණු වෙළඳුන් අටදෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ මධ්‍යම වෙළඳපොළ අද (26) සම්පූර්ණයෙන් වසා දැමීමට බලධාරීන් පියවර ගත් අතර එම වෙළෙඳපොළ විෂබීජහරණය කිරීමටද පියවර ගත්තේය .

Read More

නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 72 දෙනෙකු ඊයේ (25) දිනය තුළ අත්අඩංගුවට ගෙන ඇ​ත.

Read More

ඊයේ දිනයේදී හුදෙකලා කළ ග්‍රාම නිලධාරී වසම්වල පුද්ගලයින් පී.සී.ආර්. පරික්ෂණ මග හරින බවට තොරතුරු වාර්තා වන බවත් ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

වර්ෂයකට ශ්‍රී ලංකාව තුළ රිය අනතුරු නිසා 3000ක් පමණ මිය යන බවත් තවත් 20000ක් බව තුවාල ලබන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසීය.

Read More

කොරෝනා වෛරසය ආසාදනය වු අම්බලන්ගොඩ තිලකපුර ප්‍රදේශයේ පදිංචි මවුපිය යුවලගේ දරු දෙදෙනා ඇතුළු පවුලේ 06 දෙනෙකු පි.සි.ආර් පරික්ෂණයට ලක්කළ බවත් ඉන් කිසිදු අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි නොමැති බවට තහවුරුවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

Read More

රැකියා සදහා ගොස් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මැදපෙරදිග රටවල් තුනක රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 116 දෙනෙකු ශ්‍රී ලංකා රජයේ විශේෂ අවසරය මත අද දින අලුයම එම රටවල සිට පැමිණි ගුවන් යානා තුනකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2020 නොවැම්බර් 25 වැනි දින පැවති රැස්වීමේදී මහ බැංකුවේ ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය මෙසේ අඛණ්ඩව පවත්වාගෙන යෑමට තීරණය කර ඇත.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටියේ ’’පසුගිය සති කිහිපය තුළ රටවල් ගණනාවක් දැඩි මහජන සෞඛ්‍ය හා සමාජ ක්‍රියාමාර්ග නැවත හඳුන්වාදීම සම්ප්‍රේෂණය මන්දගාමී වීමට හේතු වෙමින් ඇති’’ බවය.

Read More

එන්නත අනුමත කිරීමේ අපේක්ෂාවෙන් දෙසැම්බර් මැද භාගය වනවිට ප්‍රතිශක්තිකරණ මධ්‍යස්ථාන පිහිටුවන ලෙස රටේ ප්‍රාදේශීය ප්‍රාන්ත 16න්ම ඉල්ලා සිටි බව ජර්මානු සෞඛ්‍ය අමාත්‍ය ජෙන්ස් ස්පාන් පවසයි.

Read More

එන්නත බෙදාහැරීම ආරම්භ වූ විට තමාද එන්නත ලබාගන්නා බවත්, ඒ වනවිට එය සම්පූර්ණයෙන්ම ආරක්ෂිත බව තහවුරු වීම ඊට හේතුව බවත් ඉතාලි අගමැති කොන්ටේ පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.