saravita-anim2

2025 ඔක්තෝබර් මස 07 වන අඟහරුවාදා

2025 ඔක්තෝබර් මස 07 වන අඟහරුවාදා

Latest News - timelapse 8007 hours ago

LATEST

මුහුදු කූඩැල්ලන් කිලෝ 4540 ක පමණ ප්‍රමාණයක් අත්අඩංගුවට

calendar_today 2020 සැප් 28 - 21:15 remove_red_eye - 245  

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් මාතර කුඩාවැල්ල ධීවර වරායේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 4540ක පමණ ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.

ලංකා සභාවේ කොළඹ රදගුරු ලෙස දුෂන්ත රොද්‍රිගෝ පියතුමා පත්කර ඇත.

Read More

ශ්‍රි ලංකාවේ චීන සංගමය සංවිධානය කළ චීන මහජන සමූහාණ්ඩුවේ 71 වැනි ජාතික දින සැමරුම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද 2020.09.28 දින පස්වරුවේ පැවැත්විණි.

Read More

දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ නායක විනායගමූර්ති මුරලිදරන් හෙවත් ” කරුණා අම්මාන් ’’අම්පාරේ පැවති රැස්විමකදි හමුදා සෙබළුන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් මාධ්‍යයට කර ඇති ප‍්‍රකාශය හේතුවෙන් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි කියමින් ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිස්පතිවරයාට නියෝග කරන්නැයි ඉල්ලා කඩුවෙල මහනගර සභාවේ නාගරික මන්ත‍්‍රීවරයෙකු උපකාරක පන්ති ගුරුවරයෙකු ගොනු කර මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන වසරේ පෙබරවාරී 09 කැදවීමට අද (28) ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

Read More

උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට පොල් අළෙවි කළ වෙළෙඳුන් 56 දෙනෙකුට අද දිනයේ නඩු පවරා ඇත.

Read More

බේරුවල ප්‍රාදේශීය සභාවේ විදුලි සේවකයෙකු වන අජිත් දයාවංශ (53) නැමැත්තාට එම ප්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයකු අද (28) පෙරවරුවේ පහර දී ඇතැයි අලුත්ගම පොලිසියට පැමිණිලි කර අලුත්ගම රෝහලට ඇතුලත්ව තිබේ.

Read More

ඒ දෙරට අතර නිරෝධායන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුකාරී තත්ත්වය අනුවය.

Read More

ලබන වසරේ සිට පාසල් හා ආරක්ෂක හමුදා නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි සැපයීමේ වගකීමෙන් වැඩි ප්‍රතිශතය දේශීය නිෂ්පාදකයන්ට පැවරීමට ඇති හැකියාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ විමසුමට ලක් වෙයි.

Read More

20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ධාධිකරණය හමුවේ අදත් පෙත්සම් 21ක් ගොනු කර තිබේ.

Read More

කොළඹ කොටුව සිට බදුල්ල බලා පෙරවරු 6.45ට ධාවනය වූ අංක 1001 (දෙනුවර මැණිකේ) දරණ දුම්රිය ඔක්තෝබර් 08 දා සිටද බදුල්ල සිට කොළඹ කොටුව දක්වා පෙ.ව. 8.00ට ධාවනය වූ අංක 1002 දරණ දුම්රිය ඔක්තෝබර් 09 දා සිට එම වෙලාවටම දිනපතා ධාවනය වෙයි.

Read More

හිටපු එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිව සේනසිංහ මහතා දේශපාලනයෙන් ඉවත් විමට තිරණය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

අධිකරණය නිකුත් කළ නොතීසියක් අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටි ශ්‍රී ලංකාව අවට මුහුදු තීරයේ ගිනි ගැනිමට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ ග්‍රීක ජාතක කපිතාන්වරයාට රටින් පිටවීම තහනම් කරමින් අධිකරණය නියෝගයක් නිකුත් කළේය.

Read More

කොළඹ කොටස් වෙළඳ පොළ තුළ පවතින ධනාත්මක වර්ධනය අනුව මේ වසරේ ජනවාරි මාසයෙන් පසුව ප්‍රථම වරට අද දිනයේදී කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 6000 ඉක්වමීය.

Read More

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකට එරෙහිව පවරා ඇති තවත් නඩුවක් නොවැම්බර් මස 27 දා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය.

Read More

ඊයේ උදෑසන 6.00 සිට අද අලුයම 5.00 දක්වා බස්නාහිර පළාතේ ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 488 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ත්‍රිකුණාමල වරායේ මේ වන විට නැංගුරම්ලා තිබෙන බොරතෙල් නැවේ කාර්ය මණ්ඩලයේ 17 දෙනෙකුට කොවිඩ් -19 ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු එම වෛරසය ඔවුන්ගෙන් සමාජගත වීම වැළැක්වීමට අවශ්‍ය සියලු පියවර ගෙන තිබෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

Read More

’’අප රටේ විදේශ විනිමය රැකගෙන රටේ ගමනාගමනය දියුණු කිරීම අපගේ නව රජයේ අපේක්ෂාවයි. ඒ අනුව තමයි අද දින ධාවනයෙන් ඉවත් කර තිබූ බස් රථ දහයක් අලුත් වැඩියා කර ධාවනය සදහා ලංකා ගමනාගමන මණ්ඩලය ට බාර දෙන්නේ.’’ මෙලෙස අදහස් දක්වමින් ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ කතා කළේ ජා-ඇල ඒකල සී/ස ලක්දිව ඉංජිනේරු සමාගමේ නිරීක්ෂණ සංචාරයකට 28 දා එක්වෙමිනි.

Read More

මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් දෙදෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්ය් අමාත්යාංපශය පවසයි.

Read More

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බිම්ෂානි ජාසිංහ පිළිබඳව නිවේදනයක් ජාතික පොලිස් කොමිසම මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

විහාරස්ථාන කිහිපයකට පමණක් රජයේ මුල්‍යාධාර සීමාවීම වැළැක්වීම සඳහා රට පුරා සියලු දුෂ්කර සහ නොදියුණු පන්සල්වලටද ඉදිරියේදී මුල්‍යාධාර ලැබෙන පරිදි රජයේ ප්‍රතිපාදන වෙන්කළ යුතුව ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

වර්තමානය වන විට පවතින්නේ ෂෝ පමණක් පවතින ආණ්ඩුවක් බවත් 20 වන සංශෝධනයෙන් ජනාධිපතිවරයාට නැවත මුක්තිය ලබා දුනහොත් ඔහු කරන ඕනෑම වැ‍රැද්දකට අධිකරණයට හෝ කොමිසමකට හෝ පොලිසියකට හෝ කැදවීමට නොහැකි ප්‍රජාතන්ත්‍රවාදය හකුළුවන ව්‍යවස්ථා සංශෝධනයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්.මරික්කාර් මහතා පවසයි.

Read More

බස්නාහිර ,සබරගමුව,මධ්‍යම සහ වයඹ පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ප්‍රවීන රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා අභවප්‍රාප්ත වී ඇත.

Read More

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 13ක ප්‍රදානයක් ලබාදීමට ඉන්දියාව එකඟ වූයේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට එකඟ වූ නිසා බවට ඇතැම් මාධ්‍ය පළ කළ වාර්තා අසත්‍ය බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.

Read More

ඉවතලන අපද්‍රව්‍ය සඳහා වාණිජමය අගයක් ලබාදෙමින්, අපද්‍රව්‍ය යොදාගනිමින් විදුලිය නිපදවිම තුළින් ශ්‍රී ලංකාවේ විදුලිබල පද්ධතියට සුවිශාල දායකත්වයක් ලබාදිය හැකි බැවින් ඒ වෙනුවෙන් තම රටේ සහාය ලබාදිය හැකි බවත්, ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනි එච්.ඊ. රීටා මැනෙල්ලා මහත්මිය අවධාරණය කරයි.

Read More

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වන කිලෝ මීටර් 37 ක දුරින් යුත් පළමු අදියරෙහි ඉදිකිරීම් කටයුතු මේ වනවිට ආරම්භ කොට ඇති බව එම ව්‍යාපෘති අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කරයි.

Read More

ඉතාලිය නැවත වරක් අගුලු දැමිම වලක්වාලීමට කොවිඩ් 19 රාජ්‍ය හදිසි තත්ත්වය ලබන දෙසැම්බර් 31 දක්වා දිර්ඝ කිරිම සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බව ඉතාලි අගමැතිවරයා ඊයේ (27) මාධ්‍ය හමුවකදි පවසා තිබේ.

Read More

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරයට වගකිව යුතු බවට පාස්කු ප්‍රහාරය පිළිබදව සොයා බලන කොමිසම හමුවේ තහවුරු වුවහොත් ඔහුට අනිවාර්යෙන්ම දඩුවම් දිය යුතු බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධතා පැවැත්වු චෝදනාවට අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් 13 දෙනා ඔක්තෝම්බර් 12වන දින දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු තීරයේ ගිනි ගැනීමට ලක්වූ “MT නිව් ඩයමන්ඩ්“ බොරතෙල් ප්‍රවාහන නෞකාවේ කපිතාන් ලෙස කටයුතු කරන ග්‍රීක ජාතික තිරෝස් හිලියාස් මහතා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්ව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.