saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 8485 hours ago

LATEST

සියලු ප්‍රභූ ආරක්ෂකයින්ට PCR පරික්ෂණ

calendar_today 2020 දෙසැ 05 - 18:48 remove_red_eye - 229  

පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ ප‍්‍රභූ ආරක්ෂකයින් සම්බන්ධයෙන් පී සී ආර් පරීක්ෂණ සිදු කිරීම සඳහා කටයුතු කරන බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර පාර්ලිමේන්තුවේදී අද ප‍්‍රකාශ කළේය.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 652ක් අද (05) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

Read More

ගාල්ල නාගරික බල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත රෝගින් 06 දෙනෙකු අද (05) දින වාර්තාවිමත් නාගරික බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් පහක් සදහා සිමා සහිත සංචරණ සිමා පැනවිමට නිර්දේශකොට ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝ/ග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි

Read More

රාජ්‍ය අංශයේ හා දේශීය නිෂ්පාදකයන්ගේ ගුණාත්මකභාවයෙන් ඉහළ භාණ්ඩ ඍජුවම පාරිභෝගිකයා වෙත නිකුත් කරමින් තරුණ ව්‍යවසායකයින් සඳහා වෙළෙඳපොල අවස්ථා නිර්මාණය කෙරෙන Q-shop සංකල්පය රට පුරා ව්‍යාප්ත කරමින් තරුණ ව්‍යවසායකයින් අතරට වඩාත් ක්‍රමවත්ව ගෙන යාමේ වැඩපිළිවෙල පිළිබද සාකච්ඡාවක් අද (05) දින තරුණ හා ක්‍රීඩා අමත්‍ය නාමල් රාජපක්ෂ හා වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඇතුළු එම අමාත්‍යාංශවල නිළධාරීන්ගේද සහභාගීත්වයෙන් වෙළද අමාත්‍යාංශයේදී පැවැත්වුණි.

Read More

ගාල්ල දිස්ත්‍රික්කය තුල අද (05) දින කොරෝනා රෝගින් 20 දෙනෙකු වාර්තා වි ඇති අතර එය එක් දිනක් තුල වාර්තා වු වැඩිම කොරෝනා රෝගින් සංඛ්‍යාව බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

Read More

ඓතිහාසික අනුරාධපුර නගරයට ගොස් සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (05) පෙරවරුවේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්හි නිරත විය.

Read More

සංචරණ සිමා පනවා ඇති හැටන් නොටන්බ්‍රිජ් දඩුකැලේ වත්තෙන් අද දින කොවිඩ් 19 වෛරසය ආසාදනය වු ආසාදිතයන් 16 දෙනෙකු පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වු බව අඹගමුව කොවිඩ් 19 ප්‍රාදේශිය සම්බන්ධිකරණ විශේෂ ඒකකයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසිය.

Read More

කළුතර දිස්ත්‍රික්කයට අයත් කෙලින්කන්ද ග්‍රාමයට ඊයේ (04) 4G ආවරණය සහිත සන්නිවේදන පහසුකම් ලැබිණ. විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කෙලින්කන්ද විදුහල් භූමියේදී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබීය.

Read More

එක්සත් ජාතික පක්ෂයේ වැඩබලන මහලේකම්වරයා ලෙස සිරිකොත පක්ෂ මූලස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරී, වයඹ පළාත් හිටපු විපක්ෂ නායක ශමල් සෙනරත් මහතා පත්කර තිබේ.

Read More

COVID-19 වසංගතයේ දරුණු දිගු කාලීන බලපෑම් නිසා තවත් මිලියන 207 ක ජනතාවක් දරිද්‍රතාවයට පත්විය හැකි බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සඳහන් කරයි.

Read More

මස්කෙලිය නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ නල්ලතන්නිය මොහිණි ඇල්ල අසල අද (05) දින උදැසන 9ට පමණ ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටුණු බව නල්ලතන්නිය පොලිසිය පැවසිය.

Read More

2020 වර්ෂයේ පවත්වන ලද 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව දිස්ත්‍රික් කඩඉම් ලකුණු ඉක්මවමින් සුදුසුකම් ලැබූ සිසුන්ට 2021 වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වීම සඳහා නව පාසල් ලබාදීමට අදාළ ව අයදුම්පත් කැඳවනු ලැබේ.

Read More

(ශ්‍රී ලංකාවේ කොවිඩ් තත්ත්වය ගැන සියලුම තොරතුරු) ශ්‍රී ලංකාව තුළ ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයන් 521ක් හඳුනාගත් බවත් එයින් පුද්ගලයන් 517ක්ම දේශීය වශයෙන් සම්ප්‍රේෂණය වීම් බවත් කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මැදපෙරදිග රටවල සහ ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 269 දෙනෙකු ශ්‍රී ලංකා රජයේ විශේෂ අවසරය මත 12/05 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

Read More

තුර්කියද සායනික අත්හදා බැලීම්වල අවසන් අදියරේ පවතින චීන කොවිඩ්-19 එන්නත හෙවත්, කොරෝනාවැක් භාවිත කිරීම ආරම්භ කිරීමේ සැලසුමක් එරට සෞඛ්‍ය ඇමති ප්‍රකාශ කළ අතර, එන්නත් මාත්‍රාවන්ගේ පළමු නැව්ගත කිරීම දෙසැම්බර් 11දායින් පසු තුර්කියට ලැබෙන බව කියයි.

Read More

බෙල්ජියමේ පිහිටි එම සමාගමේ කර්මාන්ත ශාලාවේ සිට ප්‍රංශය සහ එංගලන්තය අතර ඉංග්‍රීසි ඕඩය හරහා වූ උමං මාර්ගයෙන් ට්‍රක් රථවල මෙම එන්නත් මාත්‍රා ප්‍රවාහනය කරමින් පවතින බව සඳහන් වෙයි.

Read More

බුස්ස නිපුන නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි නාවික සෙබලුන් 05 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

Read More

ඇසෙන්ඩර් යානය යළි තම මවු යානය සමග සම්බන්ධ වීම සඳහා සඳ පෘෂ්ඨයෙන් පිටත්වීමට පෙර මෙසේ ධජය එසවීම සිදුකර ඇති අතර, චීනය අව්‍යාජ රෙදිපිළිවලින් සාදන ලද ජාතික ධජයක් සඳ මත ප්‍රදර්ශනය කළ පළමු වැනි අවස්ථාව මෙයයි.

Read More

’’බොහෝ රටවල් කොවිඩ්-19 සඳහා නොමිලේ පරීක්ෂණ සහ ප්‍රතිකාර ලබාදී තිබෙනවා. නොමිලේ එන්නත් ලබා දෙන බවට පොරොන්දු වී තිබෙනවා. රෝගීන්ට මුදල් ගෙවීමට ඇති හැකියාව ඔවුන්ගේ අසනීප හා සෞඛ්‍යය හෝ ජීවිතය හා මරණය අතර වෙනස නොවිය යුතු බව ඒ රටවල් හඳුනාගෙන තිබෙනවා.’’ WHO ප්‍රධානියා කියයි.

Read More

චීන විදේශ අමාත්‍යංශයට අනුව, දැනට තුන්වැනි අදියරෙහි සායනික අත්හදා බැලීම්වලට භාජනය වන එන්නත් පහක් රට තුළ පවතී.

Read More

දෙවැනි එළිසබෙත් රැජින සුසෑන් සමග කොතරම් බැඳී සිටියාද කියනවා නම්, 1947 දී පිලිප් කුමරු සමග මධුසමය ගත කිරීමටද සුනඛ සුරතලාවද රැගෙන ගියාය.

Read More

අග්‍රාමාත්‍ය චුන්ග් සයි-කියුන් පැවසුවේ පසුගිය මාසයේ අග භාගයේ දී සමාජ-දුරස්ථ නීති රීති යළි පනවා තිබියදීත් ආසාදන අඛණ්ඩව භයානක ලෙස ඉහළ යාම නිසා තත්ත්වය තීරණාත්මක බවය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 65,750,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.

Read More

ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ කළම්බු කිංග්ස් කණ්ඩායම කණ්ඩායම අතර තරඟයේ ජය කළම්බු කිංග්ස් කණ්ඩායම​ට හිමි විය.

Read More

තවත් කොවිඩ් මරණ​යක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා තහවුරු කරයි.

Read More

ඉන්දියානු සාගර කලාපය වෙත පියාසර කරන ලොව ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවය අඛණ්ඩව 5 වන වරටත් ලෝක සංචාරක සම්මාන උළෙලේදී පිදුම් ලබා තිබේ .

Read More

සමාජිකයින් 07 දෙනෙකුගෙන් සමන්විත ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව අද (04) ප්‍රකාශයට පත් කර ඇ​ත.

Read More

මහනුවර නගරයේ සියලු පාසල් තවත් සතියක කාලයක් වසාතැබිමට තීරණය කර තිබේ.

Read More

අද (04) දිනයේදී කොවිඩ් ආසාදිතයින් 252ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ මහජන ආලින්දය 2020.12.05 දින උදෑසන 9.00 ට නැවත අමුත්තන් සදහා විවෘත කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබේ .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.