කටුනායකට පැමිණෙන ගුවන් මගීන්ගේ අඩුවක්
මේ දින වල යුරෝපය පුරා සීඝ්රයෙන් පැතිර යන නවතම කොරෝනා වෛරස ප්‍රභේදය නිසා, එම ප්‍රදේශ වල ගුවන් ගමන් බොහොමයක් අත්හිටුවා ඇති අතර , එනිසා යුරෝපයේ සිට මැදපෙරදිග සහ ආසියාව වෙත ගුවන් මගීන්ට පැමිණීමට නොහැකි වී ඇති බැවින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන්ගේ සංඛ්‍යාව බෙහෙවින් අඩු මට්ටමකට වැටී ඇති බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත 12/24 දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාළය තුළ ගුවන් යානා 05 කින් ශ්‍රී ලාංකික ගුවන් මගීන් 99 දෙනෙකු පමණක් පැමිණ තිබූ අතර , තවත් ශ්‍රී ලාංකික ගුවන් මගීන් 470 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළෙන් ගුවන් යානා 09 කින් පිටත්ව ගොස් තිබේ. ගුවන් තොටුපළ වෙත පැමිණි පිරිස පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කිරීමෙන් පසුව නීරෝධායනය සදහා යොමු කර තිබේ.
ගුවන් යානා 06 කින් කිලෝ ග්රැම් 178,748 ක් බර ගුවන් භාණ්ඩ ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ආනයනය කර තිබූ අතර කිලෝ ග්රැම් 193,093 ක් බර ගුවන් භාණ්ඩ තොගයක් විදේශ රටවල් වෙත අපනයනය කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

