හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් කොවිඩ් වසංගත ආසාදිත රෝගීන් දෙදෙනා සමඟ සමීප සබඳතා පැවැත්වූ පවුල් 66ක සාමාජිකයන් 169 ඔවුන් පදිංචි නිවෙස් වලම ස්වයං නිරෝධායනයට ලක්කර ඇතැයි කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා පැවසීය .
හබරාදුව පොලිස් නිල සෙවණ නිරෝධායන මධ්‍යස්ථානයේ සහ හෝටල් කිහියක මේ වනවිට නිරෝධායනය සඳහා යොමුකර ඇති පිරිස 620ක් බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
Read Moreයාපනය පුංකුඩතිව් ප්‍රදේශයෙන් කොරෝණා ආසාධිතයෙකු වාර්ථා වීමත් සමග එම ගම්මානයට ඇතුල් වීම හා පිටවීම සීමා කරවීමට ආරක්ෂක අංශ හා සෞඛ්‍ය නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.
Read Moreකටුගස්තොට පොලිස් වසමේ හෑදෙනිය ප්‍රදේශයේ පදිංචි බ්‍රැන්ඩික්ස් ආයතනයේ ඇඟලුම් සේවිකාවකට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට පි.සි.ආර්.පරීක්ෂණවලින් තහවුරු වීමෙන් පසු හෑදෙනිය මැදවල පාරේ පිහිටි එම ඇඟලුම් සේවිකාව පදිංචි නිවසේ නිවැසියන් ඇතුළු ඒ අවට නිවාස 4ක පදිංචිකරුවන් එම නිවාස තුළම නිරෝධායනය කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ .
Read Moreයාපනය විශ්ව විද්‍යාලයේ වව්නියාව මණ්ඩපයේ සිසුන් පිරිසක් ගම්පහ ප්‍රදේශයේ සංචාරයක නිරත වීම හේතුවෙන් එහි සිසුන් හා කාර්ය මණ්ඩලයේ 90 ක් පමණ දෙනා නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇත.
Read Moreඉදිරියේදී කොරෝනා වසංගත තත්ත්වයක් ඇති වුවහොත් ඉංගිරිය හා පිඹුර රෝහල් දෙක කොරෝනා වසංගත රෝගීන්ට ප්‍රතිකාර කරන මධ්‍යස්ථාන ලෙස පත් කරන බව කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය .
Read Moreඔක්තෝම්බර් මස 4 වන දින ICBT කොළඹ විශ්ව විද්‍යාලයට ගිය ශිෂ්‍යයෙකු කොවිඩ් ධනාත්මක බව තහවුරු වී ඇත.
Read Moreරිකිල්ලගස්කඩ බස්ටියාවත්තේ පදිංචි මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් කමිහලේ සේවකයෙකු කොවිඩි ආසාදිතයෙක් බවට තහවුරු වී තිබේ.
Read Moreසමුද්‍රීය පරිසර ආරක්ෂණ පනතේ 26 සහ 38 වගන්ති කඩ කිරීම සම්බන්ධයෙන් MT New Diamond නෞකාවේ කපිතාන්ට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අද අධිචෝදනා ගොනුකරනු ලැබ ඇත.
Read Moreමහනුවර දිස්ත්‍රික්කයේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් ලෙවලන් වත්තේ ඇඟළුම් සේවිකාවන් දෙදෙනෙක් පරීක්ෂණයට ලක්කළ බවත් ඒ අතරින් එක් සේවිකවකට කොවිඩ් ආසාදනය වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මහතා අද (08දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය.
Read Moreකල්පිටිය ඉලන්තඩිය ප්‍රදේශයේ ස්වං නිරෝධායනයට ලක්කරමින් සිටි පවුල් 5 ක 21 දෙනෙකු පි.සි.ආර් .පරික්ෂණ සදහා 8 දින දහවල් යොමු කල බව කල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය පවසයි.
Read Moreසිසු හෙද පුහුණුව සදහා බඳවා ගැනීමේ සුදුසුකම් පරීක්ෂා කිරීමට අදාල සම්මුඛ පරීක්ෂණය නැවැත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය දන්වා සිටියි.
Read Moreනිරෝධායනය අවසන් කළ පුද්ගලයන් 164ක් නිවෙස් වෙත පිටත්ව ගොස් ඇත.
Read Moreමත්ද්‍රව්‍ය හා මත්පැන් ජාවාරමට සම්බන්ධ ප්‍රධාන පෙළේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreකැළණිවැලි දුම්රිය මාර්ගය නවීකරණය කිරිමේ වැඩසටහන යටතේ එම දුම්රිය මාර්ගය ද්විත්ව දුම්රිය මාර්ගයක් ලෙස සංවර්ධනය කිරිමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවැසීය.
Read Moreනිවසේ සාලයේ සෙල්ලම් කරමින් සිටි වසරක් පමණ වයස දැරියක් නරියෙකු විසින් ඩැහැ ගැනීමට තැත් කිරීමේ දී මව ක්ෂණික ව ක්‍රියාත්මකවී දැරිය ගැනීමත් සමඟම නරියා විසින් දැරියගේ කකුලක් සපා කෑමෙන් ඊයේ (7) සවස හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇත
Read Moreකොළඹ කාසල් රෝහලේ ප්‍රතිකාර ලබා නැවතත් නිවසට ගිය මීරිගම ප්‍රදේශයේ ගැබිනි කාන්තාවට කොවිඩ් ආසාදනය වූ ආකාරය පිළිබඳව සොයා බැලීමට පරීක්ෂණ ආරම්භ වී තිබේ.
Read Moreපල්ලම, මුන්දලම, ආරච්චිකට්ටුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාස වල පවුල් 14 ක පිරිස් ඊයේ (7දා) සවස සිට නිරෝධායනයට යොමු කළ බව පල්ලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි එම්.ඒ.එස්.කේ. පෙරේරා මහත්මිය පවසයි.
Read Moreබත්තරමුල්ල පැලවත්තේ පිහිටා ඇති පාර්ලිමේන්තු කටයුතු සේවා අංශයේ සාමාජිකයෙකුගේ පවුලේ අයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවැසීය.
Read Moreගංජා පිළිබඳව සඳහන් වන පොතක් පාර්ලිමෙන්තුවේ නිලධාරීන් වෙත බෙදා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පැවැසීය.
Read Moreකොවිඩ් 19 වෛරසය පාලනය කිරීමට ගෙන ඇති රජයේ වැඩපිළිවෙළ හා නීති රීතිවලට සමගාමීව මගි ප්‍රවාහන බස් රථ වල ගෙන යා හැකි අවම මගීන් සංඛ්‍යාවට වැඩියෙන් මගින් ගෙන යන බස්රථ පරික්ෂා කිරීම සඳහා විශේෂ කඩාපනින ඒකකයක් ස්ථාපිත කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා පවසයි .
Read Moreශ්‍රී ලංකාවේ සිදුකර ඇති පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව ලක්ෂ තුන ඉක්මවා ඇති බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි
Read Moreකොරෝනා ආසාදිත මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කම්හලේ සේවිකාවකගේ මව වන පොල්පිතිගම පොලිස් වසමට අයත් රාවාඇළ ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි කාන්තාවකටද එම වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (7) රාත්‍රියේ තහවුරු වූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා පැවසීය.
Read Moreඉන් 202 දෙනෙකු මිනුවන්ගොඩ ඇගලුම් කම්හල ආශ්‍රීත කෝවිඩ් පොකුරෙන්ද ,ඉතිරි පුද්ගලයින් පස්දෙනා විදේශයන්හි සිට මෙරටට පැමිණි පුද්ගලයින් වන අතර ඔවුන් අතරින් රුසියාවේ සිට පැමිණි පුද්ගලයින් තිදෙනෙකු පිටිපන නිරෝධායන මධ්‍යස්ථානයෙන් හා ඉන්දියානු ජාතික සිවිල් නාවිකයින් දෙදෙනෙකු ලෙස වාර්තා වෙයි.
Read Moreකොරෝනො රෝගියෙකු බවට පළමුවෙන්ම තහවුරු වූ මිනුවන්ගොඩ බ්‍රැන්ඩෙක්ස් ආයතනයෙහි සේවිකාවට ප්‍රතිකාර කළ ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි වෛද්‍ය කාර්ය මණ්ඩලයේ කිසිවෙකුටවත් රෝගය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබේ.
Read Moreලබන 14 වනදා සිට 21 වනදා දක්වා දිවයින පුරා ඩෙංගු මර්දන සතියක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreතිනියාවල පොලිස් වසමේ පැලවත්ත ප්‍රදේශයේදි පුද්ගලික ආරවුලක් මත පුද්ගලයකුට තවත් පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදිමකින් පසු තුවාලකරු මියගොස් තිබේ.
Read Moreඑක්සත් ජනපද උප ජනාධිපති විවාදය දැඩි සෞඛ්‍යාරක්ෂිත පියවර සමග ආරම්භ වී ඇති අතර, විවාදය මෙහෙයවන්නා අපේක්ෂකයන් දෙදෙනාටම කියා සිටියේ ආචාරශීලීව හැසිරෙන ලෙසනි.
Read Moreඑම අවස්ථාවේ ඉතා උද්‍යෝගීමත් හැසිරීමක් පිලිබිඹු කිරීමට ට්‍රම්ප් උත්සාහ කළද, ඉතා සමීප රූපරාමු තුළින් දැකගත හැකි වූයේ ඔහු ඉතා අපහසුවෙන් හුස්ම ගන්නා ස්වරූපයකි.
Read Moreඋතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read More