saravita-anim2

2025 ඔක්තෝබර් මස 06 වන සඳුදා

2025 ඔක්තෝබර් මස 06 වන සඳුදා

Latest News - timelapse 7912 hours ago

LATEST

ආසාදන වැඩියි - ලොක්ඩවුන් කිරීම විසඳුම නොවේ - ෆවුසි

calendar_today 2020 ඔක් 19 - 09:08 remove_red_eye - 1041  

වෛරසය පැතිරීම වළක්වා ගැනීම සඳහා පෙර සහ වර්තමාන පියවරයන් සමග රට සහ රටවැසියන් මෙම සීමාවන්ගෙන් තෙහෙට්ටුවී ඇති බව බෝවන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඇන්තනී ෆවුසි පෙන්වා දෙයි.

ආමර් විදියේ පොලිස් මුරපොළේ සේවය කරනු ලබන පොලිස් සැරයන්වරයෙකුගේ පවුලේ සාමාජිකයින් දෙදෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

Read More

අද දිනයේ සිට මිනිසුන්ට නිවසින් පිටත කොපමණ කාලයක් ගත කරනවාද යන්න පිළිබඳ කාල සීමාවක් නොමැති වුවත්, අවන්හල් සහ සිල්ලර වෙළෙඳ සැල් සඳහා දැඩි පියවරයන් තවමත් ක්‍රියාත්මක බව බලධාරීන් පවසයි.

Read More

එක්සත් රාජධානියේ ග්ලාස්ගෝහි විද්‍යාගාරය සමග ඇති වූ ගැටලුවක් නිසා පරීක්ෂණ 64,000ක් වෙනත් පර්යේෂණාගාර වෙත යවා ඇති බව ස්කොට්ලන්තය කීවත්, එක්සත් රාජධානිය එය තරයේ ප්‍රතික්ෂේප කරයි.

Read More

ඉතාලිය දෙවැනි වරටත් වැඩිම දෛනික ආසාදන අනුපාතය වාර්තා කිරීමත් සමග මෙම පියවර ගෙන තිබේ. ඉරිදා දිනයේ නව ආසාදන 11,705ක් ප්‍රකාශයට පත් කළ අතර, එය සෙනසුරාදා වාර්තා වූයේ ආසාදන 10,925ක් ලෙසිනි.

Read More

දින 06 ක කාලයක් සැඟව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා අද අලුයම සිදුකළ මෙහෙයුමකදී පොලිස් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,112,000ක් ඉක්මවා ගොස් ඇති අතර, කොවිඩ්-19 සටන ජයගැනීමට ජනතා සහයා අත්‍යවශ්‍ය බව ලෝක නායකයෝ අවධාරණය කරති.

Read More

එම කාන්තාව හෙට දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මෙම වීඩියෝ පටය මගින් බෞද්ධ භක්තිකයන් හා කතෝලික භක්තිකයන් යම් ආකාරයක ආගමික වෛරයක් ඇතිවන ආකාරයෙන් මුදා හැර තිබෙන බවට පෙනෙන්නට තිබෙනවා. මේ පිළිබඳව අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණ කරනවා.

Read More

අප විපක්ෂයක් වශයෙන් ජනතාව ගැන සිතලා සහන ලබාදීමට රජයට යෝජනා ඉදිරිපත් කරනු ලබනවා. ඒත් මේ වන විට රජය 20 වන ව්‍යවස්ථා සංශෝධනය වාසියට යටත්වෙලා ඒ කිසිවක් අවධානයට ලක් කරන්නේ නැහැ යැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

පරිසර පනත සංශෝධනය මගින් පරිසරයට හානි කරන්නහට ලබා දෙන දඬුවම් දහ ගුණයකින් ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බව පරිසර ඇමති මහින්ද අමරවීර පවසයි.

Read More

මතුගම ප්‍රදේශයේ පී සී ආර් පරීක්ෂණයට ලක්කල 17 දෙනෙකු (18) දින කොවිඩ් අසාදිතයන් ලෙස හදුනාගෙන ඇති බව මතුගම පරිපාලන මහජන සෙෘඛ්‍ය පරීක්ෂක ජී.ඩී ලයනල් මහතා පැවසීය .

Read More

අද දින18 මතුගමින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 17 දෙනා අතර, සිටි මතුගම බදුගම ප්‍රධාන විහාරස්ථානයක සාමණේර හිමිනමක් පසුගිය 13 දින සිට දාහතර දින දක්වා මීගහතැන්න විද්‍යාරාම පිරිවෙනෙහි වැඩ වාසයකර සිටීම නිසා අද දින සිට එම පිරිවෙන් විහාරස්ථානය නිරෝධායනයට ලක් කළ බව වලල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනී වෛද්‍ය මල්කා ගුණසිංහ මහත්මිය පැවසුවාය.

Read More

හිටපු කර්මාන්ත ,වාණිජ හා අවතැන් වූවන් නැවත පදිංචි කිරීමේ අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයෙන් ද පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු පැවැසීය.

Read More

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ තවත් 39ක් කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

Read More

මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ඕවිටිගල,බදුගම සහ බදුගම නව ජනපදය යන ගම්මාන හුදකලා ගම්මාන ලෙස නම් කරයි.

Read More

20 වනආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පරාජය වීමේ ලකුණු පෙනී යන බවත් සිය පක්ෂය නව ව්‍යවස්ථාවක් සදහා සහයෝගය ලබාදීමට සුදානම් බවත් දෙමළ ප‍්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා සදහන් කරයි.

Read More

සැම සතියකම අධ්‍යාපන අමාත්‍යංශයට 3000ක පමණ ප්‍රමාණයක් මහජන දිනය දවසේ පැමිණෙන බවත් එම තත්ත්වය වෙනස් කිරීම සදහා දිස්ත්‍රික් මට්ටමෙන් ජනතාව සමිපයටම ගොස් ප්‍රශ්න විසදීමට පියවර ගන්නා ක්‍රමයක් සකස් කර ඇති බවත් අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

Read More

ගම්පහ දිස්ත්‍රික්කය තුළ 10/18 දින සවස 4.00 පමණ වනවිට කොරෝනා ආසාදිත රෝගීන් 56 දෙනෙකු වාර්තා වී ඇති අතර , එයින් 41 දෙනෙකුම කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවකයන් බව ද ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .

Read More

කෝවිඩ් ආසාදිතයෙකු වාර්තා වීමත් සමග කොළඹ ජාතික රෝහලේ වාට්ටු දෙකකට රෝගීන් ඇතුළත් කර ගැනීම තාවකාලිකව අත්හිටුවා ඇත.

Read More

කහතුඩුව ප්‍රසිද්ධ ඇඟළුම් කර්මාන්ත ශාලාවක කොරෝනා වෛරසය ආසාදිත වූ සාත්තු සේවිකාව සමඟ සමීපව කටයුතු කළ සේවක සේවිකාවන් 360 දෙනකු හඳුනාගෙන සඳහා (18) පි සි ආර් පරීක්ෂණ සිදුකළ බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි

Read More

කුලියාපිටියෙන් කොවිඩ් -19 වෛරස ආසාදිතයන් 11 දෙනකු හමුවීමත් සමගින් ගම්මාන 04 ක සංචරණය සීමා පැනවීමට පියවර ගෙන තිබේ.

Read More

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ තවත් 22කට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන සුවය ලැබූ තවත් 8 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

මන්නාරම ඕලුතුඩුවායි වෙරල තීරයේදී සඟවා තිබූ රුපියල් කෝටි 5 කට අධික වටිනාකමින් යුත් කේරල ගංජා කිලෝ 200 යි ග්‍රෑම් 850ක් අද (18) දින සොයාගත් බවට මන්නාරම පොලිස් දූෂණ මර්ධන අංශය හා නාවික හමුදාව පවසයි.

Read More

මතුගම සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය විද්‍යාලයේ විභාග ශාලාවක සහකාර ශාලාධිපතිනියක් වශයෙන් සේවය කළ ගුරුමහත්මියකට කොවිඩ් ආසාධිත බව තහවුරු වීමත් සමගම සෞඛය අංශයේ උපදෙස් පරිදි ඇයව විභාග මධ්‍යස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බව මතුගම කලාප අධයාපන කාර්යලය කියයි.

Read More

රෝගීන් බැලීම සඳහා අමුත්තන් පැමිණීම සීමාකර ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහල සහ මහරගම පිළිකා රෝහල නිවේදනය කරයි.

Read More

කොවිඩ් රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කිරීම සඳහා වෙන් කර ඇති රෝහල් 19න් මේ වන විටත් රෝහල් හයකම ධාරිතාව ඉක්මවා ගොස් තිබේ.

Read More

කොවිඩ් 19 වසංගතය තවමත් රට පුරා පැතිරීමක් නොමැති බවත් රෝගීන් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය නිසා රට පුරා රෝගීන් වාර්තා වන බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය.

Read More

ගාල්ලේ පෝද්දල පදිංචිව සිටි ලෙකෝ සේවකයා ඇතුළු පුද්ගලික අංශයේ සේවකයන් කිහිප දෙනෙකු කොරෝනා ආසාදිතයන් යැයි හඳුන්වා ඇත්තේ පුද්ගලික රෝහලක සිදුකළ පීසීආර් පරීක්ෂණ වාර්තා වැරදිලෙස ලබාදීමෙන් යැයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය පවසයි.

Read More

කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවකයින් 2020.10.19 දින සිට තම සේවා ස්ථාන වෙත පැමිණිය යුත්තේ තම පෞද්ගලික රථවාහන වලින් නොව , කර්මාන්තශාලාව විසින් සපයන ප්‍රවාහන මාධ්‍යයෙන් පමණක් බව කටුනායක පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අකිල රණසිංහ මහතා පවසයි .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.