ඕමානයේ සිට හිරිහැර වලට ලක් වූ ශ්‍රී ලාංකිකයන් පිරිසක් කටුනායකට
ඕමානයේ රැකියා සදහා ගොස් ,එහිදී විවිධ හිරිහැර , කරදර වලට ලක් වී මෙරටට පැමිණීමට නොහැකිව එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 283 දෙනෙකු 01/16 දින උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 ක කාළය තුළ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පැමිණ ඇතැයි ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය .
මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස මේ ආකාරයට විදේශ රටවල රැදී සිටින මෙරට ශ්‍රමිකයන් කණ්ඩායම් වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේ කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි .
මොවුන් 01/15 දින සවස 4.45 ට ඕමානයේ මස්කට් සිට ශ්‍රී ලන්කන් ගුවන් ගුවන් සේවයේ යූ.එල්.- 206 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ගුවන් තොටුපළ වෙත මෙම පිරිස පිවිසීමෙන් පසුව , එහි පිහිටි වෛද්‍ය රසායනාගාරය මගින් නොමිලේ පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කිරීමෙන් අනතුරුව , රජය විසින් පවත්වා ගෙන යනු ලබන නීරෝධායන මධ්‍යස්ථාන වෙත ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් නීරෝධායනය සදහා රැගෙන ගොස් තිබේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

