saravita-anim2

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

Latest News - timelapse 8415 hours ago

LATEST

ඒකල කර්මාන්ත ශාලාවක 39 කට කොවිඩ්

calendar_today 2020 දෙසැ 29 - 13:35 remove_red_eye - 348  

ඒකල පොහොර නිෂ්පාදන කර්මාන්ත ශාලාවක කරනු ලැබූPCR පරීක්ෂාවකදී කොවිඩ් 19 ආසාධිතයන් 39 දෙනෙකු සොයා ගත් බව ජා-ඇල ප්‍රාදේශීය සභා පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. ඩබ්ලිව්. එම්. වයි. විජේසිංහ මහතා ප්‍රකාශ කලහ.

ඒකල පොහොර නිෂ්පාදන කර්මාන්ත ශාලාවක කරනු ලැබූ PCR පරීක්ෂාවකදී කොවිඩ් 19 ආසාදිතයන් 39 දෙනෙකු සොයා ගත් බව ජා-ඇල ප්‍රාදේශීය සභා පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. ඩබ්ලිව්. එම්. වයි. විජේසිංහ මහතා ප්‍රකාශ කළේය.

Read More

සමස්ත පාසල් පද්ධතියම ආරම්භ කිරීමට රජය ගෙන ඇති තීරණය සැලකිල්ලට ගෙන සෞඛ්‍ය නිරෝධායන නීති රීති වලට එකඟව සිමීත සිසුන් පිරිසක් පමණක් සහභාගි වන පෞද්ගලික කණ්ඩායම් පන්ති කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ආරම්භ කිරීමට අවසර දෙන ලෙස සමස්ත ලංකා උපකාරක පන්ති එකමුතුව වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයේ මේ වනවිට කොවිඩ් වසංගත තත්ත්වය ඉතාමත් තදින් පැතිරී යමින් පවතින බැවින් ජනවාරි මස අවසන්වනතුරු ශ්‍රී පාද වන්දනාවේ නොපැමිණෙන ලෙස බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්. බී. ආර්. පුෂ්පකුමාර මහතා පැවැසීය.

Read More

කල්මුණේ ප්‍රාදේශය වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ සවස හුදකලා කිරීමේ නීතිය පොලිසිය විසින් ක්‍රියාවට නංවන ලදී.

Read More

මෙරව ආරම්භ වු ශ්‍රී පාද වන්දනාවාරය සඳහා වි‌ශේෂ පොලිස් ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇති බව පොලීසිය පවසයි.

Read More

දකුණු පළාතෙන් ඊයේ (28) වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 09 දෙනකු සමඟ මේ වනවිට පළාතෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 883ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

කෝවිඩ් ව්‍යාප්තිය රටපුරා සිදුවෙමින් තිබෙන අතර, රටපුරා සිටින රෝහල් කාර්ය මණ්ඩල තුළින්ද කෝවිඩ් ආසාදිතයන් හමුවන බවට වාර්තා වෙමින් තිබේ. ජාතික රෝහල, කළුතර, කළුබෝවිල, රාගම, කෑගල්ල, නුවර රෝහල් ඇතුළු සෞඛ්‍ය මධ්‍යස්ථාන දහතුනකින් පමණ එහි කාර්යමණ්ඩල තුළ කෝඩිව් ආසාදිතයන් හමුවී තිබෙන අතර, මෙම තත්ත්වය දීර්ඝව පැවතුණහොත් තත්ත්වය බරපතළ වනු ඇති බව සෞඛ්‍ය කාර්යමණ්ඩල සඳහන් කරයි. රෝහල් පොකුරු ඇතිවීමට ඉඩ නොදෙන ලෙස ඔවුන් ඉල්ලා සිටින අතර, මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍

Read More

උදුවප් පොහොය ශ්‍රී ලාංකික බෞද්ධ සැදහැතියන්ට වැදගත්වන හේතු ගණනාවකි. එකක් සංඝමිත්තා තෙරණිය විසින් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් මෙරටට වැඩිම කරවීමය. අනෙක ලංකාවේ භික්ෂුණී ශාසනය ආරම්භ කිරීමය. තවත් වැදගත් කරුණක් වන්නේ එනිසාම කාන්තාවට සමාජය තුළ නිසි තැන, ගෞරවය සහ පිළිගැනීම වෙනුවෙන් සැබෑ කාන්තා සම්මුතියකට ප්‍රවේශයක් සැලසීමය. ඒ අයුරින්ම කාන්තාව සමාජයේ සෑම ස්ත්‍රී පුරුෂභාවයකින් තොරව සමාජ නායකත්වයට පත්කරවීමේ ආරම්භයට මුල පිරීමය.

Read More

සහභාගිවන්නන්ගෙන් තුනෙන් දෙකකට අහඹු ලෙස එන්නත් දෙකක් දින 21ක කාල පරාසයකින් ලබාදෙනු ඇත. එමෙන්ම මේ වනවිට බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන කොවිඩ්-19 වෛරසයේ නව ප්‍රභේදය ආශ්‍රිතවද මෙම එන්නත පරීක්ෂාවට ලක්කෙරෙන බව කියයි.

Read More

’’එන්නත් ලබාගැනීම ප්‍රමුඛතාවයක්. නමුත්, එන්නතක් ලබා ගන්නේ කාටද යන්න පිළිබඳ කිසිදු දේශපාලනයක් තිබිය යුතු නැහැ. එන්නත් කිරීමේ ක්‍රියාවලියේ කිසිදු වංචාවක් අපි ඉවසන්නේ නැහැ.’’ නිව්යෝක් ආණ්ඩුකාරවරයා පවසයි.

Read More

’’රටවල් ඵලදායී ලෙස සොයා බලා පරීක්ෂා කරන්නේ නම් පමණක්, එම රටවලට නව ප්‍රභේද තෝරාගෙන ඒවාට සාර්ථකව මුහුණ දීමට උපාය මාර්ග සකස් කළ හැකියි’’ WHO ප්‍රධානී ටෙඩ්‍රොස් අවධාරණය කරයි.

Read More

කොවිඩ්-19 වෛරසයේ නව ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්තවීම සමග වසංගතය ආරම්භ වූ දා සිට එරටින් වාර්තා වූ ඉහළම දෛනික ආසාදන සංඛ්‍යාව මෙසේ වාර්තා වන අතර, දෛනික මරණ සංඛ්‍යාවද 357ක් ලෙස සටහන් වෙයි.

Read More

කියුබාවේ මහජන සෞඛ්‍ය අමාත්‍යාංශය සිය වෙබ් අඩවියේ සඳහන් කළේ මෑතකදී ජාත්‍යන්තර සංචාරකයන් සඳහා රට විවෘත කිරීමෙන් පසුව නව කොරෝනා වෛරස රෝගීන්ගේ ඉහළ යෑමක් දක්නට ලැබෙන බවය. කෙවිඩ්-19 ආසාදන අවම කිරීමේ උත්සාහයක් ලෙස කියුබාව සිය ජාත්‍යන්තර ගුවන්තොටුපල මාර්තු මාසයේදී අර්ධ වශයෙන් වසා දැමීමෙන් පසු නොවැම්බර් මාසයේදී නැවත විවෘත කළේය.

Read More

කොවිඩ්-19 පැතිරයෑමට මුහුණ දෙන ජනතාවගේ සෞඛ්‍යය හා ජීවිතය ආරක්ෂා කිරීම සඳහා චීනයේ ප්‍රමුඛතාවය යළිත් අවධාරණය කළ චීන අග්‍රාමාත්‍යවරයා, වසංගතය මානව වර්ගයාට පොදු අභියෝගයක් බවත්, වෛරසයට එරෙහි සටනේදී සියලු රටවල් එකට වැඩකළ හැකි යැයි තමා විශ්වාස කරන බවත් කීවේය.

Read More

බ්‍රිතාන්‍යයේ සංසරණය වන කොවිඩ්-19 නව ප්‍රභේදයේ ආසාදිතයන් දෙදෙනෙකු මෙන්ම, දකුණු අප්‍රිකාවේ පැතිරී ඇති වෙනම ප්‍රභේදයක තවත් ආසාදිතයෙකුද මෙසේ හඳුනාගෙන ඇති බව එරට සෞඛ්‍ය නිලධාරීහු පවසති.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,772,000ක් පසුකර ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.

Read More

තවත් කොවිඩ් මරණ තුනක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 194ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව ආසාදිතයන් 366ක් වාර්තා වී තිබේ. ඒ අනුව පෑලියගොඩ, දිවුලපිටිය හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව අද දිනයේදී වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 530ක් වෙයි.

Read More

ලබන ජනවාරි 11 වනදා ආරම්භ කෙරෙන පාසල්වල ප‍්‍රාථමික අංශයේ සිසුන් කොටස් දෙකකට පාසලට ගෙන්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජනරාල් කමල් ගුණරත්න සහ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ජනරාල් ධුරයට උසස් කර තිබේ.

Read More

සංචාරකයින් ගෙන්වා ගැනීම උපරිම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ සිදුවන බැවින් සංචාරකයින්ගේ පැමිණිම සම්බන්ධයෙන් බියවිය යුතු නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කළේය.

Read More

සතොස ගබඩා සංකිර්ණයේ එක් නාට්ටාමිවරයෙකු ඉකුත් දින කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගැනීමෙන් අනතුරුව ඔහුගේ සමිපතම ආශ්‍රිතයින් 13 දෙනෙකු අහඹු පී.සී.ආර්. පරික්ෂණයකට යොමුකර සිටි බව වරුණ අමරසේකර මහතා පවසා සිටියේය.

Read More

පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව ආසාදිතයන් 366ක් වාර්තා වී තිබේ. ඒ අනුව පෑලියගොඩ, දිවුලපිටිය හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව ආසාදිතයන් 37360ක් මේ දක්වා වාර්තා වී තිබේ.

Read More

සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (CWE) නව සභාපතිවරයා වශයෙන් නීතීඥ වෙනුර ගුණවර්ධන මහතා ලංකා සතොස ආයතනයේ නව සභාපතිවරයා වශයෙන් රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා ද පත් කර ඇත.

Read More

2020-2021 වර්ෂය සඳහා ශ්‍රී පාද වන්දනා වාරය නිරෝධායන උපදෙස්වලට අනුකූලව හෙට (29දා) උඳුවහ් පොහෝ දිනයෙන් ආරම්භ කිරිම සඳහා සියලු කටයුතු මේ වන විට සුදානම් කර ඇති බව ශ්‍රී පාදස්ථානාධිපති, සබරගමුව පළාත් ප්‍රධාන සංඝනායක, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න හිමියන් පැවසූහ

Read More

කොවිඩ් -19 ආසාදිතයින් 366 දෙනෙකු අද (28) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ගොවීන්ගේ කහ, බඩඉරිඟු ඇතුළු අස්වනු මිලදී ගැනීමේ දී සිදුවන අක්‍රමිකතා නතර කිරීමට මැදිහත්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විෂයභාර රාජ්‍ය අමාත්‍යවරයාට සහ නිලධාරීන්ට නියම කරයි.

Read More

කොව්ඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 520 දෙනෙකු අද (28) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

බන්ධනාගාර ආශී‍්‍රතව තවත් කොරෝනා ආසාදිතයින් 54 දෙනෙකු හදුනා ගෙන තිබෙනවා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.