saravita-anim2

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

Latest News - timelapse 7859 hours ago

LATEST

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින්ගේ පෞද්ගලික ආරක්ෂකයින් දෙදෙනා යළි රිමාන්ඩ්

calendar_today 2020 ඔක් 30 - 17:20 remove_red_eye - 248  

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදින්ගේ පෞද්ගලික ආරක්ෂකයන් දෙදෙනා ලබන මස 4වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන කාලය තුළ විශේෂ සේවාවන් සඳහා බස්නාහිර පළාත තුළ විවෘත කර තැබෙන ඉන්ධන හල් සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කර ඇත.

Read More

නව තානාපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව දින 14ක් ස්වයං නිරෝධානයට ලක්වීමට නියමිත අතර ඔහු ෂැංහායි නුවරින් කොළඹ බලා පිටත්වීමට මත්තෙන් පී.සී.ආර්. පරීක්ෂණයකට භාජනය වී තිබේ. එම පී.සී.ආර්. පරීක්ෂණයෙන් ඔහු සමත්වී ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සේවය කරනු ලබන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ට යතුරුපැදි ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

Read More

නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමෙන් පසු බස්නාහිර පළාතෙන් පිටවීම සහ ඇතුළු වීම තහනම් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේය.

Read More

කුරුණෑගල මහ නගර මඟින් කරන ලද පීසීආර් පරීක්ෂණයකින් නගර සභාවේ කම්කරු සේවකයින් 06 දෙනෙකු සමඟ මාළු ව්‍යාපාරිකයන් 02 කු කොරෝනා ආසාදිතයින් බවට අද තහවුරු වීම සැලකිල්ලට ගෙන කුරුණෑගල නගරයේ සියළුම ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට නියම කළ බව නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ප්‍රකාශ කළේය.

Read More

කළුතර දිස්ත්‍රික්කයෙන් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 276 දෙනකු අද (30දා) වන විට වාර්තා වී ඇතැයි කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා පැවසීය

Read More

තවත් කෝවිඩ් ආසාදිතයින් 140ක් පුර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇ​ත.

Read More

අද දිනය වන විට බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලට අනුයුක්තව සේවය කල නිලධාරීන් 43කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

Read More

කොවිඩ් 19 වසංගතය පැතිරීයාම වැළැක්වීමේ අරමුණෙන් වැල්ලවාය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක වන සතිපොළවල් අද (30) සිට තාවකාලිකව වසාදැමීමට වැල්ලවාය ප්‍රාදේශීය සභාව තීරණය කර ඇත.

Read More

ශ්‍රී ලංකාවේ රේගු , පරිසර සහ ආනයනය අපනයන නීති උල්ලංඝනය කරමින් , නීතිවිරෝධී ලෙස 2017 වසරේදී එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට ගෙනැවිත් තිබූ අපද්‍රව්‍ය බහාලුම් 242 ක් ,යළි ආපසු එංගලන්තය වෙතට ප්‍රති නැව් ගත කරන ලෙස පසුගියදා අභියාචනාධිකරණය දුන් තීන්දුව මත , ඒවා එරටට යැවීමට ශ්‍රී ලංකා රේගුව කටයුතු කරමින් සිටින බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකාවේ දෙවැනි කොරෝනා රැල්ල බිහි කරමින් බ්‍රැන්ඩික්ස් පොකුර ආරම්භ වූ මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් පසුගිය දින කීපය තුළ කිසිදු කොරෝනා ආසාදිත රෝගියෙකු වාර්තා වී නොමැති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .

Read More

ඔක්තෝබර් 12 වැනිදා සිට ආරම්භ වූ මෙවර උසස් පෙළ විභාගය නොවැම්බර් 6 වන දා තෙක් පැවැත්වෙන බවත්, තවත් විෂයන් 13 ක් ඉදිරි දින හය තුළ පැවැත්වීමට නියමිත බවත්, එළඹෙන සෙනසුරාදා පෙරවරුවේ පැවැත්වීමට නියමිත ගිණුම්කරණය විෂය සඳහා මේ වසරේ සිට සිසුන්ට අතිරේක පහසුකමක් ලෙස, වැඩසටහන් සැලසුම් කළ නොහැකි සාමාන්‍ය ගණක යන්ත්‍ර භාවිතයට අවසර ලබාදී ඇති බවත් විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා පවසයි.

Read More

හැටන් කොටගල ඩ්‍රෙටන් තේ වතුයායේ සහ කොටගල නගරයේ නිරෝධායනයට ලක් කර තිබු පැලියගොඩ මත්ස්‍ය වෙළදපොලේ සේවය කල සේවකයෙකුට සහ ඔහුගේ ආශ්‍රිතයෙකුට කොවිඩ් 19 වෛසරය අද (30) දින අසාදනය වි ඇති බව පි.සි.ආර් පරික්ෂණ වාර්තාව අනුව තහවුරු වු බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසිය.

Read More

පුත්තලම දිස්ත‍්‍රික්කයෙන් වාර්තාවී ඇති කොවිඞ් 19 අසාදිතයින් ගණන 44 දක්වා ඉහළ ගොස් ඇතිබව දිස්ත‍්‍රික් නියයෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය දිනූෂා ප‍්‍රනාන්දු මහත්මිය පවසයි.

Read More

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර්වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කර තිබේ.

Read More

සිංගප්පූරුව මෙම නවතම පියවර ප්‍රකාශයට පත්කිරීමට පෙර ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය හැර සෙසු ප්‍රාන්තවලින්, බෘනායි දරුස්සලාම්, නවසීලන්තය සහ වියට්නාමය යන රටවලින් පැමිණෙන සංචාරකයන් සඳහා දේශසීමා සීමාවන් ඉවත් කිරීමට කටයුතු කරනු ලැබීය.

Read More

කොවිඩ් රෝගියෙකු වන පොලිස් නිලධාරියෙක් වකුගඩු රෝගයෙන් පෙළෙන තම පියා බැලීමට මහියංගණය මූලික රෝහලට පැමිණ ඇති බව අනාවරණය වීමත් සමග එම රෝහලේ අංක 4 වාට්ටුවේ සහ රුධිර පෙරණ ඒකකයේ එම අවස්ථාවේ සේවය කළ කාර්යමණ්ඩලය අද (30) දා සිය නිවෙස් තුළම නිරෝධායනයට ලක් කළ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ඌව පළාත් සම්බන්ධී කාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය .

Read More

ඇක්සිස් බැංකුව මුදල් මණ්ඩලය විසින් පනවන ලද නියමයන් හා කොන්දේසිවලට අනුකූල වීම පිළිබඳව බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ සෑහීමකට පත්වීමෙන් පසුව, බැංකු කටයුතු කරගෙන යාම සඳහා ඇක්සිස් බැංකුව වෙත නිකුත් කරන ලද බලපත්‍රය 2020 ඔක්තෝබර් 30දා සිට අවලංගු කරන ලද බව මහ බැංකුව පවසයි.

Read More

කොග්ගල නිදහස් වෙළද කලාපයේ බ්‍රැන්ඩේක්ස් ඇගලුම් කම්හලේ සේවය කරන ඇගලුම් සේවිකාවට කොරෝනා වෛරසය ආසාදනය විමත් සමග එම ඇගලුම් සේවිකාවගේ ආශ්‍රිතයින් 125 දෙනෙකුගේ පි. සි ආර්. පරික්ෂණ ඊයේ (29) රාත්‍රියේම සිදුකළ බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

Read More

රටම ලොක්ඩවුන් කිරීම වළක්වා ගැනීම තම අරමුණ බවත්, ඒ වෙනුවට දැඩි මහජන සෞඛ්‍ය පියවර හා දැඩි සීමාවන් තීව්‍ර කිරීම කෙරෙහි අවධානය යොමු කරන බවත් ග්‍රීසියේ අග්‍රාමාත්‍ය කිරියාකොස් මිට්සෝටකිස් පවසයි.

Read More

සති කිහිපයක් තුළ දෙවැනි වතාවටත් ප්‍රංශයේ ඉස්ලාමීය ත්‍රස්තවාදියෙකු විසින් ඉතා ම්ලේච්ඡ පිහි ප්‍රහාරයක් සිදුකර පුද්ගලයන් තිදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සැලවීමෙන් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මෙම ප්‍රකාශය සිදුකළේය.

Read More

ජර්මානු චාන්සලර්වරිය අවධාරණය කරන්නේ, නිදහස යනු සෑම කෙනෙකුටම මේ මොහොතේ අවශ්‍ය දෙයක් නොවන බවයි. නිදහස වගකීමක් බව පවසන ඇය, මේ භයානක තත්ත්වය අප සැමට බලපාන බව තේරුම් ගන්නා ලෙස දැඩිව කියයි. වසංගතයට මුහුණ දීමට අපට හැකි වන්නේ සහයෝගීතාවයෙන් පමණක් බවද ඇය අවධාරණය කරයි.

Read More

නව කොරෝනා වෛරස වසංගතයේ ප්‍රබල ආකෘතියක් පෙන්වා දෙන්නේ එලැඹෙන පෙබරවාරි 01දා වනවිට එක්සත් ජනපදයේ වෛරසය ආශ්‍රිත මරණ 399,000ක් සිදුවිය හැකි බවය. එය පසුගිය සතියේ පුරෝකථනයට වඩා මරණ 15,000ක් වැඩිවීමකි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 44,900,000ක ආසන්නයට පැමිණ ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

Read More

කුරුණෑගල ප්‍රාදේශීය බළ ප්‍රදේශයේ පළමු කොරෝනා ආසාදිතයා අද කුදුම්බුව පාත්‍රාගලවත්ත ප්‍රදේශයෙන් හමුවූ බව කුරුණෑගල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි චන්දන ගාල්ලගේ මහතා ප්‍රකාශ කළේය.

Read More

ඔක්තෝබර් 21 හා 22 යන පාර්ලිමේන්තු රැස්වීම් දිනයන්හිදී පාර්ලිමේන්තු සංකීර්ණයේ මාධ්‍ය මධ්‍යස්ථානයේ සිට මාධ්‍ය ආවරණ කටයුතු වල යෙදුණු ජනමාධ්‍යවේදීන් වහාම ස්වයං නිරෝධානයට ලක්විය යුතු බව ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

දිවුලපිටිය හා පෑළියගොඩ කොවිඩ් 19 පොකුරු දෙකට සම්බන්ධව තවත් ආසාදිතයන් 168ක් වාර්තා වී තිබේ.

Read More

වත්මන් ආණ්ඩුව එම් සී සී ගිවිසුමට අත්සන් නොකරන බවත් එම ගිවිසුමට අත්සන් කරන ආණ්ඩුවක් තමන් නියෝජනය නොකරන බවත් අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය විමල් විරවංශ මහතා පැවසීය.

Read More

නාරාහේන්පිට පිහිටි කම්කරු දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ ආරක්ෂක නිලධාරින් සිවුදෙනෙකු සහ කම්කරු අමාත්‍යාංශයේ රියදුරෙකු කොවිඩ් -19 ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.