තමන්ට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට අද (02) තහවුරුවි ඇති බව දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලිගමගේ මහතා පවසයි.
තම පුද්ගලික ලේකම්වරයාට කොරෝනා වෛරසය ආසාදනය විම නිසා තමන් නිරෝධායනය වෙමින් සිටි බවත් එහිදි සිදුකළ පි.සි.ආර් පරික්ෂණයේ දි තමන්ට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවද දකුණු පළාත් ආණ්ඩුකාරවරයා අප කළ විමසුමකදි පැවසිය.
වැඩිදුර ප්රථිකාර සදහා කොළඹ අයි.ඩි.එච් රෝහල සඳහා අද (02) උදැසන පිටත්ව යන බවද හෙතෙම පවසයි. මිට පෙර ආණ්ඩුකාරතුමාගේ පුද්ගලික ලේකම්වරයා හා ඔහුගේ රියදුරුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට පි.සි.ආර් පරික්ෂණවලදි තහවුරු වි තිබුණි.