DIG බිම්ශානිට එරෙහිව SSP 32ක් නඩු මඟට
පොලිස් රෙගුලාසි වලට අනුව කිසිඳු පොලිස් නිලධාරිනියකට නියෝජ්‍ය පොලිස්පතිවරියක වශයෙන් උසස් වීය නෙැහැකි බව සඳහන් කරන පොලිස් නීතී කොට්ඨාශයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 32 දෙදෙනෙකු ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරිය ලෙස උසස් වීම් ලද බිම්ශානී ජාසින්හආරච්චි මහත්මියගේ උසස් වීම බල රහිත කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළහ.
බිම්ශානී ජාසින්හආරච්චි මහත්මිය කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරිය ලෙස උසස් කිරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි පවසන පෙත්සම්කරුවෝ ශී‍්‍ර ලංකාවේ ප්‍රථම කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරිය ලෙස උසස් වීම් ලද බිම්ශානී ජාසින්හආරච්චි මහත්මියගේ උසස් වීම බල රහිත කරන්නැයි ඉල්ලා සිටිති.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ලබන මැයි 18 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
