saravita-anim2

2026 අප්‍රේල් මස 01 වන බදාදා

2026 අප්‍රේල් මස 01 වන බදාදා

Latest News - timelapse 8206 hours ago

LATEST

දකුණු ආසියාවේ දිගම වාරි උමග ඉදිකිරීම් ජනපති අතින් ඇරඹේ

calendar_today 2021 පෙබ 05 - 15:25 remove_red_eye - 1522  

කිලෝ මීටර් 28කින් යුත් දකුණු ආසියාවේ දිගම “වාරි උමගේ” ඉදිකිරීම් අද (05) පෙරවරුවේ අනුරාධපුර, පලුගස්වැව දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතින් ආරම්භ කෙරිණ.

කෑගල්ල ඩිපෝවේ සේවකයන් දෙදෙනකුට කොවිඩි වටිරසය අසාදනය වෙයි.

Read More

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් රුපියල් මිලියන 41කට අධික මුදල් හා වත්කම් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වුයේ යැයි චෝදනා කරමින් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ ගොනු කෙරුණු නඩුවක වැඩිදුර විභාගය ලබන 12 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

Read More

පෙබරවාරි, සැප්තැම්බර්, ඔක්තෝබර් යන මාසවල පොකිරිස්සන් බිත්තර දමන අවදිය බැවින් එම මාසවල පොකිරිස්සන් ඇල්ලීම සදහා බලපත්‍ර ලබානොදෙන බව ගාල්ල දිස්ත්‍රික් දශිය නිෂ්පාදන කර්මාන්ත වැඩිදියුණු කිරිමේ සංවර්ධන කමිටු රැස්වීමේ දි අනාවරණය විය.

Read More

බදුල්ල දිස්ත්‍රික්කය තුළ කොවිඩ් 19 අසාධිතයන් 04 දෙනෙක් 4දා හා 5දා ජීවිතක්ෂයට පත්ව ඇතැයි බදුල්ල දිස්ත්‍රික් කොව්ඩ් වාර්තා පෙන්වාදෙයි .

Read More

වතු කම්කරු දෛනික වැටුප් වැඩි කරන ලෙස වතු සමාගම් වෙත බල කිරිම සදහා 05වන දින පැවැත්වෙන හර්තාල් ව්‍යාපාරය හේතුවෙන් හැටන් අධ්‍යාපන කලාපයේ පාසල්වල සිසුන්ගේ හා ගුරුවරුන්ගේ පැමිනිම අඩු මට්ටක පැවති බව විදුහල්පතිවරුන් කිප දෙනකු හා හැටන් අධ්‍යාපන කලාප කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.

Read More

ඉන්දායාවේදී මියගිය බව කියන සංවිධානාත්මක අපරාධකරුවෙක් වෙන මද්දුම ලසන්ත පෙරේරා නොහොත් අංගොඩ ලොක්කාගේ මරණය තහවුරු කර ගැනීම සඳහා ඔහුගේ ළඟම ඥාතියෙකුගේ ඩී.එන්.ඒ. සාම්පලයක් යොමුකරන ලෙස ඉන්දියාව ශ්‍රී ලංකාවට දැනුම් දී තිබේ.

Read More

මුහුණු ආවරණ නොපැළඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම සම්බන්ධයෙන් ගත වූ පැය 24 තුළ දී පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

හුදෙකලා බව ඉවත් කිරීමට අලුතෙන් පැනවීමට කටයුතු කරන ප්‍රදේශ පිළිබඳව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

අල්ලස් චෝදනා එල්ල වී ඇති හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ අර්ජුන් ඇලෝසියස්ට අද (05) අධිචෝදනා පත්‍ර භාරදීමෙන් පසුව ඔවුන් ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

Read More

ශ්‍රී ලංකාව තුළ වාර්තාවන කොවිඩ් ආසාදිතයන් අතරින් තවදුරටත් වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙයි.

Read More

ශ්‍රී ලංකා නීතිඥ සංගම් නිලවරණය නොබෝ දිනකින් පැවැත්වීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා නීතිඥ සංගම් සභාපති ධුරය සඳහා ප්‍රබලයන් දෙදෙනෙකු ඉදිරිපත්ව සිටින අතර, මේ දිනවල ඔවුන්ගේ ප්‍රචාරණ කටයුතු සිදුකරයි. ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාද මෙවර නීතිඥ සංගම් නිලවරණය සඳහා ඉදිරිපත්ව ඇති අතර, අපි ඔහු සමග සාකච්ඡා කළෙමු.

Read More

වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලා වතු සමාගම්වලට බල කිරිමේ හර්තාතාල් ව්‍යාපාරයක් අද දින පැවැත්වෙන අතර එයට සහාය දැක්විම සදහා හැටන් නගරයේ සියලුම වෙළද සැල් 05වන දින වසා දැමිමට නගරයේ වෙළදුන් පියවර ගෙන ඇත‍.

Read More

වසර 13ක් වන පාසල් අධ්‍යාපනය වසර 12 දක්වා අඩු කිරීමට සැලසුම් සකස් කරමින් පවතින බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල සී. පෙරේරා මහතා මේ වසර ආරම්භයේ මාධ්‍ය වෙත පවසා තිබිණි.

Read More

වසංගතය හොඳන්ම පාලනය කළ රටක් ලෙස කාම්බෝජයේ මේ දක්වා කොවිඩ්-19 ආසාදිතයන් 467ක් වාර්තා වී ඇති අතර, කිසිදු මරණයක් වාර්තා වී නොමැත. වෛද්‍ය වෘත්තිකයන්, ගුරුවරුන්, ත්‍රිවිධ හමුදා සාමාජිකයන්, ටුක්-ටුක් සහ කුලී රථ රියදුරන් සහ කසළ එකතු කරන්නන් වැනි වෛරසය වැලඳීමේ වැඩි අවදානමක් ඇති පුද්ගලයින්ට එන්නත නොමිලේ ලබාදෙයි.

Read More

ගෝලීය වශයෙන් පරිපාලනය කරන ලද කොවිඩ්-19 එන්නත් මාත්‍රාවන් 70%ක් පමණ ලොව ධනවත් රටවල් 50ක් වෙත පැමිණ ඇති පසුබිමක, ලොව දුගී රටවල් 50හි පරිපාලනය කර ඇත්තේ 0.1%ක් පමණ බව අන්තර්ජාතික රතු කුරුස සංවිධානය ඇතුළු සංවිධානය සිදුකළ විශ්ලේෂණයකින් අනාවරණය කරයි.

Read More

දකුණු පළාතෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2940ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

චීනය සිය කොවිඩ්-19 එන්නත් මාත්‍රාවන් එරට ජනතාව මිලියන 31.23කට වැඩි පිරිසක් වෙත බදාදා දිනය වනවිට ලබාදී ඇති බව ජාතික සෞඛ්‍ය කොමිසමේ ප්‍රකාශක මයි ෆෙන්ග් ඊයේ (04දා) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

Read More

එක්සත් ජනපද ජනගහනයෙන් 8.5%ක් හෙවත් මිලියන 28කට ආසන්න ජනතාවක් මේ වනවිට අවම වශයෙන් කොවිඩ් එන්නත් එක් මාත්‍රාවක්වත් ලබාගෙන ඇත. මිලියන 7කට ආසන්න පිරිසකට හෝ ජනගහනයෙන් 2%කට සම්පූර්ණයෙන්ම එන්නත් ලබා දී ඇති බවද එම දත්ත පෙන්වා දෙයි.

Read More

ඇස්ට්‍රාසෙනෙකා සහ ෆයිසර්-බයෝඑන්ටෙක් ඇතුළු නිෂ්පාදකයන් අපේක්ෂිත ප්‍රමාණයට වඩා අඩු එන්නත් ප්‍රමාණයක් ලබාදීම, මහජන විවේචන හා විකල්ප සඳහා ඉල්ලීම් ඉදිරිපත් කිරීම නිසා යුරෝපය එන්නත් හිඟයකට මුහුණ දී සිටියි.

Read More

චීනයේ, වූහාන් වෙත පැමිණි ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායම, චීන විශේෂඥයන් සමග එකතුව, වූහාන් හි කොවිඩ්-19 වෛරසය ආසාදනය වී සුවය ලැබූ අය, වෛරසයෙන් පීඩා විඳි පවුල්, ප්‍රජා සේවකයන් සහ අනෙකුත් නිවැසියන් සමග සාකච්ඡා කර තිබේ.

Read More

වයස අවුරුදු 55ට වැඩි පුද්ගලයන්ට, විශේෂයෙන් 80ට වැඩි සහ වඩාත් අවදානමට ලක් වූ අයට ෆයිසර් හෝ මොඩෙර්නා එන්නත ලබාගත හැකි බව ප්‍රාදේශීය කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය කාර්යාලය පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,281,400ක් පසුකර ඇති පසුබිමක, මේ වනවිට ලෝකයේ රටවල් රැසක් කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත්කරණය අරඹමින් සිටියි.

Read More

කෑගල්ල ඇටෝරුවාව වත්ත ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයින් 12 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ එම ප්‍රදේශයට ඇතුළුවීම හා පිටවීම සීමාකර තිබේ.

Read More

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද තවත් කොවිඩ් මරණ 7ක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 339ක් දක්වා වර්දණය වී තිබේ

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 349 දෙනෙකු අද (04) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ 73 වන නිදහස් දිනය නිමිත්තෙන් චීන ජනපති ෂී ජින් පිං මහතා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සුබ පැතුම් පණිවිඩයක් යොමුකර තිබේ.

Read More

කටුනායක සිවිල් ගුවන් සේවා අධිකාරීයේ සේවය කරන රියැදුරුවරයෙකුට ඉකුත් 02/02 දින කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පැවසීය.

Read More

කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් කොළඹ අයි ඩී එච් රෝහලේ දැඩි සත්කාර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාලයේ මෙන්ම මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නිර්මාතෘ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වී ති​බේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 355 දෙනෙකු අද (04) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.