කටාර්හි අසරණව සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට
කටාර් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් සිටියදී, එරට හාම්පුතුන් අතින් විවිධ හිරිහැර , කරදර වලට ලක් ව, යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 273 දෙනෙකු අද (14දා) අලුයම දෝහා සිට විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙන්වා ගෙන තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.
විදේශ රැකියා සදහා ගොස් විවිධ හිරිහැර, කරදර වලට ලක් වී යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එම රටවල රැදී සිටින ශ්‍රී ලාංකිකයන් කණ්ඩායම් වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේ මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙන්වා ගෙන තිබුණි.
අද අලුයම 1.40 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන විශේෂ ගුවන් යානයෙන් මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙන්වා ගෙන තිබුණි.
මෙසේ ගෙන්වා ගත් පිරිස අතර වැඩි පිරිසක් කටාර් රාජ්‍යයේ ගෘහ සේවය සඳහා ගොස්, යළි මෙරටට පැමිණීමට නොහැකිව එරට අසරණ වී සිටි කාන්තාවෝ සිටියහ.
මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව, ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් නීරෝධායන ක්‍රියාවලිය සදහා රජයේ නීරෝධායන මධ්‍යස්ථාන වෙත විශේෂ බස් රථ මගින් රැගෙන ගොස් තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

