saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 7500 hours ago

LATEST

කතානායක මේසය මත සිටි උද්ඝෝෂකයා අත්අඩංගුවට

calendar_today 2021 ජන 09 - 07:13 remove_red_eye - 1113  

’’ඔබ මේ කලහයට සම්බන්ධ වී වොෂිංටන් ඩීසී කලාපයෙන් ඉවත්ව ගිය පමණින් ඔබට බේරීමට හැකියාවක් නැහැ. ඔබ කැපිටල් හි සාපරාධී ක්‍රියාකාරකම්වල කොටසක් බව අපට දැනගන්නට ලැබුණොත්, ඔබේ නිවසේ දොරට තට්ටු කළ හැකියි’’ යනුවෙන් වොෂිංටන් ක්ෂේත්‍ර කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ස්ටීවන් ඩී ඇන්ටූනෝ පැවසීය.

ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ RrealDonaldTrump ගිණුමේ මෑත කාලීන ට්වීට් හා ඒවා වටා ඇති සන්දර්භය සමීපව සමාලෝචනය කිරීමෙන් පසුව, ප්‍රචණ්ඩත්වය තවදුරටත් උසිගැන්වීමේ අවදානම හේතුවෙන් එම ගිණුම ස්ථිරවම අත්හිටවූ බව ට්විටර් සමාගම පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,911,000ක් පසුකර ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.

Read More

කොරෝනා වයිරසය හේතුවෙන් තවත් තිදෙනෙකු මිය ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (08) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 273ක් හඳුනාගෙ​න ඇත. ඒ අනුව අද දිනයේ හමුවී ඇති ආසාදිතයින් ගණන 524කි.

Read More

කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය ඒකකයේ වාට්ටු අංක 23හි නේවාසිකව ප්‍රථිකාර ලබමින් සිටි තරුණියක කොරෝනා ආසාදිත වීම හේතුවෙන් එම වාට්ටුව තාවකාලිකව වසා දමා ඇතැයි රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 251ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අකිලි ධනංජයට නැවතත් ජාත්‍යන්තර පිටියේ පන්දු යැවීමට අවස්ථාව හිමිව තිබේ. ඒ ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පරීක්ෂණ මගින් හෙළිව ඇති හෙයිනි.

Read More

අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 656ක් සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 40,000 ඉක්මවා ගොස් තිබේ.

Read More

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා - දකුණු කොරියානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ලෙස ඒකමතිකව තේරී පත්ව තිබේ. එහි ලේකම් ධූරය සඳහා මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාද පත්වී ඇත්තේ ඒකමතිකවය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් ජයසූරිය ශ්‍රී ලංකාව වෙනුවෙන් මින් ඉදිරියට ජාත්‍යන්තර හෝ දේශීය තරග සඳහා තේරීම්වලට එක් නොවන බව සඳහන් කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දන වැඩපිළිවෙල ශක්තිමත් කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 3 ක් වටිනා පීසීආර් පරීක්ෂණ කට්ටල පරිත්‍යාග කිරීම පිළිබඳව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දකුණු කොරියානු රජයට සිය කෘතඥතාව පළ කළේය.

Read More

කොවිඩ් 19 දෙවන රැල්ල හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබු දිවයින පුරා පිහිටි සමථ මණ්ඩල කටයුතු හෙට 09 දා සිට යලි ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි අධිකරණ අමාත්‍යාංශය පවසයි.

Read More

මහා බ්‍රිතාන්‍ය තුළ එක්දිනක් තුළ මෙතෙක් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් රෝගීන් සංඛ්‍යාව හා මරණ සංඛ්‍යාව පෙරේදා වාර්තාවීමත් සමග එරට සෞඛ්‍ය අංශ කොරෝනා වසංගතයෙන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටියි

Read More

ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සකස් කළ වීසා බලපත්‍ර උපයෝගී කර ගනිමින් ඇමෙරිකා එක්සත් ජනපදයට සහ ඉතාලිය වෙත පැන යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් තිදෙනකු 01/08 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

ගාල්ල බන්ධනාගාරයේ කොරෝනා පොකුර 43 දක්වා වැඩිවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

Read More

ලබන ජනවාරි 25 වැනිදා සිට උපකාරක පන්ති ආරම්භ කිරීමට අනුමැතිය ලබාදීමට සලකා බලන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.ඇල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී අද (08) පැවසීය.

Read More

ශ්‍රී ලාංකිකයන් සදහා කොරියානු ජනරජය තුළ රැකියා අවස්ථා වැඩි කර ගැනිම හා කොරියානු ජනරජය ශ්‍රී ලංකාව සඳහා ලබා දී ඇති රැකියා සහයෝගීතාව සක්‍රිය කර ගැනීම සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති වුන්ජින් ජියොන්ග් මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් ඉකුත් 04 වනදා විදේශ අමාත්‍යාංශයේ දි පැවැත්විණ.

Read More

සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන්ට ණය පහසුකම් ලබාදීමට පියවර ගන්නැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (07දා) උපදෙස් දුන්නේය.

Read More

ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් මෝරුපොල ප්‍රදේශයේදී ඉකුත් 3 වෙනි දින ලේ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වා ඇති අතර මෙහිදී ලේ පරිත්‍යාග කළ කිහිප දෙනෙකුම කොවිඩ් 19 ආසාදිතයින් බවට තහවුරුවී ඇති බැවින් එම රුධිර ප්‍රමාණය ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසට දැනුම් දීමට පියවර ගත් බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා පැවසීය.

Read More

කොරෝනා ආසාදිතයෙකු හදුනාගැනිමත් සමඟ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව තාවකාලිකව වසා දැමිමට තිරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය ජි.එල් පිරිස් මහතා ප්‍රකාශ කරයි.

Read More

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරට කොවිඩ් වෛරසය ආසාදනය වෙයි.

Read More

වතු කම්කරු වැටුප ජනවාරි මාසයේ සිට රුපියල් 1000දක්වා වැඩි නොකළහොත් වතු හාම්පුතුන්ට එරෙහිව පාරට බහින බවත් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව රාජ්‍ය හා පෞද්ගලික සිවිල් සංවිධාන ඒකරාශී කොට වතු හාම්පුතුන්ට එරෙහිව ප්‍රබල ජන හඩක් නගන බවත් ඒ වෙනුවෙන් දැඩි අරගලයක් කිරීමට සිය සංවිධානය තීරණය කළ බවත් පහතරට වතු කම්කරුවන්ගේ සංගමයේ සභාපති රුවන් ගාල්ලගේ මහතා අද (8) ඇල්පිටියේදී කීවේය.

Read More

ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 532 දෙනෙකු ඊයේ (07දා) හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 07 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඉතිරි පුද්ගලයින් 525 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 226 ක් ලෙසය.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත 01/08 දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ රජයේ විශේෂ අවසරය මත ශ්‍රී ලාංකික ගුවන් මගීන් 200 දෙනෙකු ගුවන් යානා 06 කින් පැමිණ තිබූ අතර , තවත් ශ්‍රී ලාංකික ගුවන් මගීන් 538 දෙනෙකු ගුවන් යානා 07 කින් පිටත්ව ගොස් තිබූ බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.

Read More

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුව ඇති රිය අනතුරක් හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන තදබදයක් නිර්මාණය වී තිබේ.

Read More

දිවයිනේ ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවු තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මෙම එන්නත හදිසි භාවිතය සඳහා කරන ලද ඉල්ලීමක කොටසක් ලෙස සවිස්තර ප්‍රතිඵල විස්තරය එරට සෞඛ්‍ය නියාමන ආයතනය වෙත ඉදිරිපත් කරන බව, සීනොවැක් හි එරට පර්යේෂණ හා නිෂ්පාදන සහකරු වන බ්‍රසීලියානු ජෛව වෛද්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ඩීමස් කෝවාස් පැවසීය.

Read More

පළමු අදියරේදී මිලියන 20ක සෞඛ්‍ය සේවා සහ ඉදිරිපෙළ සේවකයන් එන්නත් කිරීමටත්, වයස 50ට වැඩි මිලියන 270ක ජනතාවටත්, දෙවැනි අදියරේදී සහසම්බන්ධතා ඇති පුද්ගලයින්ටත් එන්නත් කිරීමට ඉන්දියාව සැලසුම් කර තිබේ.

Read More

දකුණු පළාතෙන් ඊයේ (07) දින නව කොවිඩ් ආසාදිත රෝගින් 26 දෙනෙකු හමුවිමත් සමග දකුණු පළාතෙන් වාර්තාවන කොවිඩ් ආසාදිත රෝගින් සංඛ්‍යාව 1252 ක දක්වා ඉහළ ගොස් ඇති බැව් දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් සම්බන්ධිකරණ කාර්යාලයේ සම්බන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.