saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 7139 hours ago

LATEST

ආක්ෂේ කුමාර්ටත් කොවිඩ්

calendar_today 2021 අප්‍රේ 04 - 15:21 remove_red_eye - 288  

ඉන්දීය සුපිරි නළු ආක්ෂේ කුමාර්ට කොවිඩ් 19 ආසාදනය වී තිබේ. ඒ අනුව තමන් හා සම්බන්ධ වූ සියලු දෙනාම පරීක්ෂා කර ගන්නා ලෙස ඔහු සඳහන් කරයි.

මාර්තු මාසයේදී පමණක් ආණ්ඩුව රුපියල් කෝටි 4000ක මුදලක් අච්චු ගසා ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

දැනට ලංකාවේ පොලිස් ස්ථාන 494 තිබෙන බවත් බියෙන් සැකෙන් තොර සමාජයක් බිහි කිරීම සඳහා නව පොලිස් ස්ථාන 190 ක් ස්ථාපිත කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පැවැසීය.

Read More

දැන් අපිට සමහර වෙලාවට ලැජ්ජත් හිතෙනවා අපේ හිටපු ජනපතිතුමා ඡන්දේ ඉල්ලනවා කියලා කථාවක් යනවා. මම අහන්න කැමතියි ඇඳුම් ඇඳගෙනද මේ කථාව කියන්නේ. මිනිස්සුන්ගේ මරණ ගැන දැන දැනත් තමන්ගේ යුතුකම් අමතක කරලා පිටරටට ගිය ජනාධිපතිතුමා කොහොමද ඡන්දේ ඉල්ලන්නේ ආයෙත් සැරයක්. කොහොමද පක්ෂයක නායකයෙක් වෙන්නේ. එතුමාට විරුද්ධව ගන්න තියෙන ක්‍රියාමාර්ග නීතිමය වශයෙන් ගන්න තවදුරටත් පරක්කු කරන්න ඕන නෑ.

Read More

ඊයේ දවසේ අපි ගිගාවෝට් පැය 45කට වැඩිය ජනනය කළා. මෙයින් ගිගාවෝට් පැය පහලොවක් පමණ ජනනය වුනේ ඩීසල් සහ දැවිතෙල් මත. මේ ගිගාවෝට් පැය 15 ද්‍රව ඉන්දන වලින් ජනනය කිරීමෙන් පසුව අපි පරිසරයට එකතු කරපු කාබන් ඩයෝක්සයිඩ් ප්‍රමාණය ඊයේ විතරක් කිලෝ මිලියන 13යි. කිලෝ මිලියන 13ක් කියන්නේ ටොන් 13000ක්. මෙය කොයි තරම් බරක්ද?

Read More

හොරණ ප්‍රදේශයේ කුලී පදනම මත නිවසක් ලබාගෙන කේරල ගංජා ජාවාරමේ යෙදුණු පුද්ගලයෙක් රුපියල් ලක්ෂ හතරකට අධික වටිනා කේරල ගංජා තොගයක් සමග හොරණ බැල්ලපිටිය ප්‍රදේශයේ දී ඊයේ අත්අඩංගුවට ගත් බව හොරණ පොලිසිය කියයි

Read More

මොනරාගල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනයවී ඇතැයි මොනරාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී තිලිණ වෙල්ලාලගේ මහතා පැවසීය.

Read More

කොවිඩ් මර්දනය සදහා රජය මගින් ලබාදෙන ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 60 ට ඉක්මවූ වැඩිහිටියන්ගේ සහභාගිත්වය ඉතා අවම මට්ටමක පවතින බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය සදහන් කරයි.

Read More

නෙලාගත් අස්වැන්නෙහි නොඉඳුල් කොටස සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කෙරෙන වාර්ෂික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරුවේ ‍අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී පැවැත්විණ.

Read More

පාර්ලිමේන්තු රැස්වීම් හෙට (05) පෙරවරු 10.00 ට ඇරඹීමෙන් පසු හෙට පස්වරු 4.00 දක්වා සම්පූර්ණ දිනයම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ වාචික ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇත.

Read More

ධාවනය වූ ලොරි රථයක් මාර්ගය අයිනේ නවතා තිබූ යතුරුපැදියක ගැටී එම යතුරුපැදියේ සිටි පොලිස් සැරයන්වරයෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමේදී මියගොස් ඇත.

Read More

පාස්කු ඉරිදා දේව මෙහෙය රට පුරා දැඩි ආරක්ෂක රැකවල් ඔස්සේ පවත්වනු ලැබීය. ත්‍රිවිධ හමුදාව හා පොලීසිය එක්ව ආරක්ෂක විධි විධාන තර කර තිබුණි.

Read More

පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලා වාර්තා කිරීමට පත්කළ ජනපති කොමිෂන් සභාවේ වාර්තාව අධ්‍යනය කිරීම සඳහා පත්කළ කමිටුවේ වාර්තාව හෙට (05දා) ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාර දෙන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

බලපත්‍ර නොමැතිව පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කළ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබේ.

Read More

දුන්ගල්පිටිය කැපුන්ගොඩ ශාන්ත අන්තෝනි දේවස්ථානයට උල් පිහි දෙකක් රැගෙන ඇතුළු වීමට තැත් කළ පුද්ගලයෙකු 1 වෙනි දින සවස අත්අඩංගුවට ගත් බව දුන්ගල්පිටිය පොලිසිය කියයි.

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 268 දෙනෙකුගෙන් යුතු පිරිසක් , එරට හාම්පුතුන් අතින් විවිධ හිරිහැර කරදර වලට ලක් වී , යළිත් මෙරටට පැමිණීමට නොහැකිව එරට රැදී සිටියදී , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මගින් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More
අද කාලගුණය
4 04 2021 08:00:00
0 133

අද (04) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ලොව වේගවත්ම එන්නත්කරණ වැඩසටහනක් මේ වනවිට චීනය තුළ ක්‍රියාත්මක වන අතර, ලෝකයේ සෙසු කලාපයන්හිද වෛරසය පාලනය සඳහා සිය දායකත්වය දක්වන අතරම, චීනය රට තුළ ප්‍රතිශක්තීකරණය ඉහළ නංවා ගැනීමට කටයුතු කරමින් සිටියි.

Read More

මුඛ ආවරණ හෝ සමාජ දුරස්ථ නීති නොසලකා හරිමින් 10,000කට අධික පිරිසක් ස්ටුට්ගාර්ට්හි වීදි බැස ඇති බව පොලිසිය පවසයි. එමෙන්ම මාධ්‍යවේදියෙකුට විරෝධතාකරුවෙකු විසින් පහර දුන් බවට සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටින බව පොලීසිය පවසයි.

Read More

මේ වනවිට එන්නත සෘජුවම මෙම තත්ත්වයට හේතුවී ඇතිද යන්න තහවුරු කරගෙන නැතත්, මෙවැනි සිද්ධීන් රටවල් කිහිපයකින්ම වාර්තාවීමත් සමග ඇතැම් රටවල් වයස අවුරුදු 60ට ඉහළ අයට පමණක් එන්නත නියම කර තිබේ. තවත් රටවල් කිහිපයක් තවදුරටත් පරීක්ෂණ සිදුකරන තුරු එන්නත තාවකාලිකව අත්හිටුවා ඇත.

Read More

තායිවානයේ උමං දුම්රිය මාර්ගයක් තුළ දුම්රියක් පීළි පැනීමකට ලක්ව සිදුවූ අනතුරේ මරණ සංඛ්‍යාව 51ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ජෝර්ජියාව සිය පළමු එන්නත් තොගය COVAX පහසුකම යටතේ ලබා ගැනීමෙන් පසු මාර්තු 15 වැනි දින රටපුරා එන්නත් කිරීමේ ව්‍යාපාරයක් දියත් කළේය.

Read More

වසංගතයේ තවත් රැල්ලක් ඉන්දියාවේ විශාල වන බැවින් පසුගිය දින කිහිපය තුළ දෛනික සක්‍රීය රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවද එරට සෞඛ්‍ය අංශ පවසයි.

Read More

ජනාධිපතිවරයා කොවිඩ්-19 සඳහා එන්නත් මාත්‍රා ද්විත්වයම ලබාගෙන ඇති පුද්ගලයෙකු ලෙස වෛරසයට ගොදුරුවීම වඩාත් කතාබහට ලක්වන පුවතක් වී තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 130,108,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.

Read More

පාස්කු ප්‍රහාරය වැනි ඛේදාන්තයන්ට කවර හෝ අවස්ථාවක් නොලැබෙන පරිදි ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට රජය වගවී සිටින බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

පෑලියගොඩ පොකුරට සම්බන්ධව ආසාදිතයන් 30ක් හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව ආසාදිතයන් 7ක් ලෙස කොවිඩ් ආසාදිතයන් 37ක් වාර්තා වී තිබේ.

Read More

වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේදි පිහිටි සහල් මෝලක සේවය කරන දෙදෙනෙකු අද 93) සෙවනපිටිය ප්‍රදේශයේදි ඉසෙඩි.ඩි මහවැලි ඇලේ දිය නෑමට ගිය අවස්ථාවේදි අතුරුදහන් වි ඇතැයි වැලිකන්ද පොලීසිය පවසයි.

Read More

අද දිනයේදී තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී වාර්තා වන මරණ සංඛ්‍යාව 8ක් දක්වා වර්ධනය විය. මේ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 579ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

අලුතින් හදිසි මරණ පරීක්ෂක (මුස්ලිම්) තනතුරක් ඇති කිරීමට සුදානමක් පවතින බවට ගෙන යන ප්‍රචාරයේ කිසිදු සත්‍යතාවයක් නොමැති අතර ඒ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශය විසින් කිසිදු තීරණයක් ගෙන නොමැති බවද එම නිවේදනයේ දැක්වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.