saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 7062 hours ago

LATEST

තවත් කොවිඩ් මරණ 5ක්

calendar_today 2021 අප්‍රේ 21 - 21:59 remove_red_eye - 646  

සෙවණගල 75 හැවැරිදි පිරිමි පුද්ගලයෙක්, ජා ඇල පදිංචි අවුරුදු 80ක පිරිමි පුද්ගලයෙක්, කැළණිය පදිංචි අවුරුදු 57ක පිරිමි පුද්ගලයෙක්, රත්නපුර පදිංචි අවුරුදු 66ක පිරිමි පුද්ගලයෙක්, ගම්පහ පදිංචි අවුරුදු 39 ක පිරිමි පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

කුරුණෑගල,ගනේවත්ත තිත්තවැල්ගල ග්‍රාම නිලධාරී වසම වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.

Read More

කොවිඩ් වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 155 දෙනෙකු අද දිනයේ මේ වනවිට හඳුනාගෙන තිබේ.

Read More

දික්ඔය දිස්ත්‍රික් මුලීක රෝහලේ සේවය කරන හෙදියකට හා ඇයගේ පුතුන් දෙදෙනාට කොවිඩ් ආසාදනයවි ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශයේ නිලධාරියකු පවසන ලදි.

Read More

කොවිඩ් එන්නත ලබා ගැනිමෙන් පසු එ පිළිබදව සංකුලතා ඇති වුවහොත් 011 3415985 අංකයට දැනුම් දිය හැකි බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය

Read More

දෛනිකව සිදුකරනු ලබන PCR පරීක්ෂණ ගණන 15,000ක් දක්වා ඉහළ දැමීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.

Read More

කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශය තුළ ස්ථාන හතරකින් කොරෝනා ආසාදිතයින් විසි දෙදෙනෙකු (21) දා වාර්තා වූ බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

Read More

දිවුලපිටිය සහ රාගම බටුවත්ත ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සව දෙකකින් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 38 දෙනෙකු අද (21දා) සොයාගෙන ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය.

Read More

අද දින මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 361 දෙනෙක් හඳුනාගෙන ඇති බව හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින බංග්ලාදේශ කණ්ඩායම කඩුලු දෙකකට ලකුණු 302ක් රැස්කරගෙන සිටියි.

Read More

“මහජන සේවා සැපයෙන රාජ්‍ය ආයතනවලින් ජනතාව අපේක්ෂා කරන කාර්යය ඉටු කර ගැනීමට නොහැකිය” යන චෝදනාවට තිත තැබිය යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි

Read More

දැඩි සත්කාර ඒකක වල ඇදන් ධාරිතාවය වැඩි කිරීම, කොවිඩ් රෝගීන්ට අවශ්‍ය (high floor) හයි ෆ්ලෝ ඔක්සිජන් ලබා දීම.

Read More

රට තුළ නව කොවිඩ් වෛරසයක් පැතිරෙන බවත්, එම වෛරසය තරුණයන් අතර විශාල ලෙස පැතිරෙන බවත්, ඒ පිළිබඳව සුවිශේෂී පර්යේෂණයක් සිදු කෙරෙන බවත්, සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශයක් මූලික කරගනිමින් විශාල ආන්දෝලනයක් ඇතිව තිබෙන බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි

Read More

නෙදර්ලන්තයේ සිට චීනය බලා යාත්‍රා කරමින් තිබූ ජර්මනියට අයත් නෞකාවක (BBC NAPLES) ඇති වූ යාන්ත්‍රික දෝෂයක් නිසා එය 2021-04-20 වන දින රාත්‍රි 9.00 ට පමණ අළුත්වැඩියාවක් කිරීම සදහා හම්බන්තොට වරායට ඇතුල් වී ඇත.

Read More

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන පෙත්සම් විභාග කිරීම හෙට (22) උදෑසන 9.30 දක්වා කල්තබා තිබේ.

Read More

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් නව ආසාදිතයින් 11ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද පෙරවරු 6.00 වන විට (21) වන විට 8058 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 121 දෙනෙකු පුර්ණ සුවය ලබා ඇති බව ‌ෙ සෟඛ්‍ය අංශ පෙන්වා දෙයි.

Read More

කූඨ ලෙස සකස් කළ ගුවන් ගමන් බලපත්‍රයක් සහ ඉතාලි වීසා බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ඔස්සේ ඉතාලිය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණියක අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

පරමාණු ද්‍රව්‍ය රැගත් නැවක් හම්බන්තොට වරායට ඇතුළු වී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වී ඇති බවත් එහි සත්‍යතාවක් ඇති බවට හැගී යන්නේ යැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

Read More

කොළඹ බන්ධනාගාර පරිශ්‍රය තුල හා ඉන් පිටත සිදුවන අක්‍රමිකතා පිළිබදව සොයාබැලිම සඳහා ආරක්ෂිත කැමරා CCTVපද්ධතියක් සවිකිරිමට තිරණය කර තිබේ.

Read More

හිටපු රහස් පොලීසියේ අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු තවත් දෙදෙනෙකු මැයි 5 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More

පසුගිය රජය විසින් සිදුකල සාපරාධී නොසලකා හැරීම් හා මග හැරීම් සහ ජාතික ආරක්ෂාව සහ තමන්ගේ දේශපාලන කටයුතු පටලවා ගැනීමෙන් අවසානයේ වන්දි ගෙවීමට සිදුවනේ අහිංසක ජනතාවට. අදත් එම ප්‍රහාරයට වගකිව යුතු කොට්ඨාශ විවිධ බොරු සමාජ ගත කරමින්, විමර්ශණවලට බලපෑම් කරමින් සමාජ අවධානය වෙනත් දිසාවකට යොමු කිරීමට කටයුතු කරමින් සිටිනවා.

Read More

අත්අඩංගුවට ගත් පුද්ගලයන් එකම පවුලේ පිය පුතු සහ බෑනා බවද පොලිසිය කියයි . පහරදීම සිදුකිරීමෙන් පසු සැකකරුවන් එම ප්‍රදේශයෙන් පලා ගොස් තිබූ අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසියට දැඩි උත්සාහයක් දැරීමට සිදුවිය.

Read More

හැටන් දික්ඔය මුලික රෝහලේ හෙදියකට සහ ඇයගේ අවු 12 වයසැති පුතාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට සිදු කල ඇන්ටිජන් පරික්ෂාවක් අනුව තහවුරු වු බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍යය අංශ පැවසිය.

Read More

ගෙවුණු දින 08 තුල රිය අනතුරු වලින් පුද්ගල මරණ 76ක් වාර්තා වී තිබෙනවා.

Read More

පාස්කු ප්‍රහාරය පසුපස දේශපාලන වුවමනාවන් පැවැති බවත් එම ප්‍රහාරය පිළිබඳව වත්මන් රජයත් පැවැති රජයත් අනුගමනය කරන ලිස්සා යන සුළු ක්‍රියාදාමය පිළිබඳව කනගාටුවන බවත් කොළඹ අඟරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ සඳහන් කරති.

Read More

බදුල්ල මහ රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රසන්නන රත්නායක මහතාට විරෝධය දක්වමින් රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ බදුල්ල ශාඛාව කැඳවා තිබූ වෛද්‍ය වැඩවර්ජනයකට සියළු වෛද්‍යවරු සහබාගිවීම නිසා අද (21) බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර සේවා හැර අනෙක් සියළු ‌ෙවෙද්‍ය සේවා මුළු මනින්ම නතරවිය .

Read More

ආණ්ඩු පක්ෂය හා විපක්ෂය අතර සිදුවූ උණුසුම් වචන හුවමාරුවත් සමග තත්ත්වය පාලනය කිරීමට කථානායක මහින්ද යාප අබේවර්ධන මහතා පාර්ලිමේන්තුව විනාඩි 10කට අත්හිටුවීය.

Read More

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පල්ලෙකැලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා පන්දුවට පහරදෙමින් සිටින බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 27 කදී එක් කඩුල්ලක් දැවී ලකුණු 106ක් රැස්කරගෙන සිටියි.

Read More

වවුනියාව, ඕමන්ත යුද හමුදා මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි හමුදා සාමාජිකයින් දෙදෙනෙකු අනතුරට පත් කර පලාගොස් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.