saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 7041 hours ago

LATEST

කටුනායක ගුවන්තොටුපළ නරඹන්නන්ට වැසේ

calendar_today 2021 අප්‍රේ 25 - 17:56 remove_red_eye - 271  

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පිටත්වීමේ සහ පැමිණීමේ ආලින්දයන් අද දින දහවල් 12.00 සිට නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

156කට සුවයි
25 04 2021 17:13:00
0 149

කොවිඩ් -19 වෛසරය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 156 දෙනෙකු අද දිනයේ පිටවගොස් තිබේ.

Read More

අද (25) සිට ඉදිරි දෙසතිය ඇතුළත පැවැත්වීමට සංවිධාන කර තිබූ සියලු රාජ්‍ය උත්සව නතර කිරීමට රජය තීරණය කරයි.

Read More

පැය 24ක් තුළ මාතලේ දිස්ත්‍රිකයෙන් කොවිඩ් ආසාදිතයින් 60ක් වාර්තා වී ඇති බව මාතලේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය චමින්ද වීරකොන් මහතා පැවසීය.

Read More

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තාවකාලිකව වාසා දැමීමට පියවර ගෙන ඇත.

Read More

ශ්‍රී ලංකා - බංගලාදේශ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩාංගණ සහායකයන් වශයෙන් සහභාගි වූ 60 දෙනෙකුගෙන් යුත් පිරිස පළමු ටෙස්ට් තරඟය නිමා වුවත් ක්‍රීඩාංගණයෙන් මුදා නොහරින බව පල්ලෙකැලේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාංගන භාර කළමනාකාර ජානක පතිරණ මහතා පැවසීය.

Read More

ඒ අතර එකම පවුලේ සහෝදර සහෝදරියන් දාහතර දෙනකු ද වන බව පැවසේ.

Read More

වව්නියාව දිස්ත්‍රීක්කයේ නැවත කොරෝනා ව්‍යාප්තියේ අවධානමක් ඇති බවටත් නව කොරෝනා වෛරසය ආසාදිතයින් 12 දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇතැයි වව්නියාව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.

Read More

ගත වූ පැය 24 තුළ රිය අනතුරු වලින් පුද්ගලයින් 08 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More

පොලොන්නරුව සෞඛ්‍ය සේවා බල ප්‍රදෙශයේ අද (25) වන විට දින 14ක් ඇතුළත වෛද්‍යවරියකගේ පවුලේ අය සමග කොවිඩ් ආසාදිත රෝගින් 33 දෙනෙකු හමු වී ඇති බවත් අද (25දා) උදැසන හිගුරක්ගොඩ රෝහලේ නේවාසික ප්‍රතිකාර ගැනිමින් සිටි රෝගියෙකු මියගිය පසු කොවිඩ් රෝගියෙකු බව හදුනා ගත් බවත් විශේඥ වෛද්‍ය ඩබ්.කේ.ඩබ්. එස්. කුමාරවංශ මහතා පවසයි.

Read More

සංවිධානාත්මක අපරාධකරුවෙක් හා පාතාල නායකයෙක් වන දෙමටගොඩ චමින්ද නමැත්තාගේ මස්සිනා රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා හොරයින් මත්කුඩු සමග මට්ටක්කුලිය සමිත්පුර නිවසේදී අද (25දා) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

Read More

නිරෝධායන නීති උල්ලංඝණය කරමින් මගීන් රැගෙන යන බස් රථ සොයා වැටලීම් ආරම්භ කර ඇතැයි, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

Read More

කොවිඩ් රෝගින් සඳහා ප්‍රතිකාර කරන ලග්ගල ප්‍රාදේශීය රෝහලේ කාන්තා සහ දරුවන් ප්‍රතිකාර ලබන වාට්ටුවේ ඇදන් අද (25දා) වන විට පිරි ඇති බව මාතලේ දිස්ත්‍රික් කොරොනා මර්දන කමිටු රැස්විමේදි අනාවරණය විය.

Read More

යාපනය වැල්වැටිතුරෙයි පොලිස් වසමේ පොලිකණ්ඩි ගෙවත්තක වලදමා තිබූ හඳුනානොගත් බෝම්බ ඇතුලු බිම්බෝම්බ තොගයක් අද (25) දිනයේදී නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන ඇතැයි යාපනය පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

Read More

පාර්ලිමේන්තුව පිහිටි දියවන්නා ඔය අවට පැතිරෙමින් පවතින ජලය දුර්වර්ණ වී අවපැහැ ගැන්වීම Algae Bloom නැතහොත් ඇල්ගී අසාමාන්‍ය ලෙස වර්ධනය වීමක් නිසා ඇතිවන්නක් බව තහවුරු වී තිබේ.

Read More

කොවිඩ් 19 වසංගත උවදුරට අවසන් විසඳුම එන්නත්කරණය පමණි. ජනතාවට එන්නත ලබාදීම සඳහා සැකසූ විධිමත් වැඩපිළිවෙළක් රජය සතුව තිබේ. අභියෝගය සාර්ථකව ජය ගැනීමට නම් කොවිඩ් වසංගතය පැතිර ගිය පළමු වටයේ දී කලාක් මෙන්, සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කර ඇති සියලු නීති රීති හා උපදෙස් ජනතාව අකුරටම පිළිපැදිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

Read More

මොනරාගල සෞඛ්‍ය සේවා බල ප්‍රදේශයෙන් ඊයේ (24) උදෑසන වන විට කොවිඩ් 19 රෝගීන් 70 දෙනෙකු හමුවී ඇතැයි මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය තුසිත අත්තනායක මහතා පැවසීය.

Read More

පාර්ලිමේන්තුවේ දී පසුගිය 21වන දින ඇතිවූ ගැටුම්කාරී සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ කමිටුව ලබන බදාදා (28) පළමුවරට රැස්වීමට නියමිතව තිබේ.

Read More

හැටන් නගරයේ පිහිටි ප්‍රධාන දමිල පාසලක ගුරුවරියකට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (24) දින රාත්‍රියේ තහවුරු වු බව කොටගල මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා පැවසිය

Read More

කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශයෙන් වාර්තා වී තිබූ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් එකසිය දොළොස් දෙනෙකු ඉලක්ක කරගනිමින් සිදුකළ පී.සී.ආර් පරීක් ෂණයේදී රෝගීන් හැට පස්දෙනෙකු ඊයේ (24 දා) වාර්තා වූ බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය පැවසුවාය .

Read More

අලුත් අවුරුදු සමයේ දී, කහතුඩුව සුමන මාවත ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයක් පැවැති නිවෙසකින් කොරෝනා ආසාදිතයකු වාර්තා වීම නිසා සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයේදී , එම නිවෙසට ආ ගිය බව කියන ආසාදිතයාගේ මිතුරන් දොළොස් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබූ බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක පත්මරාජ මහතා පැවසීය.

Read More

මුහුණු ආවරණ නොපැළඳීම සහ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 19 දෙනෙකු ඊයේ (24) දිනය තුළදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

ලෝකයේ එන්නත්කරණය වේගවත්ව සිදුකළ රටවල් අතර ඉදිරියෙන්ම සිටින රටක් ලෙස ඊශ්‍රායලය සැලකෙන අතර, ඔවුන් සිය ජනතාවට එන්නත් ලබාදීම සඳහා වඩාත් කාර්යක්ෂම හා ඵලදායී වැඩපිළිවෙළක් ඉතා දූරදර්ශීව ඉටුකළ රාජ්‍යයක් බවට පත්ව ඇත්තේ ඊශ්‍රායලයේ පාලකයන් හා රජයද ජනතා පැසසුමට ලක්වෙමිනි.

Read More

දේශීය වේලාවෙන් අලුයම 3.00ට මතුපිට හා දිය යට ඉලක්කගත ටෝර්පිඩෝ වෙඩි තැබීමට කිමිදුම් අවසරය ඉල්ලා සිටීමෙන් පසුව එහි සම්බන්ධතා ඇණහිටි බව සඳහන් වේ.

Read More

චීනයේ පමණක් කොවිඩ්-19 මර්දන එන්නත් වර්ග 50කට ආසන්න සංඛ්‍යාවක් සහ ලොව පුරා 200කට වැඩි ප්‍රමාණයක් සංවර්ධනය වෙමින් පවතින අතර, වසංගත වැළැක්වීම සහ පාලනය කිරීම සඳහා කුමන ආකාරයේ එන්නතක් වඩා ප්‍රයෝජනවත්ද යන්න සොයා බැලීම වැදගත් කාරණයක් බව චීනයේ විශේෂඥයන් පවසයි.

Read More

’’රෝග ලක්ෂණ තිබුණත්, පීසීආර් පරීක්ෂණයක් කළත්, ප්‍රතිඵලය ලැබෙන තුරු නොසිට, නිරෝධායනයකින් තොරව ඔහු සිය සාමාන්‍ය ජීවිතය පවත්වාගෙන ගොස් තිබෙනවා’’ යනුවෙන් පොලීසිය පවසයි.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 642ක් දක්වා වර්ධනය වී තිබේ. මෙසේ ජීවිතක්ෂට පත්වූවන් අතර විදේශීය ජාතිකයන් දෙදෙනෙකුද වෙයි.

Read More

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව, උතුරු-මැද සහ වයඹ පළාත්වල තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

’’මේ ඛේදවාචකය සිදුවුණේ සිකුරාදා රාත්‍රියේ. අප සතුව තිබූ සියල්ලු ඔක්සිජන් අවසන් වී තිබුණා. නියමිත වේලාවට ඔක්සිජන් සපයා තිබුණේ නැහැ. එය සවස 5.00ට පැමිණිය යුතු නමුත්, ඔක්සිජන් පැමිණෙන විට මධ්‍යම රාත්‍රිය පමණ වුණා. මේ වනවිටත් බරපතළ ලෙස රෝගාතුර වූ පුද්ගලයන්ට ඔක්සිජන් අවශ්‍යව තිබුණා’’ බලූජා පැවසීය.

Read More

ඉන්දියාවේ දැනට වාර්තා වන දෛනික කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව ඔබ පුදුමකරවන අගයක් වුවත්, ඉන් පෙන්නුම් කෙරෙන්නේ වෛරස ව්‍යාප්තියේ සැබෑ ප්‍රමාණයෙන් ඉතා සුළු කොටසක නියෝජනයක් පමණක් බව වසංගත රෝග පිළිබඳ විශේෂඥයන් අනතුරු අඟවයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.