saravita-anim2

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා

Latest News - timelapse 7035 hours ago

LATEST

ඉන්දියාවෙන් ඩොලර් මිලියන 100ක ණයක්

calendar_today 2021 ජුනි 16 - 12:45 remove_red_eye - 547  

ශ්‍රී ලංකාවේ සූර්ය බලශක්ති උත්පාදනය වැඩි කිරීම සඳහා ඉන්දියාව ඩොලර් මිලියන 100ක ණයක් ලබාදී තිබේ. මේ සඳහා වන ගිවිසුමට අද (16දා) අත්සන් තබා තිබේ.

ගෙවුණු දිනයේ (15) මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 2,334 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ් – 19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා එහි නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදී තිබේ.

Read More

එක්දින හා පන්දුවාර විස්සයි20 ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා එංගලන්තය බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු පුහුණු තරගය අද (16දා) පැවැත්වේ. ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයින් අතර පැවැත්වෙන මෙම පුහුණු තරගය පන්දුවාර 50 තරගයක් ලෙසින් පැවැත්වේ.

Read More

යාපනය කයිට්ස් උර්කාවත්තුරෙයි මුහුදු තීරයට මිය ගිය විශාල තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති බවට ධීවරයින් පවසයි.

Read More

බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

Read More

දත්තවලට අනුව කොවිඩ්-19 වෛරසය එක්සත් ජනපදයේ ප්‍රාන්තවල ආරම්භක උණුසුම් ස්ථාන මෙන්ම, රට තුළට පිටස්තරව වෛරසය ඇතුළු වූ ස්ථාන ලෙස සලකනු ලැබූ ප්‍රදේශවලට වඩා බෙහෙවින් දුරස්ව හමුවීමද සැලකිය යුතු තත්ත්වයක් බව මෙම නවතම අධ්‍යයනය පෙන්වා දෙයි.

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා අද (16දා) දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට අභියාචනාධිකරණය කටයුතු කළේය.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කය තුලින් අද දින උදැසන වන විට ලැබි ඇති වාර්ථා මත අලුතින් කොවිඩ් ආසාදිතයන් 123 දෙනකු හදුනා ගැනිමත් සමග මෙම දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිතයන් ගණන 5960 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

Read More

කුවේට් රාජ්‍යය විසින් ශ්‍රී ලංකාව වෙත සෞඛ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කර ඇති අතර , ඒවා අද දින අලුයම ගුවන් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .

Read More

ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ. ජූලි කොරියානු සම්භවයක් ඇති කාන්තාවක් වන අතර ඇය ඇමෙරිකාවේ විවිධ තනතුරු දරා තිබේ.

Read More

වි අලෙවි මණ්ඩලයට අයත මිතොටමුල්ල ගබඩාවේ තිබු යන්ත්‍රයක් සොරා ගැනිමේ සිද්ධියකට කොළොන්නාව නගර සභාවේ නාගරික මන්ත්‍රීවරු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඩිලිවරි සේවා පවත්වාගෙන යාම සඳහා නිකුත් කර ඇති බලපත්‍රවල වලංගු කාලය ලබන 21 වනදා දක්වා දීර්ඝ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරයි.

Read More

නීරෝධායන නීතිය උල්ලංඝනය කිරිම හේතුවෙන් ගතවු පැය 24ක් තුළදි පුද්ගලයින් 1411 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේය.

Read More

ඉන්ධන මිල ඉහල දැමීම සම්බන්ධයෙන් තනි අයෙකුට ඉල්ලා අස්වන ලෙස නිවේදන නිකුත් කිරීම අනුමත කළ නොහැකි දෙයක් බවත් ඉන්ධන මිල ඉහල යාම ආණ්ඩුවේ සාමූහික වගකීමක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති හා ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජයලාල් මහතා පැවසීය.

Read More

එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් අධිකරණ නියෝග නොසලකා කටයුතු කරන්නේ නම් ඔවුන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරිමේ චෝදනාව යටතේ පියවර ගැනීමේ හැකියාව විමර්ශන නිලධාරින් සතුව ඇතැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය අද (15) පෙන්වා දුන්නා ය.

Read More

වීරකැටිය විතාරන්දෙණිය මල්බෙරිගම ප්‍රදේශයේදී අද (15) දහවල් එක් දරු පියෙකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි වීරකැටිය පොලීසිය කියයි.

Read More

ප්‍රංශයේ ජීවත් වන මුස්ලිම්වරු එරට සාමාන්‍ය සමාජ ආර්ථික තත්ත්වයට වඩා අඩු මට්ටමක සිටිති. ඔවුන් බොහෝවිට බස් රියදුරන් හෝ මුදල් අයකැමි වැනි රැකියාවන් කිරීමට වැඩි ඉඩක් පවතින අතර, ඔවුන් මහජනයා සමග සමීප සම්බන්ධතා ඇති රැකියාවන් මෙන්ම, පවුල් කිහිපයක් එකට ජීවත් වන කුටුම්භවල ජීවත් වීමත් මෙසේ වැඩි වශයෙන් ආසාදනයට ලක්වීමට හේතුව බව විශ්වාස කෙරේ.

Read More

අද දින තවත් කොවිඩ් මරණ 55ක් තහවුරු කර තිබේ. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 2,315කි.

Read More

ඉන්ධන මිල වැඩි වීම හේතුවෙන් බස් ගාස්තු ද වැඩි විය නොහැකි බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.

Read More

අද දින තවත් කොරෝනා ආසාදිතයින් 432 ක් හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.

Read More

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක පුද්ගලයින් සඳහා පිලිපීනය පනවා ඇති සංචාරක තහනම තවදුරටත් දීර්ඝ කර තිබේ.

Read More

කොරෝනා ආසාදිතව මිය ගිය පුද්ගලයන් 605 දෙනෙකුගේ සිරුරු මේ වන විට භූමදානය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කර සිටියි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,843 දෙනෙකු අද (15) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල්, ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

2019 වසරේදී රුපියල් බිලියන 97ක්ව පැවැති විදුලි බල මණ්ඩලයේ ශුද්ධ අලාභයි රුපියල් බිලියන 56ක් දක්වා පහළ දැමීමට 2020 වසර තුළදී හැකිවූ බවත් අමාත්‍යාංශය පවසයි.

Read More

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම් වල දී ජනතා හඬට කන් නොදුනහොත් එය බරපතළ ප්‍රතිඵල අත්විය හැකි තත්ත්වයක් බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

වව්නියාව තානායමේ කලමණාකරු ඇතුලු සේවකයින් දෙදෙනෙකුට පහර දී තර්ජනය කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් වව්නියාව නගරසභා සභාපති රාසලිංගම් ගෞතමන් අද (15) දින ඇම මත මුදහල බවට වව්නියාව පොලීසිය පවසයි.

Read More

“මිල ස්ථායිකරණ අරමුදල පිහිටුවනවා කිව්වට එහෙම අරමුදල් පිහිටෙව්වේ නෑ. මාර්තු මාසයේදී කොවිඩ් වසංගතය ඉහළ යෑම නිසා ආනයන මත තිබෙන බදු වලින් තෙල් මිල පාලනය කර ගන්න සිදුවුණා. 2021 මාර්තු මාසයේදී මිල ස්ථායිකරණ අරමුදලක් පිහිටුවීමට අදාළව කටයුතු කළා.”

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ රෝගීන් 2014 දෙනෙකු අද (15) දිනයේ පිටවගොස් තිබේ.

Read More

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් ඊයේ (14) ගෙවුණු පැය 24 කාලය නව ආසාදිතයින් 316 ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 23,178 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වාර්තා සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.