saravita-anim2

2026 අප්‍රේල් මස 23 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 23 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 7199 hours ago

LATEST

රෝහල්ගතව සිටි බිල් ක්ලින්ටන් සුව අතට

calendar_today 2021 ඔක් 16 - 10:15 remove_red_eye - 182  

1993 සිට 2001 දක්වා එක්සත් ජනපදයට නායකත්වය දුන් 75 හැවිරිදි ක්ලින්ටන් අඟහරුවාදා සවස ලොස් ඇන්ජලීස් නුවර රෝහලක් වෙත ඇතුළත් කරනු ලැබීය.

ඊයේ (15) වෙනවිට සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙක ම ලබාගත් පිරිස කෝටිය සම්පූර්ණ කළ බව, රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසා සිටියි.

Read More

පිහි ඇනුමකින් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

Read More

හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහිකිරීමට පක්ෂ, පාට නොබලා සියලූ දෙනා එකට එකතු විය යුතු බවට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

Read More

අද සිට 31 වැනිදා දක්වා ක‍්‍රියාත්මක කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙම මස 31 වැනිදා දක්වා බලපැවැත්වේ.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුව ආරම්භයේ සිට 2020 ජනවාරි දක්වා මුද්‍රණය කර තිබූ මුළු මුදල රු. බිලියන 74.74 ක් හෙවත් කෝටි 7474 කි. 2021 ඔක්තෝබර් 15 (ඊයේ) වන විට අච්චු ගසා ඇති මුළු මුදල රු. බිලියන 1,469.84 කි.

Read More

යම් වෘත්තීය සමිතියක් රජයේ තීරණවලට එකඟ නොවී ඉදිරියට යන්නේ නම් රාජ්‍ය බලය යොදා එම වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගය නතර කළ යුතු බව මහනුවර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර එස්. බී. දිසානායක මහතා ඊයේ (15 දා) පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

Read More

චීනයේ ටියැන්ගොං අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඉදිකිරීමේදී සිදුකළ කාර්ය මණ්ඩලයක් අභ්‍යවකාශය වෙත යැවුණු දෙවැනි මෙහෙයුම මෙයයි.

Read More

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය සිව්වන වරටත් හිමි කර ගැනීමට මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අද(15) සමත් වි​ය.

Read More

2021 ඔක්තෝබර් 16 වනදා සිට 31 දක්වා ක්‍රමිකව රට තවදුරටත් විවෘත කර තැබීමට අදාළව අනුගමනය කළ යුතු නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

Read More

ගලවා ගැනීමේ නිලධාරියෙකු පවසා තිබුණේ තුවාල ලැබූ තරුණයින් මේ වන විට අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කර ඇති බවයි.

Read More

කාබනික පොහොර වැඩපිළිවෙළ දේශපාලනීකරණය කරන්න සමහරු උත්සාහ දරන බව මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Read More

මොනරාගල දඹගල්ල කහටපිටිය වැවේ මල් නෙලීමට ගිය 14 හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් අද දහවල් ගිලී මියගොස් ඇත.

Read More

ජොන්සන් සහ ජොන්සන් කොවිඩ්-19 මර්දන එන්නතෙහි දෙවැනි මාත්‍රාවක් ලබා දීම සඳහා නිර්දේශ කිරීමට එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනයේ උපදේශක මණ්ඩලය ඡන්දය ලබාදී තිබුණි.

Read More

2015 වසරේදී දිවිනැගුම මුදල් අවභාවිතා කිරීමේ සිද්ධියේ විත්තිකරුවන් වන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ හිටපු දිවිනැගුව අධ්‍යක්ෂ කිත්සිරි රණවක අධිචෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

Read More

මුතුරාජවෙල අභයභූමිය ගොඩකිරීම හා මත්තල ප්‍රදේශයේ සිදුකරන වන විනාශය සම්බන්ධයෙන් තරාතිරම නොබලා වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

Read More

2016 වසරේදී එරට කම්කරු පක්ෂ මන්ත්‍රී ජෝ කොක්ස් සිය මැතිවරණ කොට්ඨාශයේදී ඝාතනය කිරීමෙන් පසු මෙවැනි ඝාතනයකට ලක්වූ බ්‍රිතානයේ දෙවැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඔහුය.

Read More

දැනට ක්‍රියාත්මක පළාත් සංචරණ සීමා 21 වන බ්‍රහස්පතින්දා දක්වා දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරේ. ලබන 19 සහ 20 දිනවල යෙදී ඇති නිවාඩු දින සමග දීර්ඝ සති අන්තයක් යෙදී ඇති බැවින් සියලුම පළාත් මායිම්වලදී ගමනාගමන කටයුතු දැඩිව පරීක්ෂාවට ලක් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අංශඅවලට නියෝග කළේය.

Read More

මාලිම්බඩ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අනිද්දා (17) පැය 8ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම්දෙයි.

Read More

චීනය විසින් අද වනවිට මියන්මාරයට කොවිඩ්-19 එන්නත් මිලියන 26.6ක් ලබා දී ඇති අතර, එයින් මාත්‍රාවන් මිලියන 5.9ක් පරිත්‍යාග ලෙස ලබාදී ඇත.

Read More

හයිලන්ඩ් කිරිපිටි මිලද ඉහළ දැමීමට තීරණය කළ බව මිල්කෝ සමාගමේ සභාපතිවරයා පවසා සිටියි.

Read More

කොවිඩ් වයිරසය වැළදී සුවය ලබන දරුවන්ට සති දෙකත් හයත් අතර කාලයේ දී වැළදෙන මල්ටිසිස්ටම් ඉන්ෆ්ලැමෙටරි සින්ඩ්‍රෝම් රෝගයේ යළි වර්ධනයක් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පවසනවා.

Read More

අපි බලාපොරොත්තු වුණු වේගයට රට ගෙනයන්න බැරි වුණු බවත් අකමැත්තෙන්වුවත් බඩු මිල වැඩි කරන්න සිදුවූ බව හා ජනතාව පෝලිමේ තියන්න සිදුවූ බවත් රජයේ කැබිනට් ප්‍රකාශක හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද(15) අම්බලන්ගොඩ මාදම්පාගමදී කීවේය.

Read More

ගිනි ගැනීමෙන් විනාශ වී මුහුදුබත්ව ඇති එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ අධීක්‍ෂණය මත සිදුකෙරෙන බව අධිකාරියේ සභාපතිනි දර්ශනී ලහඳපුර මහත්මිය සඳහන් කළාය.

Read More

පාසල් දරුවන්ට කොරෝනා මර්දන එන්නත් ලබා දීමේ වැඩසටහන අද (15) කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භ වෙයි.

Read More

මොරටුව එගොඩඋයන පොලිස් බල ප්‍රදේශයේ තරුණයකු විසින් මහලු පුද්ගලයෙකුට පාපැදියක් ඇඟට කපමින් විහිළුවට දැමූ වෙට්ටුව වැරදියියි මහලු පුද්ගලයා කාණුවකට වැටී ඊයේ (14දා) මියගොස් ඇති බව මොරටුව එගොඩඋයන පොලීසිය පවසයි.

Read More

රත්නපුර වේවැල්වත්ත බටේපොල ප්‍රදේශයේදි ව්‍යාජ ලෙස රියදුරු බලපත්‍ර සකස් කළ පුද්ගලයින් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මේ අතර විශ්ව විද්‍යාල සිසුන් සඳහා දැනට ක්‍රියාත්මක වන කොවිඩ් එන්නත්කරණ වැඩසටහන අද දිනයේ අවසන් විමට නියමිතය.

Read More

දිවයිනට බස්නාහිර, නිරිත සහ දකුණු දෙසින් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ සඳහා අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

යම් සීමාවන්ට යටත්ව ලිහිල් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ ජනතාව විසින් ලිහිලට ගතහොත් මේ භයානක කොවිඞ් රැලි ඇතිවිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ප‍්‍රකාශ කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.