saravita-anim2

2025 ඔක්තෝබර් මස 07 වන අඟහරුවාදා

2025 ඔක්තෝබර් මස 07 වන අඟහරුවාදා

Latest News - timelapse 3172 hours ago

LATEST

E shift Concept center කොළඹදී ඇරඹෙයි

calendar_today 2023 ඔක් 11 - 17:41 remove_red_eye - 1499  

විදුලි වාහන සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පුද්ගලයින්ට ඒ පිලිබඳව තොරතුරු ලබා දීම සහ තිරසාර ප්‍රවාහන විසඳුම්වල වැදගත්කම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සහ පොසිල ඉන්ධන මත පදනම් වූ ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය විදුලි වාහන දෙසට නැඹුරු කිරීමේ අරමුණ ඇතුව E shift Concept center කොළඹදී අද (11) විවෘත විය.

පවතින යුදමය වාතාවරණය හමුවේ ඊශ්‍රාලය වෙත ශ්‍රමිකයන් යොමු කිරීම තාවකාලිකව අත්හිටුවීමට විදේශ රැකියා අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

Read More

දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල තලකිරියාගම ප්‍රදේශ්යේදී සිදු වූ රිය අනතුරකින් බරපතළ තුවාල ලබා දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පොලිස් කොස්තාපල්වරිය් අද මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.

Read More

අහුන්ගල්ල පතිරාජගම අද (11) දහවල් දෙපිරිසක් අතර ඇසිඩ් ප්‍රහාරයක් හා තියුණු ආයුධයකින් පහරදීමකින් අටදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි.

Read More

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින වැසි තත්වය හේතුවෙන් විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමිම ආරම්භව ඇති බව එම ජලාශය භාර නිලධාරියකු පැවසිය.

Read More

සිය අනියම් බිරිඳට කොස්සකින් සහ අතින් පයින් පහරදී ඔසවා පොලොවේ ගසා ඝාතනය කිරීම සම්බන්දයෙන් චෝදනා ලැබූ විත්තිකරුවෙකු වරදකරු කරමින් කළුතර මහාධිකරණ විනිසුරු ප්‍රදීප් එම්. අබේරත්න මහතා විසින් අද (11) මරණ දඩුවම නියම කලේය .

Read More

මේජර් ජෙනරාල් නිලයට බ්‍රිගේඩියර්වරුන් 07ක්, බ්‍රිගේඩියර් නිලයට කර්නල්වරුන් 12ක්, කර්නල් නිලයට ලුතිනන් කර්නල්වරුන් 37ක්, ලුතිනන් කර්නල් නිලයට මේජර්වරුන් 41ක්, මේජර් නිලයට කපිතාන්වරුන් 50ක් උසස් කර ඇත. ලුතිනන්වරුන් 84 දෙනෙක් කපිතාන් නිලයටත් දෙවන ලුතිනන්වරුන් 83 දෙනෙක් ලුතිනන් නිලයටත් උසස් කර තිබේ.

Read More

දකුණු පළාත මූලික කර ගනිමින් සිදුවන මත්ද්‍රව්‍ය ජවාරම්වලට හා සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීමට පොලිස්පතිවරයාගේ උපදෙස් මත විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා එළඹෙන 14 වැනිදා චීනය බලා පිටත්ව යාමට නියමිතය.

Read More

වයස අවුරුදු 05 ට අඩු මරණ සංඛ්‍යාව සජීවී දරු උපත් දහසකට 12.3 වැනි අගයක් දක්වා අහිතකර ලෙස වර්ධනය වී ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් සෞඛ්‍ය අමාත්‍යංශය සම්බන්ධයෙන් නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

Read More

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ සාර්ථකම හඹා යාමට හිමි වාර්තාව තම රට ඉදිරියේදී තබා ගනිමින් ශ්‍රී ලංකාවට එරෙහිව ලෝක කුසලාන තරගාවලියේ පැවැති තරගයෙන් කඩුලු 6ක පහසු ජයක් වාර්තා කිරිමට පාකිස්තාන කණ්ඩායම සමත්විය.

Read More

පියා රටේ ජනාධිපතිවරයෙකු වූ පමණින් දරුවාට ’බැට්න් එක’ ප්‍රදානය කිරීමට නොහැකි බවත්, කාලානුරූපව අදාළ නායකත්වය බිහිවනු ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පැවසීය.

Read More

අයහපත් කාලගුණය මත ගාලු , මාතර දෙදිසාවේ ගංවතුරට යටවූ පාසල් හා ගංවතුර නිසා අවතැන් කදවුරු පවත්වාගෙන යන පාසල් හැර අනෙක් සියලුම පාසල් හෙට (11දා) සිට විවෘත කෙරෙන් බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

Read More

විදුලි සැර වද්දවා අලියකු මරා දැමිමේ චෝදනාවට වරදකරු වු අයකුට මුදලින් රුපියල් ලක්ෂ පහක දඩ මුදලක් තින්දුව දුන් දිනම ගෙවන ලෙසත් නඩුවට සම්බන්ධ සියලුම නඩු භාණ්ඩ රාජසන්තක කරන ලෙසත් පුත්තලම මහෙස්ත්‍රාත් මිහිල් චිරන්ත සතුරුසිංහ මහතා 10 දින නියෝග කෙරුණි.

Read More

අමනාප වූ පෙම්වතියගේ නිරුවත් ඡායාරූප විශාල කර ඇයගේ නිවස ඉදිරිපිට ගේට්ටුවෙ ඇල වූ බව කියන තරුණයකු අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය කියයි.

Read More

ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ට ලකුණු 344ක් රැස් කළේය.

Read More

ශ්‍රී ලංකාවට ආර්ථික සමෘද්ධිය උදාකර ගැනීමට ඇති එකම මාර්ග වන්නේ මෙරට භූගෝලීය පිහිටීම සහ මානව සම්පත පමණක් බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට ගොඩනැගීම වෙනුවෙන් මානව සම්පත උපරිමයෙන් භාවිතයට ගැනීම අරමුණ බව පැවසීය.

Read More

අන්තර්ජාලයෙන් සම්බන්ධ වී මුදල් ඔට්ටුවට තරගයට අනතුරුදායක අයුරින් යතුරුපැදි ධාවනයේ යෙදුණු තරුණයන් සිව් දෙනකු යතුරුපැදි හතක් සමඟ අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියයි’

Read More

පාසල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය මානව හා භෞතික සම්පත් ඉදිරි අයවැය මගින් සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බවත් ඒ අනුව විදුහල්පති හිඟය මගහැරවීම උදෙසා නොවැම්බර් මස මුල දී විදුහල්පති පත්වීම් 4718ක් ලබා දෙන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

Read More

මෙතෙක් කළක් කඩදාසි මාධ්‍ය උපයෝගී කර ගෙන පවත්වා ගෙන ගිය ගගන නාවික තොරතුරු සන්නිවේදන ක්‍රියාවලිය 10/10 දින උදෑසන සිට ඩිජිටල්කරණය කිරීමට කටුනායක ගුවන් තොටුපොළ පැවති උත්සවයක දී පියවර ගත්තේය.

Read More

රථ වාහන වරදක් සම්බන්ධයෙන් නිතීය ක්‍රියාත්මක නොකිරීමට රැපියල් දාහක අල්ලස් මුදලක් ලබාගත් කන්තලේ මුලස්ථාන පොලිසියේ පොලිස් කොස්තාපල්වරයෙකු හා සැරයන්වරයෙකුගේ සේවය අත්හිටුවීමට කන්තලේ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා ඊයේ (09දා) කටයුතු කලේය.

Read More

නිවසේ මිදුල අතුගාමින් සිටි කාන්තාවක් මිදුලේ පිහිටි අනාරක්ෂිත වැසිකිලි වලකට වැටීමෙන් ඊයේ (10දා) උදේ මාපලගම අළුත් ඉහල කොළඹ කඩේ ප්‍ර දේශයේදී මියගොස් තිබේ.

Read More

මේ අනුව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරිම්හි අංක 01 සිට 1000 දක්වා වන විදේශ විශ්වවිද්‍යාල වල පිරිනමන වෛද්‍ය උපාධි මෙරට පිළිගැනිමට හැකිවන පරිදි මෙසේ නීති පැනවීමට නියමිතය.

Read More

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර තරගය අද දිවා රාත්‍රී තරගයක් ලෙසින් හයිද්‍රාබාද්හිදී පැවැත්විමට නියමිතව තිබේ.

Read More

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ඇති පර්යේෂණ ගොවිපොළවල දෛනික වැටුප් පදනම යටතේ සේවය කරන කම්කරුවන්ට දැනට ලබා දෙන දීමනාව කිසිසේත්ම ප්‍රමාණවත් නොමැති බවත්, මේ නිසා එම පර්යේෂණ ගොවිපොළවල සේවය කරන කම්කරුවන් හිඟවීම නිසා ගොවිපොළ කටයුතුවලට බාධා එල්ල වී ඇති බවත් අදාල බලධාරින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා දැනුම්වත් කරනු ලැබීය.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රචලිත විදේශගත සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයන්ගේ නම සදහන් කරමින් දුරකථන ඇමතුම් මගින් කටුනායක ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරිකයන්ට මරණීය තර්ජනය එල්ල කර කප්පම් මුදල් ලබා ගැනීමට තැත් කළ පුද්ගලයෙකු ඊයේ (09) රාත්‍රී කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

වව්නියාව මඩුකන්ද පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් පිරිසක් ගමන් ගත් කැබ් රථයක් හොරොව්පතාන මාර්ගයේ රම්බකුලම් කිලෝමීටර් 02 කණුව අසලදී මාර්ගයේ සිටි ගවයෙකුගේ ගැටී රියදුරුට රථය පාලනය කර ගැනිමට නොහැකිව පෙරළී ගොස් අනතුරක් සිදුව තිබේ.

Read More

අධිකරණ නියමය අනුව ඥාතීන්ට බාරදුන් ජනශක්ති රක්‍ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය ආදාහනය කිරීමට අවසර දීමට හැකියාව ඇද්දැයි සොයා බලා දැනුම්දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය පංචපුද්ගල විශේඥ වෛද්‍ය මණ්ඩලයට ඊයේ (09දා) දැනුම් දුන්නාය.

Read More

ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් ත්‍රෛනිකායික ජාතික භික්ෂු එකමුතුව විසින් බලගන්වන රට හදන මග ප්‍රතිපත්ති ප්‍රකාශනය මේ මස මේ මස 14 වැනි දින මිහින්තලා රජ මහා විහාර පරිශ්‍රයේ මැද මළුවේ දී එළිදක්වන බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති .

Read More

ගුවන් නියමුවෙකුට රුපියල් මිලියන 4ක, (ලක්ෂ 40 ක) මාසික වේතනයක් ලබා දෙනවා. නමුත් ඔවුන් ලෝකයේ දියුණු ගුවන් සමාගම් ලබාදෙන ඉහළ වැටුප් පෙන්වමින් වැඩි වැටුපක් ඉල්ලා සිටිනවා. නමුත් මේ මොහොතේ එවැනි වැටුප් වැඩිවිමක් ලබාදීමට හැකියාවක් නැහැ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.